UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් සිටි පමණින් මවක සහ පියෙකු වන්නේ නැහැ

දරුවන් සිටි පමණින් මවක සහ පියෙකු වන්නේ නැහැ

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කරනු ලැබුවේ දෙවියෙකුගේ ඉල්ලීමකට අනුව බව බණ පොතෙහි සඳහන් වෙයි.දෙවියන්ගේ ඉල්ලීම මත දේශනා කරනු ලැබුවත්, මංගල සූත්‍රය තුළ සඳහන් වන මංගල කාරණා තිස් අටම මෙම පොළොව තුළ පය ගසා ජීවත් වන්නාවූ මනුෂ්‍යයන්ට අදාළ වන්නාවූ කාරණාවන් වීම එහි විශේෂත්වයයි.

ලොකු කුඩා වශයෙන් කුමන ආකාරයක වයස් මට්ටමක සිටියත්, එම සියලු දෙනාටම ප්‍රමුඛත්වය ලැබෙන ලෙස පුද්ගලයෙකුගේ ජීවිතය තුළ දියුණුව අභිවෘද්ධිය සහ අරමුණු ජයග්‍රහණය කරගැනීමට අවශ්‍යවන කාරණා මංගල කාරණා වෙයි. බෞද්ධයන් ලෙස ජීවන අරමුණුවලට අමතරව සංසාරගත අරමුණුද,ජීවිත බලාපොරොත්තු සේම සංසාරගත බලාපොරොත්තු ද ඉටුකරගැනීම සඳහා කටයුතු කරන පුද්ගලයා දියුණු වන පුද්ගලයෙකු ලෙස හඳුනාගත හැකි. තමා රැදී සිටින වයස් මට්ටම අනුව මෙම කාරණා අන්තර් ගත වෙයි. “මාතා පිතූ උපට්ඨානං” යන කාරණාව මෙම කරුණු තිස් අටෙන් එකක් වෙයි. තමන් මෙලොවට බිහිකළ තමන්ගේ අම්මාට සහ තාත්තාට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටුකළ යුතුයි.තම මවගේ සහ පියාගේ බලාපොරොත්තු ජයග්‍රහණය කර ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද? අධ්‍යාපනය ලබන දරුවෙකු වශයෙන් තම මව සහ පියා තමන්ගෙන් බලාපොරොත්තු වන කාරණා ඉටුකර දිය යුත්තේ කෙසේද? දෙමවිපියන්ට සැළකීම දියුණු වන දරුවෙකුªගේ ලක්ෂණයක් වෙයි. එම දරුවා කුමන තරාතිරමක සිටියත් තමන්ගේ දෙමවිපියන් වෙනුවෙන් කළ හැකි කළ යුතු කොටස තමන්ගෙන් ඉටුවිය යුතුය යන සිතිවිල්ල මනස තුළ තිබිය යුතුයි. ඇතැමි විට සමාජය තුළ ඇතැමි දෙමවිපියන් සමඟ කුමන ආකාරයෙන් හෝ සිටිය නොහැකි අවස්ථා නැතිවා නොවෙයි. සමහර දෙමව්පියන් තුළ තිබෙන්නාවූ මෝඩ අදහස් උදහස් නිවැරැදි ලෙස පිළිගන්නා නිසා යමි යම් කාරණා පිළිගන්න කැමැති වෙන්නේ නැහැ පැහැදිළි කරදෙන කාරණා නොපිළිගන්න නිසා සටකපට පුද්ගලයන්ට හසුවෙන දෙමව්පියන් නැතිවා නොවෙයි. එවැනි දෙමවිපියන් නිවැරැදි කිරීමට යාම තරමක් ගැටලු සහගත අවස්ථාවක් වෙයි. එවැනි තත්වයන් තුළ සිටින දෙමව්ිපියන් නිවැරැදි කිරීම සඳහා උපදෙස් දීමට යාම තුළ එය නිවැරැදි කිරීමට උත්සාහ දරන පුද්ගලයාගේ ද මානසික තත්වයත් පිරීහීමට පත්වීම නිසා ඔහුගේ සිත තුළ පවතින සතුටත් විනාශ විමට හේතුවක් වෙයි. දෙමව්පියන් තුළ කුමන ආකාරයෙන් අඩුපාඩු පැවතුණත් ,කුමන වැරැදි තිබුණත් , තමන් ජීවත්වන්නේ දෙමව්පියන් නිසා බව සිතිය යුතුයි.ඇතැම් විට වැඩි ප්‍රමාණයක් තමන් සතුව පවතින්නේත් තමන්ගේ දෙමව්පියන් සතු ගතිගුණයි. එම ගතිගුණ, එම ජාන, එම කර්ම ශක්තිය, තමා තුළ පවතී.දෙමව්පියන් සිටින වයස් පරතරය සහ ඔබ සිටින වයස් පරතරය අනුව ගැටුමක් තිබිය හැකියි. දෙමව්පියන් නිවැරැදි කිරීමට යාමේදී දරුවෙකුට ගත හැකි උත්සාහය ඉතාම සීමිතයි. වර්තමාන සමාජය තුළ ජීවත්වන බොහෝ දරුවන් පිළිබඳව අධ්‍යයනය කර බලන විට බොහෝ දරුවන් තම දෙමව්පියන්ට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සළකනු ලබයි. තම දෙමව්පියන් වෙනුවෙන් තමන්ට කළ හැකි ක්‍රියා පිළිවෙත පිළිබඳව අවබෝධයක් සහිත සමාජයක් පවතී.

