UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුරුංගාගස්යායේ ඤාණිස්සර
නා හිමි

 

දුකෙහි දී පිහිට වී දනන් සිත සුව සදන මහා යතිවර ලකුණ

 

තමන් සතු යමක් තවත් කෙනෙකුට පිරිනැමීම හෙවත් දීම ලෙහෙසි පහසු නොවේ. ඊට ප්‍රධාන හේතුව නම් ලෝභය නම් වූ අකුසල මූලය සිත තුළ මුල් බැසගෙන ඇති හෙයිනි. එහෙත් එය තදංග වශයෙන් හෝ යටපත් කර ගත්තේ නම්, කරුණා පෙරදැරිව පරිත්‍යාග කිරීමේ කුසල චේතනාව හදවත තුළ පහළ වේ. මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි අනුන්ගේ දුකට පිහිට වී ඔවුන් සුවපත් කිරීම උදාර පින්කමකි. එසේ මහඟු පින්කම්හි නිරත වන ආදර්ශය බෞද්ධයන් ලෙස අප වෙත උරුම වූයේ අසිරිමත් සම්බුදු සිරිතේ හා සම්බුදු දහමේ ආශිර්වාදයෙනි. ඒ සම්බුදු මග අනුව යන ලෝකවාසී බෞද්ධයන් අතර, අපේ රටේ ගිහි පැවිදි උභය සමාජයම පරිත්‍යාග කිරීමෙහි ගුණයෙහි පිහිටා කටයුතු කරන බව ඉතා ප්‍රකටය.මේ අතර සම්බුදු සසුන ශෝභාවත් කරමින් පූජනීය සම්භාවනීය මහ සඟරුවන ශාසනික, ආගමික සුවිසල් මෙහෙවරක නිරතුරුව යෙදී සිටින අතර සමාජ ශුභ සාධනය කෙරෙහි ද අප්‍රමාණව වෙහෙස මහන්සි වී ක්‍රියා කරති. ආර්ථික වශයෙන් විවිධ අපහසුතා ඇති අය වෙත පිහිට වී ඔවුන්ගේ දිවිමග සවිමත් කර ගැනීමට දිරිදීම වෙසෙසින්ම පැසසිය යුතු ආදර්ශවත් ක්‍රියාවකි. කෙනෙක් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වුව ද ඉගෙනීම හෙවත් අධ්‍යාපනය අඛණ්ඩව ලැබීම තුළින් සමාජයේ උසස් යැයි සම්මත කවර තරාතිරමක වුව ද සමාජ තත්ත්වයකට පත්වීමට එය මහඟු අත්වැලක් සපයනු ඇත. දිවිමග එළිය කර ගැනීමට නිරන්තරයෙන් මග කියනුයේ නිසි අධ්‍යාපනය ලැබීමයි.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]