පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ
සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ 70 වන සංවත්සර මහෝත්සවය
පානදුර දිබ්බැද්ද මොරවින්න පුරාණ විහාරස්ථ සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයට වර්ෂ 70 ක්
සපිරේ. චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මනුෂ්‍යත්වයෙන් පොහොසත්
සංවේදී විනයගරුක දූදරු පිරිසක් බිහිකිරීමටත් සමාජ අභිවර්ධනය පිණිසත් මෙමඟින් ඉටුකළ
සේවය අතිවර්ණිත ය. මෙම අත්‍යුත්තර මෙහෙවර අනුස්මරණය කෙරෙන සැමරුම් උත්සවය දෙසැම්බර්
09 වන දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ
ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේගේ සහ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ
සහභාගීත්වයෙන් පැවැත්විණි.
අමරපුර මහා නිකාය හා බැඳුණු මහ සඟ පරපුරක ආශීර්වාදය මධ්‍යයේ බැබළීමට පත්වූ මෙම
විහාරස්ථානයේ ආදි කර්තෘන් ලෙස අපවත් වී වදාළ පීක්කුලමේ සංඝරතන මා හිමි, කහතුඩුවේ
පඤ්ඤාරතන නා හිමි, දෙල්දූවේ ඤාණරතන අධිකරණ නා හිමි, ගොරකානේ පේමරතන අධිකරණ නා හිමි,
පරණගම, සෝමාලංකාර අධිකරණ නා හිමි, ශාස්ත්‍රාචාර්ය කරතොට විමලරතන ස්වාමීන්ද්‍රයන්
වහන්සේ ඇතුළු යතිවරයන් වහන්සේලා සුධර්මාරාම පුරාණ විහාර වංශ කතාවේ ලේඛනගතව ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැමට පොදු වූ පංච ධර්මතා
මේ ලෝකයේ බොහෝ දේ සෑම කෙනෙකුටම පොදුවේ එක සමාන අයුරින් බල නොපානු ඇත. උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, කුලවත් – කුලීන, ධනවත් – දුප්පත් ආදි සෑම අංශයක ම
ජීවත් වන්නවුන්ට එක සමාන අයුරින් බලපාන්නා වූ ධර්මතා පහක් අංගුත්තර නිකායේ පංචක
නිපාතයේ දෙවන පණ්නාසයට අයත් ඨාන සූත්‍රය තුළින් බුදුරදුන් පෙන්වා දී ඇත. එම ධර්මතා
අද යුගයට වුව ද ඉතා වැදගත් වන අතර, ඒවා පිළිබඳ නොසිතීම තුළින් අද සමාජය තුළ විවිධ
ප්‍රශ්න, ගැටලු පැන නැඟීමට හේතුවක් වී ඇත. එම සූත්‍රය තුළින් පැහැදිලිකොට ඇත්තේ
ජීවිතය පිළිබඳ මොහොතක් පාසා සිතිය යුතු ආකාරයත්, එය භාවනාවක් කොට ජීවත්වන ආකාරයත්
පිළිබඳවයි.
“පඤ්චිමානි භික්ඛවේ ඨානානි අභිණ්හං පච්චචෙක්ඛිතබ්බානි
ඉත්ථීයා වා පුරිසේන වා,ගහට්ඨෙන වා, පබ්බජිතෙන වා කතමානි පඤ්ච”
මහණෙනි, මෙම කරුණු පස ස්ත්‍රිය විසින් ද, පුරුෂයා විසින් ද, ගිහියා විසින් ද,
පැවිද්දා විසින් ද නිතර මෙනෙහි කළ යුතු ය. කවර කරුණු පසෙක් ද යත්. මෙහි දී බුදුහිමි
සමාජයේ ජීවත්වන සියලුම දෙනා හසුවන සේ එම ප්‍රකාශය කොට ඇත. ස්ත්‍රීන්, පුරුෂයින්,
ගිහියන්, පැවිද්දන් යන සමාජයේ ඇති ප්‍රධාන කොටස් දෙක වන ගිහි පැවිදි දෙපක්ෂයම
කැටිකොට සෑම සත්වයෙකුටම පොදු වූ ධර්මතා හා එම ධර්මතා තුළින් පැන යෑමට නොහැකි ආකාරය
මනාව දේශනා කොට ඇත. එම කරුණු එකින් එක ගෙන හැර දැක්වීමේ දී ඒ බව මනාව පැහැදිලි වනු
ඇත.
ඉතිරිය»
දුකෙහි දී පිහිට වී දනන් සිත සුව සදන
මහා යතිවර ලකුණ
තමන් සතු යමක් තවත් කෙනෙකුට පිරිනැමීම
හෙවත් දීම ලෙහෙසි පහසු නොවේ. ඊට ප්‍රධාන හේතුව නම් ලෝභය
නම් වූ අකුසල මූලය සිත තුළ මුල් බැසගෙන ඇති හෙයිනි. එහෙත්
එය තදංග වශයෙන් හෝ යටපත් කර ගත්තේ නම්, කරුණා පෙරදැරිව
පරිත්‍යාග කිරීමේ කුසල චේතනාව හදවත තුළ පහළ වේ.
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි අනුන්ගේ දුකට පිහිට වී
ඔවුන් සුවපත් කිරීම උදාර පින්කමකි. එසේ මහඟු පින්කම්හි
නිරත වන ආදර්ශය බෞද්ධයන් ලෙස අප වෙත උරුම වූයේ අසිරිමත්
සම්බුදු සිරිතේ හා සම්බුදු දහමේ ආශිර්වාදයෙනි. ඒ සම්බුදු
මග අනුව යන ලෝකවාසී බෞද්ධයන් අතර, අපේ රටේ ගිහි පැවිදි උභය
සමාජයම පරිත්‍යාග කිරීමෙහි ගුණයෙහි පිහිටා කටයුතු කරන බව
ඉතා ප්‍රකටය.මේ අතර සම්බුදු සසුන ශෝභාවත් කරමින් පූජනීය
සම්භාවනීය මහ සඟරුවන ශාසනික, ආගමික සුවිසල් මෙහෙවරක
නිරතුරුව යෙදී සිටින අතර සමාජ ශුභ සාධනය කෙරෙහි ද
අප්‍රමාණව වෙහෙස මහන්සි වී ක්‍රියා කරති. ආර්ථික වශයෙන්
විවිධ අපහසුතා ඇති අය වෙත පිහිට වී ඔවුන්ගේ දිවිමග සවිමත්
කර ගැනීමට දිරිදීම වෙසෙසින්ම පැසසිය යුතු ආදර්ශවත්
ක්‍රියාවකි. කෙනෙක් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වුව ද
ඉගෙනීම හෙවත් අධ්‍යාපනය අඛණ්ඩව ලැබීම තුළින් සමාජයේ උසස්
යැයි සම්මත කවර තරාතිරමක වුව ද සමාජ තත්ත්වයකට පත්වීමට එය
මහඟු අත්වැලක් සපයනු ඇත. දිවිමග එළිය කර ගැනීමට
නිරන්තරයෙන් මග කියනුයේ නිසි අධ්‍යාපනය ලැබීමයි.
ඉතිරිය» |