[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුට

සතුට

බොහෝ අය ජීවිතයේ බාධක, කරදර මැද දිවි ගෙවනවා. ඒ ගැන අනුන්ට දොස් පවරනවා. එහෙත් , ඔබට බාධා කරන්නේ වෙන කවුරුවත් නොවෙයි.

ඔබම යි. ඔබේ ගැටලුව වෙන කවුරුවත් නොවෙයි. ඔබම යි. යම් යම් දේ පිළිබඳ ඇලී ම, යම් යම් දේ මඟින් පාලනය වීම වැනි අයහපත් දේ ඔබ වෙතින් අතුරුදහන් විය යුතුයි. තථාගත බුදුරජාණන් වහන්සේ ඔබගේ අධ්‍යාත්මික ගමන් මග තුළ බොහෝ අවහිර බාධා ඇති බව පවසා තිබෙනවා. ඒත් බාධක මැඩගෙන ඉදිරියට යා යුතුයි.

ඔබට එය කළ හැකියි. ඔබ එයින් ලබන තෘප්තිය, සතුට අති විශිෂ්ටයි. ඒ සතුට වෙනුවෙන් අත්හැර යාමට නිර්භීත විය යුතුයි. ජීවිතයට සතුට ළඟාවෙන්නට, විමුක්තිය ලබන්නට ඔබ නිර්භීත විය යුතුයි සිතන්න. ඔබ දැන් හිරගෙදර සිටිනවා වගේ දැනෙනවා නේද? දැන්ම ඒ හිර කූඩුවේ දොර විවෘත වී ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. සමහර හිරකාරයන්ට හිර කූඩුවෙන් එළියට ඇවිත් නිදහස් වෙන්න ඕනෑකමක් නෑ . තමන් හිර වී සිටින හිරකූඩුවේ දොර විවෘතව ඇතත් එළියට යන්නට ඕනෑකමක් නැහැ. හිරගෙදර දොරෙන් එපිට තිබෙන ලෝකය ගැන බයයි. සතුටු වෙන්න බයයි.

ඔබ ඔබේ අතීතය නමැති සිරගෙයට කොටු වී ඉන්නවා ඇති. එනම් අතීතයේ කළ වැරැදි ගැන සිතමින් සිරගෙයට කොටු වී ඉන්නවා ඇති. නිර්භීත වෙන්න. ඕනෑම අවදානමකට මුහුණ දී කටයුතු කිරීමට නිර්භීත වෙන්න. හිතේ සාමය ඇති කර ගන්න. හිත නිදහස් කර ගන්න. සතුට ඔබ වෙත එන්නට ඉඩ හරින්න. කුමක් හෝ වැරැද්දක් කොහේ හෝ සිදු වී ඇතැයි නොසිතන්න.

ඔබ, බිත්තරය බිඳගෙන එළියට ආ පුංචිම පුංචි කුරුල්ලෙක් වගෙයි. එළියට එන්න මේ පුංචි කුරුල්ලත් හරිම බයයි. බිත්තර කටුවෙන් එළියට ඇවිත් හා හා පුරා කියා අහසට පියාඹන්න ඊටත් වැඩිය බයයි. ඒත් පියාඹන්න පටන් ගත්තා ම අම්මාට තාත්තාටවත් නවත්වන්න බැහැ. පුංචි කුරුල්ලා තනියම පියාඹා යාවි. ඒක ත මයි කුරුල්ලාගේ අනාගතය. නිදහසේ පියාඹන්න කියන්නේ ඒකටයි.

මේ නිිසා නිදහස ගැන බිය වෙන්න එපා. සතුට ගැන බිය වෙන්න එපා. බාධා ඇති වේවි. ඒත් සතුට කරා යන මාර්ගය දිගේ යන්න. නිදහස කරා යන මාර්ගය දිගේ යන්න. සාමය කරා යන මාර්ගය දිගේ යන්න. සතුටින් ඉන්න. එවිට ඔබට සතුට ලැබේවි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]