සදහම් අරණ
ළමා සමාජයේ සාමාජිකයෝ
128. පන්නිපිටිය - කොට්ටාව උතුර ධර්මපාල විදුහල
8 ශ්‍රේණියේ
යූ. ජී. රිසික රන්සිලු
129. මාතර - ශාන්ත සර්වේසස් විදුහල
7 ශ්‍රේණියේ
පී. එච්. සංදීප බුද්ධි ගිම්හාන
130. රත්නපුර - ශ්‍රී අරියඥාන දහම් පාසල
8 ශ්‍රේණියේ
ඩබ්. කේ. රුවන්දිනී පෙරේරා
131. බ/ ශ්‍රී ධම්මානන්ද විදුහල
5 ශ්‍රේණියේ
ඩී. එම්. රසන්ධි චංචලා
132. පාදුක්ක - ශ්‍රී විද්‍යාචන්ද්‍ර දහම් පාසල
6 ශ්‍රේණියේ
ඩබ්. බෝධිනී උපේක්ෂා
133. බදුල්ල – උඩවෙල මධ්‍ය මහා විදුහල
10 ශ්‍රේණියේ
ඩබ්. එම්. සංඛ චතුරංග
134. කළුකොඳයාව - ශ්‍රී විජයාරාම දහම් පාසල
1 ශ්‍රේණියේ
ආර්. එච්. සදිස් සත්සර
135. කළුකොඳයාව - ශ්‍රී විජයාරාම දහම් පාසල
3 ශ්‍රේණියේ
ආර්. එච්. සත්‍යජිත් ප්‍රභාත්
136. වාද්දූව - ශ්‍රී ඉන්ද්‍රජෝති දහම් පාසල
9 ශ්‍රේණියේ
ජී. බී. හෂිනි හිමාෂා පෙරේරා
137. හ/ මීගස්ආර මහා විදුහල
12 ශ්‍රේණියේ
ජේ. කේ. පී. සසිත ප්‍රියමාල්
138. දෙහිඕවිට මාගම්මන කණිටු විදුහල
7 ශ්‍රේණියේ
ප්‍රවීන් චතුරංග ආදිත්‍ය
සිරි දළදා වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මැදුර මහනුවර පිහිටා ඇත.
දළදා මැදුර හඳුනා ගැනීමට ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ පත්තිරිප්පුව යි. එය දළදා
මැදුරේ ශෝභාව වැඩි කරයි. දළදා මැදුර මහනුවරට පමණක් නොව මුළු රටටම ආශිර්වාදයකි.
දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවනු ලැබුවේ. දන්ත කුමරු සහ හේමමාලි කුමරිය විසිනි. එකල
ලක්දිව රාජ්‍ය කළේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ය. ඒ රජතුමා දළදා වහන්සේ සතුටින්
පිළිගෙන අනුරාධපුරයේ අභයගිරි විහාරයෙහි වඩා හිඳුවා පුදසත්කාර කළේ ය. ඒ සිරිත්
අනුගමනය කරමින් එදා සිට අද දක්වා දළදා වහන්සේ උදෙසා පුද පූජාවන් සිදු කෙරේ.
චමත්කා නෙත්මිණි අබේසිංහ,
5 ශ්‍රේණිය ඩී,
ස්වර්ණමාලි බාලිකා විදුහල, මහනුවර
ස්වර්ණමාලි සෑ රදුන්
තමන් වැඩ සිටි රන් තෙළඹු ගස
හැරදමා යන්නට අවසර
මෙතැන සාදන්නටයි අදහස
කලක් වැජඹෙන මහා සෑ රද
ස්වර්ණමාලි දෙව්දුව කැමති නැති බව
වැටහුණා දුටු ගැමුණු රජු හට
කළා ඔහු වර්ණනා සෑ රජුන් ගැන
ලබා ගන්නට එතැන ඉඩකඩ
තම වරලස දමා පහළට පීරනවා
මුහුණේ සිනා රැළි නිතරම ගැවසෙනවා
හිස ඇති කිරුළ දුර එනකොට දිලිසෙනවා
මෙතැන සෑය ඔබේ නාමෙන් සාදනවා
තුති පුදකළා රජු දුටුගැමුණු දෙවිදුව ට
වැඩ ඇරඹුවා මහා සෑයේ හනිකට
ස්වර්ණමාලි නම තැබුවා මහ සෑ රජුට
තුන්ලොව අද වඳිනා රන්වැලි සෑ වේය එය

