ශ්‍රද්ධාවේ හා සත්‍යයේ බලය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අපගේ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කොට බුද්ධත්වයට පත්වූ දිනයේ සුජාතා සිටු
දියණිය දුන් කිරිපිඬු දානය පිළිගෙන දන් වළඳා ඒ පාත්‍රය ගඟේ පා කළ නිසා ඉන්පසු
උන්වහන්සේට පාත්‍රයක්් නො තිබුණි.
සත් සතිය ගත කරමින් කිරිපලු නුග රුක් සෙවනේ අරහත්ඵල සමාපත්තියෙන් වැඩ සිට
භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය අවසන දී තපස්සු භල්ලුක වෙළෙඳ දෙ සොහොයුරෝ උක්කලා ජනපදයේ
සිට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි මාර්ගයෙන් වෙළෙදාමේ ගමන් කළෝය. භාග්‍යවතුන් වහන්සේ
දුටු දෙ සොහොයුරෝ විළඳ, මී පිඬු උන්වහන්සේ වෙත පිළිගැන්වූ හ. භාග්‍යවතුන් වහන්සේ
“බුදුවරු දානය අතට පිළි නොගනිති” කියා සිතනවාත් සමඟ ම සතරවරම් දෙවිවරු ශෛලමය පාත්‍ර
හතරක් එකවර පූජා කළෝය. උන්වහන්සේ ඒ පාත්‍රා හතර ම පිළිගෙන “පාත්‍රා හතර එක්
පාත්‍රයක් වේවා” යි අධිෂ්ඨාන කළ මොහොතේ සිනිඳු එක් පාත්‍රයක් බවට පත් වුණි. දෙවියන්
විසින් පූජාකළ එම පාත්‍රය අපගේ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු හතළිස් පහක් පුරාවට දානය
වැළඳු අතර, උන්වහන්සේ පිරිනිවන් පෑ පසුව මිනිසුන් ඒ පාත්‍රා ධාතුන් වහන්සේට පුද
පූජා පැවැත් වූහ.
සද්ධර්මරත්නාවලියේ ඒ පිළිබඳව මෙසේ සඳහන් වේ. එක්තරා කාලයක දඹදිව දේවපුත්‍ර නමින්
මහා නගරයක් තිබුණි. ඒ නගරයේ එවකට පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටි සේක. රජු සෑම
වසරකට ම වරක් “පාත්‍රා මහ පූජා” නමින් පූජාවක් පැවැත්වී ය. රන්, රිදී, මුතු, මැණික්
ආදී සත්රුවනින් සැරසූ කරත්තයක් මැද පාත්‍රය වඩමවා නගරය ප්‍රදක්ෂිණා කොට හත්වැනි
දිනයේ දී රැය පහන් වෙනතුරු තෙරුන් වහන්සේ වඩමවා බණ දේශනා කරති.
මේ බණ අසන්නට නොයෙක් ජනපදවලින් මිනිස් වෙස් ගත් දිව්‍යාංගනාවෝ, දිව්‍ය ගුරුලෝ,
රාක්ෂයෝ, රාක්සියෝ විද්‍යාධරයෝ ආදීහු පැමිණෙති. එදින ඉතාමත් සුරූපී එක් මනුස්ස
දුවක් මහත් වූ ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කිරීමට එක්වුණි. එක් නාගරාජයෙක් ඇය දැක
ඉතාමත් පි‍්‍රයකරු තරුණයෙකුගේ වෙසක් මවාගෙන තරුණිය වෙත ගොස් නොයෙක් යෝජනා කළේ ය.
නමුත් තරුණිය ඔහු කෙරෙහි අවධානය යොමු නො කොට ධර්මය ශ්‍රවණය කළා ය. නාගයා කිපුණි.
මිනිස් වෙස අත හැර නාග වේෂය මවාගෙන විෂ දුමක් ඇය වෙත මුදා හැරියේ ය. ඇය දෑස වසාගෙන
තුනුරුවන් සිහිකොට නාගරාජයාට මෙත් සිත පැතිරවී ය. මෙත් සිතේ බලයට විස ළඟා නො විණි.
