UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

ගල් විහාරය

පොළොන්නරුව ගල් විහාරය ආශි‍්‍රත ප්‍රදේශය ඇතුළු නුවර, පිට නුවර හා පූජනීය පෙදෙස වශයෙන් කොටස් තුනකි. ඇතුළු නුවරට අයත් ප්‍රදේශයේ පිහිටා ඇත්තේ වෛජයන්ති ප්‍රාසාදය නම් වූ පරාක්‍රමබාහු රාජසභා මන්දිරය ආදිය යි. පූජනීය පෙදෙස තුළ ථූපාරාමය, වටදාගෙය, හැටදාගෙය, අටදාගෙය නම් වූ දළදා මන්දිරය, පබළු වෙහෙර හා මැණික් වෙහෙර නම් වූ ස්තූප දෙක ද ශිව දේවාලයන් දෙකක් ද සත් මහල් ප්‍රාසාදය නම් වූ සුවිශේෂ ගොඩනැගිල්ල ද නිමවා ඇත. සත් මහල් ප්‍රාසාදය විශේෂ ආකෘතියකට අනුව නිමැවූ ස්තූපයක් බව සමහරු අදහස් කරති. මෙම පෙදෙසට අයත් නිශ්ශංකලතා මණ්ඩපය එහි ඇති කැටයම් නිසාම වැඩි දෙනාගේ අවධානයට යොමු වූ නිර්මාණයකි.

පිටනුවරට අයත් ප්‍රදේශයේ පූජනීය ස්මාරක රාශියකි. භික්ෂූන් වහන්සේ දහස් ගණනක් වාසය කළ ආලාහන පිරිවෙන් සංකීර්ණය මෙම කොටසට අයත් ය. භික්ෂූන් වහන්සේ පොහෝ පැවරුණු කර්ම සිදුකළ බද්ධසීමා ප්‍රාසාදය, ලංකාතිලක පිළිම ගෙය, තිවංක පිළිම ගෙය, ගිලන් හල හා භික්ෂූන් වැඩ සිටි කුටි රාශියක් හා ජල පරිහරණය සඳහා ඉදිකළ පොකුණු කිහිපයක් ද මෙහි දක්නට ඇත. පොළොන්නරු රාජධානියේ පිහිටි විශාලම ස්තූපය වූ රන්කොත් වෙහෙර හා කිරි වෙහෙර පිට නුවරට අයත් ය. පිටනුවරට අයත් වැදගත්ම ස්ථානය ගල් විහාරය යි. මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදි කරවන ලද මෙම විහාරය උත්තරාරාමය ලෙස ද හැඳින් වේ. පරාක්‍රමබාහු රජ සමයේ දී සංඝ සාමගි‍්‍රය ඇතිකරමින් ශාසනශෝධනයක් සිදුකර පිහිට වූ ශාසන කතිකාවත පිහිටුවා ඇත්තේ ද මෙම ස්ථානයේ ය. එය හැඳින්වෙන්නේ පොළොන්නරු කතිකාවත යන නමිනි.

****

දම් පාසල් මවුනි!

සිත තුළ පැතිර ඇති වෛරය උදුරන්න
යහගුණ දම් වඩා මෙත් සිත පතුරන්න
ගුණදම් සපිරි නැණ සයුරක කිමිදෙන්න
සීලානන්ද දම් පාසල සැරදෙන්න

ගුණ දම් පිරි කුසුමන් විකසිත වන්න
චංචල සිත බුදු දහමින් සනසන්න
ලක් මෑණියගෙ යහගුණ දම් වඩවන්න
දම් පාසල සැම දිනකම වැජඹෙන්න

****

මඝ මානවකතුමා

ඔන්න ඉස්සර කාලේ මඝ මානවක කියලා තරුණයෙක් හිටියා. ඔහු හරිම හොඳයි. ඔහුට ගොඩක් යාළුවෝ හිටියා. නිතැතින්ම ගුණාංග කිහිපයක් සමාදන් වෙලා හිටියා. මවුපියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, මං මාවත් ඉදිකිරීම, බොරු නොකීම, අසරණ අයට ගෙවල් හදා දීම, වතුර බීමට පින්තාලි සෑදීම ආදී විශාල වැඩ කොටසක් මඝමානවක තුමා යහළුවන් සමඟ එක්ව සිදුකළා. ඒ සියල්ලෝම මරණින් පසු දෙව්ලොව ඉපදුණා.