එස්.එම්. ශලනි බුමීෂා
7 ශ්‍රේණිය
ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ 10
පොඩි හාමුදුරුවෝ
සිලි සිලි හඬින් වැටෙනා බෝ ගසේ කොළ
පා පොඩි තබා අමදියි හිමි රටාවට
නුහුරුයි ඉදල එනමුත් අමදියි මිදුල
හුරතල් කතාවෙන් පන්සල වෙයි සිසිල
දිය නොරදයි එය දහමයි නෙළුම් කොලේ
අනියත පසක් කර දෙයි විකසිත කුසුමේ
සියලු දෙයින් වෙන්වී බඹසර රැකුමේ
පොඩි හිමි නිවන් මග වෙත පිවිසෙයි සෙමිනේ
කසාවතක් ඇගලාගෙන එය බරද
ගාථා රත්නයන් වන පොත් නො වන්නෙද
සිතේ කොනක පොඩි දඟකම් සැගවීද
සම්බුදු සමිඳු දෙසු මග යනවා නේද?

කිසාන් රන්සික අමරසිංහ ,
4 ශ්‍රේණිය,
ශ්‍රී වජිරාරාම දහම් පාසල ,බම්බලපිටිය .
ශ්‍රී බෝධිරුක්ඛාරාමය
ගම්පල ප්‍රදේශයේ මොරහේන ගමේ පිහිටි අපේ විහාරස්ථානයේ නාමය මොරහේන ශ්‍රී
බෝධිරුක්ඛාරාමය යි. අප විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ශාසන ලැදි මාකොළ
චන්ද්‍රරතන හිමියෝ ය. උන්වන්සේ අප විහාරස්ථානයට, ග්‍රාමයට කරන සේවය අති මහත් ය.
උන්වහන්සේ, චන්ද්‍රයාමෙන් අප විහාරස්ථානය ද, ගම ද බබළවති.
සංසාරයේ කෙලෙස් ගින්නෙන් දැවෙමින්, තැවෙමින්, සිටින අපට නිරාමිස සතුටක්, ලබා දෙන අප
විහාරස්ථානයේ, මහා චෛත්‍යයරාජයාණන් වහන්සේ නමක්, ශ්‍රී බෝධීන් වහන්සේ නමක් වැඩ
සිටිති. ආයුෂයෙන් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ නමක් අප
විහාරස්ථ බුද්ධ මන්දිරයේ වැඩ සිටිති. බෝසත් දූ දරු කැලක් අනාගත ලොවට දායාද කරනා අපේ
විහාරස්ථානයේ පිහිටි දහම් පාසල ශ්‍රී ධර්මඥාන දහම් පාසල, බෝ මළුව වටේට අටවිසි බුදු
කුටි දරනා පන්සල් මළුව ඉතා මනරම් ය.
අප සැමට සෙත සුව පිණිස අප විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් දිනපතා බෝධි පූජා,
අටවිසි බුද්ධ පූජා, පොහෝ දිනට අධිෂ්ඨාන පූජා ආදිය මහත් ගෞරවයෙන් පවත්වනු ලබති.
විහාරස්ථානයෙන් ගමට, රටට සිදුවන්නේ යහපතකි. මගේ විහාරස්ථානයත් ලොව පිහිටි සෑම
විහාරස්ථානත් දිනෙන් දින දියුණුවට පත්වේවා.
ආර්.ඩී.ජී. සිසිනි ඉවත්ති පහන්වල
10 ශ්‍රේණිය
ශ්‍රී ධර්මඥාන දහම් පාසල
පන්විලතැන්න .
බුදු සසුනේ ධනවතා
ධනය ස්ථිර නැත. අද ධනයෙන් පොහොසත් වූවෝ හෙට දුප්පත් වෙති. අද දුප්පත් වූවෝ හෙට
පොහොසත් වෙති. මෙම අස්ථීර වූ ධනය කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබන්නේ කෙසේ ද? කිසිදා
වෙනස් නො වන ස්ථිර ධනයක් අපට රැස්කළ හැකි ය. එයට අවශ්‍ය වන්නේ උත්සාහයත්, කැමැත්තත්
පමණි. එය අපගේ සිත තුළම රැස්කරගත යුතු ධනයකි. ඒවා නම් ශ්‍රද්ධා, වීර්ය, ශ්‍රැත,
ත්‍යාග, ප්‍රඥා සේඛ ධර්ම වූ ධනය යි. මේවා අභ්‍යන්තර ධනය යි. බාහිර ධනය රැස්කරගත්
තැනැත්තා නියම ධනවතෙකු නොවේ.
ඩබ්.එම්. සංඛ චතුරංග
10 ශ්‍රේණිය
බ/ උඩවෙල මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල.
පළමු රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට
වැඩම කිරීම

කේ.පී.සී. සෞම්‍යා කුමාරි පතිරණ
7 ශ්‍රේණියේය,
බප/කළු-මාලමුල්ල මහ විදුහල |