UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවනැල්ල කැප්පෙටිපොල ශ්‍රී අභයරාජ මහා විහාරයේ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් දා පැවැත්විණි. එහිදී එම ගොඩනැගිල්ලේ සමරු ඵලකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් නිරාවරණය කළ අවස්ථාව. එම පුණ්‍ය මහෝත්සවය මණ්ඩාවල ධම්මාරාම හිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කෙරුණු අතර එම අවස්ථාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

කතරගම ඉල් පෙරහර 2 දා

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල් මහ පෙරහර දෙසැම්බර් මස 2 දින රාත්‍රියේ පැවැත්වෙන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කීය. පෞරාණික චාරිත්‍ර පුදසිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට, සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික සංස්කෘතිකාංග වලින්ද අලි ඇතුන්ගෙන් යුතුව අලංකාර ලෙස එම පෙරහර පැවැත්වීමට බස්නායක නිලමේතුමා කටයුතු යොදා ඇත. පෙරහර ගමන් කරන මහවීදිය සුදුවැලි අතුරා ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කෙරේ. මෙදින රාත්‍රී මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර ගණදේවාලය, කිරි විහාරය, ඉදිරි පිටින් ගමන් කර අෂ්ඨඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිසේ. එම වීදියේ ශ්‍රී අභිනවාරාමය ඉදිරිපිටින් ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකර පෙරහර යළිත් මහවීදිය ඔස්සේ ගමන් කර මහාදේවාලයට ගෙවැදීමෙන් පෙරහර කටයුතු නිමාවේ. පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලීසිය අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]