බුද්ධ චරිතය
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට
කඩිනමින් ලබාදීම සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම
කුමක්ද?
පිළිතුර – මහණෙනි, මම සියලු දිව්‍යමය හා මානුෂික බන්ධනයන්ගෙන්
මිදුණෙමි. මහණෙනි, ඔබ ද සියලු දිව්‍යමය හා මානුෂික බන්ධනයන්ගෙන්
මිදුණාහ. එසේ වූ ඔබ බොහෝ දෙනා ගේ හිත සුව පිණිස ලෝකයාට අනුකම්පාවෙන්
දෙවි මිනිසුන්ගේ දියුණුව පිණිස යහපත පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙනමක්
එක මඟ නොයන්න. අර්ථ වශයෙන් හා අක්ෂර වශයෙන් මුල මැද සහ අග යහපත්
ධර්මචර්යාව ප්‍රකාශ කරන්න.
කෙලෙස් මල අඩු පුද්ගලයෝ වෙති. දහම් අසන්නට නොලැබී ඔවුහු විනාශ වී යති.
ධර්මය අවබෝධ කරගන්නට සමත් පුද්ගලයෝ ලොව වටා වෙසෙති. මම ද මහණෙනි, ඒ
උතුම් සද්කාර්යය සඳහා උරුවෙල දනව්වෙහි සේනානී නම් නියම් ගමට යමි.
අර්හත් ධජය දරන්න. උතුම් ධර්මය දේශනා කරන්න. පරාර්ථචර්යාවෙහි යෙදෙන්න.
ඔබට කරගත යුතු දේ ඔබ කරගෙන ඇත. (සමුස්සයට සද්ධම්මං දෙසයන්තා ඉසද්ධජං කත
කත්තම්ච කම්මන්තා පරත්ථං පටිපච්ජථ)
ප්‍රශ්නය – දරුවෙනි, වඩා උතුම් වන්නේ අනුන් ගැන සොයා වෙහෙසීම ද?
නැතහොත් තමා ගැන සෙවීම ද? මේ බුදුරජාණන් වහන්සේ එක් සුවිශේෂී අවස්ථාවක
දේශනා කරන ලද්දකි. මේ අවවාදය කළේ කාටද? අවස්ථාව කුමක්ද?
පිළිතුර – භද්දවග්ගිය කුමාරවරුන් අමතා මේ දේශනාව කළේ කාන්තාවක සොයා වනය
පීරා යන තරුණයන් බුදුරදුන් දැක එතනින් කාන්තාවක යනු දුටුවේදැයි ඇසූ
අවස්ථාවෙහිදීය.
ප්‍රශ්නය - සියල්ල ගිනිගෙන දැවෙන බව දක්වන සූත්‍රය ආදිත්ත පරියාය
සූත්‍රය අසා සියල්ලෝම රහත් වූහ. මේ සියල්ලෝ කවුරුන් ද?
පිළිතුර – උරුවෙල කස්සප, නදී කස්සප, ගයා කස්සප නම් තුන් ජටිල පිරිසය.
ප්‍රශ්නය – දිනක් ‘ගිරග්ග සමජ්ජ’ නම් වූ (කඳු මත පැවැත්වුණු
සැණකෙළියක්) නරඹා තරුණ දෙපළක් දොම්නසින් ආපසු පැමිණ අස්සජි මහරහතන්
වහන්සේ මුණගැසී පැහැද බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි බව ලැබූහ. මේ
දෙදෙනා කවුද?
පිළිතුර - කෝලිත, උපතිස්ස, ගිහි නමින් පෙනී සිටි දෙපළ පසුව සැරියුත්,
මුගලන් යන පැවිදි නාමය ද ලැබිණි.
ප්‍රශ්නය – ‘තාදි ගුණය’ බුදු සිරිතේ එන විශිෂ්ට ගුණයකි. පැහැදිලි
කරන්න. (ධර්මානුකූලව)
පිළිතුර – අටලෝ දහමෙහි කම්පිත නොවීම (ලාභො අලාභො අයසො යශොච නින්දා
පසංසා සුඛං ච දුක්ඛං)
ප්‍රශ්නය – අධික ශ්‍රද්ධා ඇති ශ්‍රාවක පිරිසෙන් අග තනතුරු ලැබූ
ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?
