|
අටුපොත්දෙණිය
පොත්ගුල් රජ මහා විහාරය
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කණ්ඩලම හන්දියෙන් මීරිගම අලව්ව මාර්ගයේ සැතපුම් දෙකක් පමණ
ගිය විට මදුරුපිටිය හන්දිය හමුවේ. එතැනින් දකුණු පසට වැටී ඇති මඟෙහි තවත් සැතපුම්
භාගයක් පමණ ඉදිරියට ගමන් කළ විට දකුණු පසට වන්නට අටුපොත්දෙණිය රජ මහා විහාරස්ථානය
පිහිටා තිබේ. පුරා වෘත්තයන්හි කියැවෙන ලෙස අටුපොත්දෙණිය පොත්ගුල් රජමහා විහාරය
වළගම්බා රාජ සමයේ සිට පැවත එන්නකි. විහාරාධිපති දමනේවෙල නන්දසිරි හිමියන්ගේ අදහසට
අනුව මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සඳහා භාවිතයට ගත් පුස්කොළ
සකස් කිරීම මෙම විහාරස්ථාන යේ සිට සිදු කර ඇත.
විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි අදට ද බහුල ලෙස වැඩෙන තල් ගස් ඒ ප්‍රවෘත්තිය පිළිගත
හැකි බවට සාධක සපයන බව උන්වහන්සේ පෙන්වා දෙති. එකල ඇති වු බැමිණිටියා සාගතය නිසා
මෙහි පැමිණි භික්ෂූන් වහන්සේ අටුවා පොත් ආරක්ෂා කළ බව ද පුරාවෘත්තවල කියැවේ.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් 26 වන දා ඉරිදා පූර්ව භාග 09.51 ට ලබයි. 27
වන දා සඳුදා පූර්ව භාග 11.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26
වන දා ඉරිදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදාය.
|
|
|
|
|
|
|