ඇතැමි විට වර්තමාන සමාජය තුළ දෙමවිපියන් දරුවන් අතරද , පාලකයන් සහ පාලිතයන් අතරද, ප්‍රශ්නයක් පවතින බව දක්නට ලැබෙයි. තමාගේ මනස තුළ පවතින අදහස තවත් පුද්ගලයෙකුට පැහැදිලි කර දිය නොහැකිකම පිළිබඳව ප්‍රශ්නයක් පවතී. යම් පුද්ගලයෙකු යමක් ප්‍රකාශ කරන විට නිදහසේ සවන් දී මනා සිහිබුද්ධියකින් යුතුව එම කාරණාව අසා නොසිටින තත්වයක්ද, වර්තමාන සමාජය තුළ නිර්මාණය වී පවතී.තමන්ගේ මව යමක් ප්‍රකාශ කරන විට එම අම්මා කියන කාරණාව කුමක් සඳහා ප්‍රකාශ කරනවාද ? එහි අදහස කුමන ආකාරයේ ද, යන්න පිළිබඳව අවබෝධයක් ගත යුතුයි. අසන පුද්ගලයා යම් කාරණාවක් අසන විට සිහිකල්පනාවකින් තොරව අසමින් හැකි ඉක්මනින් පිළිතුරු සැපයිමටද පෙළඹෙයි. පැහැදිලි කරදිය හැකි ප්‍රමාණයක් මෙන්ම පැහැදිලි කරදිය නොහැකි ප්‍රමාණයක්ද පවතී.පැහැදිලි කරදිය හැකි කොටස වෙනත් කොටසක් වන අතර ප්‍රකාශ කරන කාරණා තමා විසින් සිතා අවබෝධකරගෙන වටහා ගැනීම වෙනත් කාරණාවක් වෙයි.දෙමව්පියන් විසින් දරුවන්ට යම්යම් කාරණා පිළිබඳව පැහැදිලි කරන අවස්ථා තුළ එය තමාට අදාළද, නැද්ද යන වග වටහා ගෙන තමනට අවශ්‍ය නැත්නම් එය ඉවත්කළ හැකි.වා සේම අවශ්‍ය නම් පිළිගත හැකියි. දෙමව්පියන් දරුවන් අතර පවතින ගැටුම විවාහ නොවී සිටින දරුවන් සහ විවාහ වී සිටින දරවන් අතර වශයෙන් වර්ග කළ හැකියි. ඔබ සිටින අවස්ථාව අනුව කාරණා වටහා ගත යුතුයි.

තරුණ වයසේ සිටින දරුවෙකු මවට පියාට සළකනවා යනු දෙමව්පියන් කියන කාරණා අසා නිවැරැදිව කීකරු වීමයි. විවාහ වී සිටින දරුවන් නම්, තමන්ගේ දරුවන්ටද සළකමින් තමන්ගේ දෙමවිපියන්ට හැකි ආකාරයෙන් සැළකිය යුතුයි. තම තමන් සිටින වයස් මට්ටම අනුව තමන්ගේ දෙමව්පියන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඔවුන් බලාපොරොත්තු වන සමාජය තමා විසින් ගොඩනැඟීම , ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරදීම , දෙමව්පිය උපස්ථානයයි. සිඟාලෝවාද සුත්‍රයෙහි දෙමවිපියන් විසින් දරුවන්ගෙන් බලාපොරොත්තු වන කාරණා සඳහන් වෙයි.එම කාරණා ඉටුකිරීමට අපහසු කාරණා නොවුණත් වර්තමාන සමාජය තුළ දෙමව්ිපියන් සහ දරුවන් අතර පවතින ගැටුම වෙනම අධ්‍යයනය කර බලන විට ප්‍රකාශ කිරීම සහ සවන්දීම අතර ප්‍රශ්නයක් පවතින බව පැහැදිලිව දක්නට ලැබෙයි.

