ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සබැඳි දරමිටි පෙරහර
සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ බුද්ධගයාවේ පිහිටි
ශ්‍රී මහා බෝධි මූලයේදී ය. සකල බෞද්ධ ජනතාවගේ මහත් භක්ති ප්‍රණාමයට ලක්වූ අනුරාධපුර
පූජා නගරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගයා ශීර්ෂයේ පැවති එම බෝධියේ දක්ෂිණ
ශාඛාවය. මෙරට පිහිටි පෞරාණික උරුමයන් අතර දිගු හා අච්ච්ඡින්න ඓතිහාසිකත්වයක් ඇති
ලොව පැරණිම වෘක්ෂය මෙයයි. අනුරාධපුරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් (එධපතඤ ඩ්ඥපඪබචඨඥ
ඉඪබඥ) බවට පත් කිරීමේ දී නගර සැළසුම්, වෙහෙර විහාර ස්තූප මෙන්ම ලොව පැරණිම වෘක්ෂය
හා ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර ආදියත් සැලකිල්ලට ලක් විය.
ඉතිරිය»
සේරුවාවිල මංගල රජමහා විහාරයේ
වාර්ෂික ශ්‍රී ලලාඨ ධාතු නිකිණි මහා පෙරහර 20 වන දා
සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ ජනයාගේ පුද සත්කාර ලැබුව ද කාලයාගේ ඇවෑමෙන් මහා
වනස්පතීන්ට මැදි වී සැඟව ගිය සේරුවාවිල මහා සෑ රජාණෝ ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ
රුහුණේ රජ කළ කාවන්තිස්ස මහ රජු විසින් ඉදි කළ බවට අපේ ප්‍රෞඪ ඉතිහාසය සාක්ෂි දරයි.
ක්‍රි.ව. 1921 සිට ක්‍රමයෙන් යළි ගොඩනැගුණු මහා චෛත්‍ය රාජයා ප්‍රතිසංස්කරණය
වෙනුවෙන් බිහිවුණු සේරුවිල සරණකිත්ති මාහිමිපාණන් විසින් යාවත්කාලීන කරන ලද මංගල
මහා චෛත්‍යවර්ධන සමිතියේ පූර්ණ අනුග්‍රහයෙන්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්
දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් අගෝස්තු මස 20 වන සෙනසුරාදා දින
සේරුවාවිල මංගල රජමහා විහාර භූමියේ සිට මෙවර අති උත්කර්ෂවත් ලෙස ශ්‍රී ලලාඨ ධාතු
නිකිණි මහා පෙරහර වීදි සංචාරයේ යෙදීමට නියමිතය.
ඉතිරිය»
ලේක්හවුස් - ශ්‍රී ලංකා යුද හමුදා අනුග්‍රහයෙන්
මිහින්තලේදී කප්රුක් පූජාව නිකිණි පෝදා
මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ
වන්දනාව ලෙස සෑම පුර පසළොස්වක පෝදාකම කප්රුක් පූජා පින්කමක් පැවැත්වේ.
මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේගේ
අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා
ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වන පොසොන් පොහෝදා සිට අඛණ්ඩව සෑම පුර
පසළොස්වක පෝදාකම මිහින්තලා මහ සෑරදුන් වහන්සේ වෙත කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය
කෙරිණි.
ඉතිරිය» ධර්ම දේශනාව:
ජීවිතයක්
සාර්ථක කරගන්නට නම්...
අද නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය යි. බෞද්ධයන් වශයෙන් ශාසනිකව මෙම පොහොය දිනය
භික්ෂූන් වහන්සේ වන අපටත් ගිහි පින්වතුන් වන ඔබටත් ඉතාමත් වැදැගත් පෙහොය දිනයක්.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තීන්වලට අනුකූලව බෞද්ධ භික්ෂූන්
වහන්සේගේ පසුවස් එළඹීම සිදුවන්නේ මෙම පොහෝ දිනයේ යි. ඒ වගේ ම මෙම කාල වකවානුව
වස්සාන සමය යි. ගිහි පැවිදි දෙපක්ෂයේ ම අන්‍යෝන්‍ය සබඳතාව සහ ආධ්‍යාත්මික
සංවර්ධනයක් ඇතිකරවන කාලවකවානුව යි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් තවත් වැදගත් කාරණාවක්
වන්නේ බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ උදෙසා අති උත්කර්ෂවත් අන්දමින්
පවත්වනු ලබන දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමයි.
ඉතිරිය»
මහනුවර ඇසළ පෙරහර ලෝවැසි ජනතාවගේ අවධානයට යොමු වන සුවිශේෂි මංගල්‍යයකි
දළදා පූජෝත්සව මංගල්‍යයන් අතරින් විචිත්‍රවත්වූත්, ලෝකවාසි ජනතාවගේ අවධානයට
පාත්‍රවන්නාවූත් සුවිශේෂි මංගල්‍යය වන්නේ මහනුවර ඇසල පෙරහරයි. අලි ඇතුන් අසූවක් පමණ
කලාකරුවන් දහසක් දෙනා සමඟ ගමන් ගන්නා මෙවන් වූ විසිතුරු පෙරහරක් ලොව වෙනත් කොතැනක
හෝ දක්නට නොලැබෙයි. මෙම පෙරහර චිරාගත සම්ප්‍රදායන් ගරු කොට අභිමානවත් අයුරින්
පැවැත්වීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දරන
දියවඩන නිළමේ තුමන්ටය. දස වසරක ධූර කාලය අවසන්ව යලිත් තවත් දසවසක් සඳහා දියවඩන
නිළමේ පදවිය දරන්නට පින්වන්ත වූ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර
සම්බන්ධව කළ සාකච්ඡාවකි මේ.
ඉතිරිය»
|