UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ දර්ශනයේ ආභාසය ලබන නව ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැඟීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍ය කරණයක් මත ගොඩනැඟුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඉකුත් දා ( 17 ) පස්වරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි, මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිකාරී අකුරැටියේ නන්ද නා හිමි, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන් ප්‍රමුඛ දිවයිනම ආවරණය වන පරිදි ව්‍යක්ත විශාරද භික්ෂූන් වහන්සේලා එම අවස්ථාවට වැඩම කර සිටියහ.

 

ශ්‍රී දළදා මාළිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අළුත්සහල් මංගල්‍යය මේ මස 23 වෙනිදාට යෙදෙන පුර පසළොස්වක පෝදින චාරිත්‍රානුකූලව පැවැත්වේ. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි කාරියකරවන කෝරාල කේ. එම්. සී. කරුණාතිලක මහතා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයෙන් සඳහන්වන පරිදි ශුභ නැකැත් වේලාවන් අනුව පල්ලේකැලේ දළදා මාළිගාවේ අටුවෙන් ගෙනඑන ලද වී සහල් ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි ධාන්‍ය තැන්පත් කිරීම සිදුකිරීම චාරිත්‍රයෙන් පසු මේ මස 23 උදේ 10.43 දකුණු දිශාභිමුඛවන ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන්හි අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍යය සිදුකෙරේ.

ඉතිරිය»

 

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]