කිසියම් කාන්තාවකට දරුවෙකු ලැබුණ පසු ඇය අම්මා යනුවෙන් වර්තමාන සමාජය හඳුන්වනු ලැබුවද,වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කරනු ලැබුවද, අම්මා පිළිබඳව පවතින බෞද්ධ මතය එයට වඩා බොහෝ සෙයින් වෙනස් කාරණාවක් වෙයි.දරුවෙකු ලැබුණ පමණින්ම ගැහැනියක හෝ යුවතියක අම්මා වෙනවාද? බෞද්ධ ශික්ෂණය මත ගොඩනැඟුන රටක් වශයෙන් වර්තමාන සමාජය තුළ ජීවත් වන අපට බණ පොත ආශ්‍රයෙන්ද යම් යම් උපදෙස් ලබාගත හැකි. බණ පොත තුළ සඳහන් වන ආකාරයට ගැහැනියකට දරුවෙකු ලැබුණ පමණින්ම අම්මා කෙනෙකු නොවන බව සඳහන් වෙයි.සත්වලෝකය තුළ සිටින සත්ව අම්මලාට වඩා මනුෂ්‍ය ලෝකය තුළ සිටින මනුෂ්‍ය අම්මා වෙනස් වෙයි.කාන්තාවක පිරිමියකු සමඟ ජීවත් වීම තුළ දරුවන් ලැබෙනවා යනු ජීවවිද්‍යාත්මක වශයෙන් සාමාන්‍ය කාරණාවක් මිස එය අසාමාන්‍ය තත්වයක් නොවෙයි. අම්මා කෙනෙකු වීම සඳහා දරුවන් සිටිය යුතු අතර, ඒ සඳහා පිරිය යුතු පාරම්තා හතරක් පිළිබඳව සිවුබඹ විහරණ යනුවෙන් හඳුන්වා ඇත. උතුම් හැසීරීම් සම්බන්ධ සිවුබඹ විහරණ පාරමිතාව පුරා නැති කාන්තාවකට දරුවෙකු ලැබුණ විට දරුවන් සිටින ගැහැනු ලෙස හඳුන්වනවා මිස අම්මා යනුවෙන් හැඳින්විය නොහැකියි. සිවුබඹ පාරමිතාව පුරා තිබෙනවා නම්,ඇය අම්මා වශයෙන්ද, සිවුබඹ පාරමිතාව පුරා තිබෙනවා නම්, තාත්තා හෝ අප්පච්චි වශයෙන් ඔහු හැඳින්විය හැකි.සිවුබඹ පාරමිතාව පුරා නොමැති නම්, ඔහු හෝ ඇය දරුවන් සිටින ගැහැනිය හෝ දරුවන් සිටින පිරිමියෙක් වෙයි. වර්තමාන සමාජය තුළ එවැනි පිරිස් නැතිව ා නොවෙයි. බණ පොතත් සමඟ ජීවත් වන පිරිසක් ලෙස අපට එවැනි අය සඳහා අම්මා යන උදාර අර්ථයෙන් හෝ තාත්තා යන උදාර අර්ථයෙන් ආමන්ත්‍රණය කළ නොහැකියි. තමා ජීවත් වන සංස්කෘතියට අනුව ඒ ඒ වචන සඳහා අර්ථ සපයන බැවින් තමනට අවශ්‍ය පරිදි වචන ද භාවිත කළ නොහැකියි.මවක සහ පියෙකු විම පහසු කාරණාවක් නොවෙයි. මවක වීම සහ පියෙකු වීම පිළිබඳව කාලය ආරම්භ වන්නේම විවාහයට පෙර සිට ආරක්ෂා කරන කුමරි බඹසර හෙවත් විවාහයට පෙර සිට ආරක්ෂා කරනු ලැබු කුමර බඹසර යන හැසීරීම තුළයි. කුමරි පාරමිතා පුරපු තැනැත්තිිය දරුවන් ලැබුණ පසු අම්මා කෙනෙකු වෙයි.පිරිමි දරුවෙකු නම්, කුමර බඹසර ආරක්ෂා කිරීමක් නැතිව ඔහුට විවාහයකට යා නොහැකිය. විවාහයට යාමට පෙර මෙම පෙර සූදානම තිබිය යුතුමයි.