|
|
චෛත්‍ය හා ඝණ්ඨාර කුළුණ |
|
|
|
බුවනෙකබා රජු කරවූ කුළුගම්මන රජමහා විහාරය
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ස්ථාපිතව ඇති කුළුගම්මන රජමහා විහාරයේ ඉතිහාසය බුවනෙකබා රජ සමය දක්වා දිවෙන්නකි.
බුවනෙකබාහු රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කර සඟසතුකොට පූජා කළ බව ඓතිහාසික
තොරතුරු සනාථ කරයි. රජු විසින් මෙම විහාරයට හැටපස් අමුණක් පූජාකළ බවට රාජකාරී පොතේ
සඳහන්ව ඇත.
ගොඩ ඉඩම් අක්කරයකට රුපියල් 220ක් ගෙවන්නටත්, මඩ ඉඩම් අක්කරයකට වී බුසල් 2 ක් පොළා
ශුද්ධකොට විහාරය වෙත ලබාදෙන්නටත් නියම කරන ලදී.
බුද්ධ පූජාව තැබීම, වෙසක්, පොසොන් උත්සව පැවැත්වීම, උළුසෙවිලි කිරීම, විහාරස්ථානය
අලුත් වැඩියාකිරීම, හුණුගෑම, මළුව ඇමදීම රාජකාරී ලෙස අතීතයේ සිට ම පවරා දී ඇත.
මෙම රාජකාරී කටයුතු නිසිලෙස ඉටුනොකරන අය ඊළඟ ආත්මයේ බලු කපුටන් වී උපදින බව රජු
විසින් දන්වා ඇත. මෙයට අමතරව රජු නියම කළ රාජකාරී අතර අවුරුද්දකට බුලත්විට දාහක
පෙට්ටියක් ගෙනත් දියයුතු බවට ද නියම කළ බව රාජකාරී පොතේ සඳහන් වේ.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20
වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය
|
|
|
|
|
|
|