UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සරණාගමනයෙහි විපුල ඵල

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භය තජ්ජිතා

නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සරණ මුත්තමං
නෙතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති

සකල සතවෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්ගි දත්ත තම් පුරෝහිත බමුණාගේ තවුස්දම් පිරීම නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. දඹදිව සොළොස් මහ ජනපදයන් අතර කෝසළ රාජ්‍ය පාලක වූ කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉතා ප්‍රසන්න තාවයෙන් ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසනය කළහ. මෙම රජතුමාගේ අනුශාසක හෙවත් පුරෝහිත අග්ගිදත්ත නම් බමුණා මහරජුගේ අභාවයෙන් පසුව පුත්‍ර රාජකුමාරයාටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කළේය. ක්‍රමයෙන් මහලුවයසට පැමිණි විට රජතුමාගෙන් අවසර ගෙන තාපස පැවිද්දෙක්ව සහපිරිවරින් ආශ්‍රමයක විසූහ. මගධ හා කූරුරට ආශි‍්‍රතව විශාල පිරිසක් මොහුගේ තවුස් පිළිවෙතට පැහැදී ශ්‍රාවක බවට පත්වූහ. අග්ගිදත්ත තාපසතුමා තම ශ්‍රාවකයන්ට අනුශාසනා කරන්නේ, යමෙකුට රාගාදී කෙලෙස් හැඟීමක් පහළවූවිට එය සිතින් බැහැර කිරීමට නියමිත ස්ථානයකට වැලිගොටුවක් දැමිය යුතුය යන සම්මතය නියම කළහ. තම තමන්ට බියක්, සැකයක්, ත්‍රාසයක් ඇති වූ විට ආරාම, වෘක්ෂ, පර්වත, චෛත්‍ය සරණ යන ලෙස ද දේශනා කළේය.

ඉතිරිය»

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]