කුමරි බඹසර ,කුමර බඹසර ආරක්ෂා කළ තැනැත්තා හෝ තැනැත්තිය විවාහයට පත්වීම සඳහා සූදානම් වීමට එම වයස් කාණ්ඩය තුළ සිටින දරුවන්ගේ දෙමව්පියන් දරුවන් සඳහා උපදෙස් දෙනු ලබයි. විවාහ වන විට උත්සව ශාලාවට යන වියදම සහ මංගල උත්සවය සඳහා වැය වන වියදම පිළිබඳව සිතීමට සහ සෙවීමට පමණක් වර්තමාන සමාජය පෙළඹී සිටි.දියණිය විවාහ කරදීමට යාෙමිදී උත්සව ශාලාව කොහොමද?, බෝතල් ප්‍රමාණය කොපමණද? යන්න පිළිබඳව සොයනවාට වඩා එම දරුවා වැඩි වියට පත්වුණ දවස තුළ සිටම විවාහය හා ආශ්‍රිත කාරණා දරුවාට අවබෝධ කොට දිය යුතුයි. දරුනැළවිල්ලේ සිටම කියා දිය යුතුයි. පිරිමි දරුවන්ටත් එවැනි ආකාරයෙන් උපදෙස් ලබාදිය යුතුයි. එසේ කරුණු කාරණා කියා නොදෙනවා නම් , ඔවුන් අම්මා සහ තාත්තා නොවන අතර ඔවුන් ්දරුවන් සිටින ගැහැනුන් සහ මිනිසුන් පමණක් වෙයි. එවැනි කාරණා පහදා දීම තුළ මෛත්‍රිය, කරුණාව ඇතිවන අතර එම තත්වය සිවුබඹ විහරණ වෙයි.පළමු කාරණාව මෙත්තා හෙවත් මෛත්‍රිය වෙයි.මෛත්‍රිය සඳහා බොහෝ අර්ථනිරූපණ ඉදිරිපත් කළ හැකි වුවත් එක් අර්ථයක් ලෙස සැලකූ විට මෛත්‍රිය යනු, මිත්‍රත්වය හෙවත් තමාගේ මනස වෛරයෙන් ක්‍රෝධයෙන් යුතුව අවුල් කර නොගෙන සැහැල්ලුවෙන් තබාගැනීමට තිබෙන්නාවූ හැකියාවයි.එම හැකියාව සහිත තැනැත්තා හෝ තැනැත්තිය මෙත්තා පරමිතාව පුරණ පුද්ගලයෙකු වෙයි. වර්තමාන සමාජය තුළ රුධිර ගමනාගමනය වැඩි වීමට අධික ලෙස කේන්තිය යාමද හේතු වෙයි.දරුවන් සිටින ගැහැනු කෙනෙකු එසේ වුවාට ගැටලුවක් නැති වුණත් දරුවන් සිටින අම්මා කෙනෙකුට එසේ විය නොහැකිය. ජීව විද්‍යාත්මකව දරුවෙකු ලැබීම සාමාන්‍ය කාරණාවක් වුවද, මාතෘත්වය සහ පීතෘත්වය ඊට වඩා උදාර කාරණාවක් වෙයි. එම උදාරත්වය මෙම මහ පොළොවෙහි සම්පතක් වෙයි. මෛත්‍රිය නිතර මෙනෙහි කළ යුතු අතර තමන්ගේ මනසෙහි සැහැල්ලු බව ප්‍රධාන වෙයි. තමන්ගේ මනස තුළ සැහැල්ලුවක් තිබෙන පුද්ගලයෙකු පමණයි අනෙකාට උදවු කිරීමට උත්සාහ ගනු ලබන්නේ. අම්මාවීම සඳහා බලාපොරොත්තු වනවා නම්, හෝ අම්මා කෙනෙකු වී සිටිනවා නම්,තමන්ගේ මනස සැහැල්ලු කරගැනීම සඳහා විවිධ ක්‍රම මඟින් මනසට පැමිණෙන කේන්තිය, වෛරය නවත්වාගත යුතුයි. මනස සැහැල්ලු වන ආකාරයේ කටයුතු ලෙස බෝධ්පූජා වැනි වත්පිළිවෙත් වල යෙදිය යුතුයි.මනස මිතුරු බවින් පිරී නොමැති තැනැත්තියක් දරුවන් සිටි පමණින් කවදාවත් අම්මා කෙනෙකු වන්නේ නැහැ.

ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා ( නොවැම්බර් 21 වනදා) පත්‍රයේ පළ වේ.

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]