|
|
සිතුවම - සුමිත් ජයන්ත |
|
|
භික්ෂුණී සමාජය ස්ථාපිත වූ
බිනර පුර පසළොස්වක
බිනර පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයකි. භික්ෂුණී සමාජය ආරම්භ
වීම එහි ප්‍රධාන හේතුවයි. බුද්ධ ශාසනය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන
සිව්වනක් පිරිසෙන් සැදුම්ලත් එකකි.
සුදෝවුන් මහ රජතුමාගේ දෙවන අගබිසව වූ ද සිද්ධාර්ථ කුමරුගේ දෙවන මව්වූද, නන්ද
කුමරුගේ මෑණියන් වූද මහාප්‍රජාපතී ගෝතමිය බිනර පුර පසළොස්වක පොහෝ දිනක පැවිදි
උපසම්පදාව ලත් හෙයින් එයම භික්ෂුණී සමාජයේ අරැඹුම විය. නමුත් එම භික්ෂුණී සමාජයේ
ආරම්භය ඉතා පහසුවෙන් ඇති වූ දෙයක් නොවේ. එම උතුම් අවස්ථාව කාන්තා පක්ෂයට උරුම වූයේ
ඉවසීමේ ප්‍රතිඵලයක් වශයෙනි. දැඩි අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙනි. සංවිධානය වීමේ
මෙන්ම දැඩි කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ඒ බව කාන්තාවන්ගේ පැවිදි උපසම්පදාව ලබා ගැනීම පිළිබඳ වංශ කථාවේ විස්තර වේ.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට
ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා
සිකුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.
|
|
|
|
|
|
|