UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු මැදුර

 

බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය

බුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය කටුනායක වේයන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා දර්ශනීය වෙල් යායකට ආසන්න ව පිහිටා තිබීම නිසා ධර්මය හැදෑරීම පිණිස මනා වටපිටාවක් විහාරස්ථානය සතුව පවතී. මෙම විහාරස්ථානය මීට වසර පහළොවකට පමණ පෙර ආරම්භ වුව ද විහාරස්ථානයක් ලෙස අත්‍යවශ්‍ය අංග පවා තවමත් ඉදි කළ යුතු මට්ටමේ පවතී. වර්තමානයෙහි මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති ධූරය දරනු ලබන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්ගොඩ ඥානාවංශ හිමියන් විසිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අධ්‍යාපන ආයතනය අධිපති නැදගමුවේ විජයමෛත්‍රී නා හිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ උන්වහන්සේ මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කොට ඇත. භෞතික පහසුකම් අතින් අවම තත්ත්වයක තිබුණ ද, මෙම විහාරස්ථානය මඟින් සිදුවන සේවාව ඉතා ප්‍රශස්ථ ය. දැනට මෙම විහාරස්ථානය තුළ වර්තමාන විහාරාධිපති හිමියන් විසින් ථෙරවාද බුද්ධ ධර්මය දේශීය සහ විදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇත.

ඉතිරිය»

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]