****

රාහුල මම වෙමි

මගේ බුදු පියාණෙනි ඔබෙ රුව සිතෙහි දරා
නරසීහ ගාථා විලසින් තුන් ලොව පතුරා
ගී පද ඇමිණුවා අම්මා යසෝධරා
මගේ සිත පිනා ගියේ ඇයි පවසනු කවරා

වෙසතුරු සිරිතෙ ජාලිය මම පියාණෙනි
සිදුහත් සිරිතෙ රාහුල මම පියාණෙනි
පාරමිතා පලසයි ඔබෙ පියාණෙනි
වස්තුව එපා මොක්සුව ඇති පියාණෙනි

****

සැරියුත් මහරහතන් වහන්සේ

සැරියුත් මහරහතන් වහන්සේගේ විශිෂ්ට වූ ගුණ සමුදාය අතර අසීමිත ගුරු ගෞරවය සැමගේ නිති පැසසුමට ලක් වූවකි. තමන්ට නිවන් මග පෙන්වා දුන් අස්සජී මහරහත් තෙරණුවන් සිටි දිශාවට දිනකට තෙවරක් නමස්කාර කළ උන්වහන්සේ එදෙසට හිස ලා සැතපුණු බව ද සාරිපුත්ත අපදානයෙහි දැක්වෙයි. එසේම කුඩා සාමණේර නමක් පෙන්වා දෙන අඩුපාඩුවක් වුව ද පිළිගැනීමට තරම් උන්වහන්සේ නිහතමානී වූහ. දිනක් උන්වහන්සේ විහාර මළුවේ සක්මන් කරමින් සිටින අතරතුර නොදැනුවත්ව ම සිවුරේ එක් කොනක් පහතට එල්ලෙමින් බිම ගෑවෙනු අවස්ථාවේදී සත් හැවිරිදි සාමණේර නමක් එය දැක පැවසූ අවස්ථාවේ දී සැරියුත් තෙරණුවෝ එම අවවාදය නිහතමානීව පිළිගත්හ.

****

සතර බ්‍රහ්ම විහරණ

බ්‍රහ්ම ලොවට අධිපති මහා බ්‍රහ්මයා තුළ මේ උත්තම ගුණාංග සතර පිහිටා ඇත. මෙසේ වූ සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් මෛත්‍රී බ්‍රහ්ම විහරණය වැඩීමට කැමැති තැනැත්තා විසින් ලොකු කුඩා සියලුම අකුසල් දුරු කොට ගෙන විවේක ස්ථානයක සිට භාවනා වැඩිය යුතු ය. මෙසේ භාවනා වැඩීමට කැමැති තැනැත්තෝ පළමුව ද්වේශයෙහි, තරහ වීමේ ආදීනවයන් සිහි කළ යුතු අතර, මෙත් වැඩීමේ යහපත ද අවබෝධ කරගත යුතු ය. ද්වේශයේ පවතින වැරැදි බව, දුර්වල බව අවබෝධ කර ගැනීමෙන් තොරව කිසිවිටෙකත් මෛත්‍රීය වැඩීමට හැකියාවක් නැත. අප තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘මහණෙනි, ඉවසීම වනාහී පරම තපසයි. එසේ ඉවසීමෙන් යුක්තව මෛත්‍රිය පදනම් කොට ගෙන වාසය කරන්නාට මම බ්‍රාහ්මණයා යැයි කියමි යනුවෙන් වදාළ සේක.

****

හිමිදිරි උදෑසනක්

****

කිසාගෝතමියට දම් දෙසීම

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]