අසිරිමත් තෙමඟුල් වන්දනාව
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු දිවියේ තොරතුරු පිළිවෙළකට ඇසීමේ වාසනාව උදාවන
අසිරිමත් තෙමඟුල් වන්දනාවක් මේ මස 26 වැනිදා සෙනසුරාදා රාත්‍රී 8.00 සිට රැය පහන්
වන තුරා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රතිමා
වහන්සේ තැන්පත් මනහර මණ්ඩපයක රැය පහන්වනතුරු බුදුගුණ ඇසීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව: කාමයන්ගේ
ස්වභාවය
නිවැරැදිව
තේරුම් ගන්න
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් බුදුසරණ
පාඨක පින්වතුන්ට ප්රදානය සඳහා යි මේ උත්සාහය.
මේ දහම ඛුද්දක නිකායට අයත් පෞරාණික ධර්ම ග්රන්ථයක් වන සුත්ත නිපාතය කියන ධර්ම
ග්රන්ථයටයි අයිති වන්නේ. සුත්ත නිපාතයේ වර්ග 5ක් සඳහන් වෙනවා. ඒ වර්ග පහේ අඨ්ඨක
වග්ගය කියන පෞරාණික ගාථා තිබෙන, බුද්ධ කාලයේ දී පවා භික්ෂූන් වහන්සේලා කට පාඩම් කර
ගෙන, නිතර නිතර සජ්ඣායනා කළ අඨ්ඨක වග්ගයට අයිති කාම සූත්‍රයයි, අද මාතෘකා පාඨය
වශයෙන් තබා ගත්තේ.
කාම සූත්‍රය කියන කොටම අපට සමහර විට වෙනත් අදහස් සංකල්පනා ඇති වෙන්න පුළුවනි. නමුත්
මෙහි දී පඤ්චකාම සම්පත්තිය නිසා ඇතිවන ආස්වාදය, ආදීනව හා ඒවා නිස්සරණය තුළින් ඇති
වන සැනසිල්ල තමයි මේ කාම සූත්‍රය තුළින් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ.
මුලින් ම කාමයන්ගේ තිබෙන ආස්වාදය, ආදීනව තේරුම් ගන්න ඕනෑ. කාමයන්ගේ හැටි තේරුම්
ගත්තා ම ආස්වාදය තේරුම් ගත් අයට කාමාදීනව දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ආස්වාද
ජනක කාමයන් ගෙන් වෙන්නේ ඒ කාම වස්තූන් නැතිවෙලා යනකොට ඇතිවන ආදීනව මොනවාද? කියලා
තේරුම් ගන්න පුළුවන් වීමයි. ඊට පස්සේ ඒ ආදීනවයන් තේරුම් ගත්තා ම අපට මේ කාම වස්තූන්
ගේ නිස්සරණයත්, නැතිවීමත් ඇති කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට බහින්නට ඒ කාම
වස්තූන් පිළිබඳව දැන ඉගෙන ගැනීම බොහෝකොට ප්‍රයෝජනවත් වෙනවා. මේ කාම සූත්‍රය
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතු වූ කාරණය පිළිබඳවත් අපි මුලින් දැන ගෙන තිබීම
ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහසුවක් වෙනවා.
ඉතිරිය»
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන මාතලේ ධම්මකුසල නා හිමි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාව මඟින් කොළඹ 15 මට්ටක්කුලිය ශ්‍රී
වික්‍රමාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි
පරිවෙණාධ්යක්ෂක සිරි සුමිත්ත සාසනතිලක වංසාවතංස පරියාප්ති සාසනසේවා සද්ධර්මකීර්ති
ශ්‍රී විද්‍යා විභූෂණ විද්‍යාභිමානී ශිරෝමණී රාජකීය පණ්ඩිත
මාතලේ ධම්මකුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත
පිරිනමන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරය පිළිබඳ අක්ත පත්‍ර
ප්රදානෝත්සවය
මැයි මස 17වන බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්ධර සිරි සීලවංස වංසාලංකාර අග්ගමහා
පණ්ඩිත විනය විශාරද අති පූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන්ගේ මූලාසනයෙන්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්විනි.
ඉතිරිය»
දෙලොවටම සෙත ගෙනදෙන දානය
පව් කරන පුද්ගලයාට පව් කරන අවස්ථාව මී පැණි මෙන් මිහිරි ය. (කරන කලට පවු මිහිරිය මී
සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.) පවු කරන්නාට එහි සතුටක් තිබෙනවා. ඒ නිසයි
පාපයෙන් මිදෙන්න අපහසුයි කියන්නේ.
නමුත් පිනේ දී අපට ඇතිවෙන සතුටයි පාපයක් කරන මොහොතේ ඇතිවෙන සතුටයි අතර ලොකු වෙනසක්
තිබෙනවා. එය අපේ හිතට මෙන් ම කයටත් හොඳින් දැනෙනවා. බුදු සසුනේ දී සුගතිය බොහෝ ප්රභාස්ගත යි. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදි වශයෙන්
සුගති ලෝක විවිධ වෙයි. සතර අපාය, දුගතිය ලෙස අප දන්නවා. සතර අපායේ යන්නේ මේ මේ කර්ම
කළවිට යි, සුගතියට යන්නේ මේ මේ කර්ම කළ විටයි කියා අප දන්නවා. කර්මය මෙලොවත්,
පරලොවත් විපාක ලැබෙනවා.
ඉතිරිය»
|