ඉන්පසු නාගයා ඇයගේ පතුලේ සිට මුලු ශරීරයම වෙලා ගෙන හිස මුදුනෙන් පෙනය කරගෙන සිටියේ
ය. ඇය බියක්, තැති ගැනීමක් නො මැතිව ධර්මයට හිත යොමු කරමින් ධර්මය ශ්‍රවණය කළාය.
හිමිදිරිය උදා වුණි. මිනිස් දුවක් නාගයකු වෙලාගෙන සිටිනු දැක ඇයව වට කර ගෙන “දුවේ,
ඔබට මොකද මේ වුණේ” ඇසී ය. ඇය සිදු වූ සියලු දේ විස්තර කොට එක් සත්‍ය ක්‍රියාවක්
සිදු කළාය. “මම ධර්මය අසමින් සිටිද් දී මේ නාගරාජයා මා වෙත පැමිණ මට නොයෙක්
ආකාරයෙන් කරදර කරමින් මගේ සිතේ රාගය ඉපදවීමට කටයුතු කළමුත් මම මගේ සිත, කය, වචනය
රැකගෙන මේ නාගයාගේ රාගී සිතට යට නොවී සිටියෙමි”. මේ නාගයා විස දුම පිට කරද්දීත්, මම
මෙත් සිත පැතිරූ බව සත්‍යයක්ම යි. මේ සත්‍යානුභාව බලයෙන් මේ නාගරාජයාගේ දරණවැල
ලිහේවා, මා නිදහස් වේවා, මම ඉතාමත් ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කළ බව සත්‍යක්ම යි. මා
තුළ තිබෙන ධර්ම ගෞරවය සත්‍යයක්ම යි. ඒ සත්‍යානුභාවයෙන් නාග රාජයාගෙන් මම නිදහස්
වේවා. මා මෙසේ වෙළාගෙන සිටිද්දී පවා මගේ සිතේ තරහක් හට නො ගත් බව සත්‍යයක්ම යි. ඒ
සත්‍යානුභාවයෙන් මේ නාග රාජයා මා නිදහස් කරත්වා කියා සත්‍ය ක්‍රියාවක් සිදු කළාය.
නාගයාට තවදුරටත් ඇය වෙළාගෙන සිටීමට අපහසු වුණි. වෙළුම ලිහා පෙන ගොබ සියයක් උඩ ඒ
තරුණිය හිඳුවා නාග කන්‍යාවෝ ලවා සුවඳ පැනින් නාහවා ඇයගේ සත්‍යයේ බලයට නාගයා
ප්‍රශංසා කළේ ය. ඒ සිදුවීම දුටු මිනිසුන් දහ අට කෝටියක් වටිනා රන්, රිදී, මුතු,
මැණික් ඇයට තෑගි කළ බව සඳහන් වේ.
”මම මේ නාග රාජයාගෙන් බේරුණේ බුදුගුණ බලයෙන්. ඒ වගේම මම රැකගත් සීලයේ බලයෙන්. එනිසා
මම තෙරුවන් සරණ ගොස් බ්‍රහ්මචාරිව ජීවත් වෙමි” යි සපථ කොට තරුණිය බොහෝ පින්දහම්
කරමින් ජීවත් වී පසු කලෙක මියගොස් දේවපුත්‍ර කියන රජුගේ බිසවගේ කුසේ පිළිසිඳ ගත්තේ
ය. සුරූපි රන්වන් සිරුරක් ලැබුණ නිසා ම ඇයට කාංචනා කුමාරි යන නම ද ලැබුණි. මේ
කුමරිය මවුපියන්ගේ අවසර ගෙන බුදු සසුනේ පැවිදි ව පටිසම්භිදාලාභි රහත් තෙරණියක් බවට
පත් වූ සේක. දුකෙන් නිදහස් වීමට යන ගමනේ දී ඇයට ශක්තිය වූයේ ශ්‍රද්ධාව සහ සත්‍යයේ
බලය යි.
- නයනා නිල්මිණි |