පිළිතුර – වක්කලී මහරහතන් වහන්සේ
ප්‍රශ්නය – බුද්ධ පරිණිර්වාණය පිළිබඳව තොරතුරු ඉගෙන ගන්නා විට ‘මකුට
බන්ධන’ නම් ස්ථානයක් ගැන සඳහන් වෙයි. මේ ස්ථානය කුමක්ද?
පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට සඳුන් දර
සෑයක් කළ ස්ථානය.
ප්‍රශ්නය – පියා මරා රජ වූ නිසා ඔහු පීතෘඝාතක අජාසත් නම් විය. ඇසුර
සත්පුරුෂ භාවයෙන් තොරව එසේ වුවත් පසුව සත්පුරුෂ ආශ්‍රයෙන් කළ වරද
සිහිපත් කොට බලවත් පසුතැවිල්ලට පත් විය. බුදුරජාණන් වහන්සේ වෙතින් සමාව
අයැද සසුනට ද බෙහෙවින් උපකාරයෙක් විය. මේ සද්කාර්යට දායක තැනැත්තා
කවුද?
පිළිතුර – ජීවක කොමාරබච්ච නම් වූ කීර්තිමත් වෛද්‍යවරයා ජීවක සූත්‍ර
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතුමාටය.
ප්‍රශ්නය – එක් කාන්තාවකට තම පියාණන් විසින් දායාදය සමඟ සකස් කර දුන්
ඉතාමත් අගනා ‘මහාලතා ප්‍රසාදනය’ පැළඳ විහාරස්ථානයට පැමිණ බුදුරජාණන්
වහන්සේ මුණ ගැසීම සඳහා එය සේවිකාවට භාරකොට ධර්ම ශ්‍රවණය කොට පැමිණියේ
මෙම අගනා ආභරණ ද විහාරස්ථානයේ අමතක කොටය. මෙම අමතක වීම දඹදිව බුද්ධ
කාලයේ දී ම ආරාමයක් බිහිවීමට හේතුවක් විය. මෙම කාන්තාව කවුද? ඉදිකළ
ආරාමය කුමක්ද?
පිළිතුර – විශාඛා මහෝපාසිකාව, ඉදි කළ ආරාමය පූර්වාරාමයයි.
ප්‍රශ්නය - මේ නාමයන් පිළිබඳ සිහිපත් කරන්න. රාහුල මාතා, බිම්බා,
භද්දකච්චානා මේ නම්වලින් හැඳින්වෙන්නේ එක් අයෙක් ද එසේත් නැත්නම් වෙනත්
නමකින් මේ නම් තුනෙන් ම හැඳින්වෙන තැනැත්තා හෝ තැනැත්තිය හඳුන්වා දිය
හැකිද?
පිළිතුර - මේ නම් සියල්ලෙන්ම කියවෙන්නේ කෝලිය රජ වූ සුප්පබුද්ධ ගේත්
සුද්ධෝදන රජුගේ නැගණිය වූ පමිතාගේත් දියණිය වූ යශෝධරා දේවියයි.
ප්‍රශ්නය – “මහරජ මම ඔබට නින්දාවක් නොකරමි. මම මගේ වංශ චාරිත්‍රය ඉෂ්ට
කරමි” යි බුදුන් වහන්සේ දුන් පිළිතුර රජුගේ විශ්මයට හේතුවිය. මේ පුවත
කුමක්ද?
පිළිතුර – කපිලවස්තුපුර බුදුරජාණන් වහන්සේ පිඬු සිඟායාම හේතුවෙන්
සුද්ධෝදන පිය මහරජු හා ඇති වූ සංවාදයයි.
ප්‍රශ්නය – “ රාහු ජාතො ඛන්ධනං ජාතං” රාහුල උපන්නේය. බන්ධනයක් ඇතිවිය
මේ පුවත පිළිබඳව ඔබ උගත් දේ කුමක්ද?
පිළිතුර – රාහුල කුමරුන්ගේ උපත ගැන බෝසතුන් හට දැනුම් දෙන ලද්දේ උයනෙහි
කල්පනාවේ නිමග්න ව සිටි අවස්ථාවෙහිදී ය. නොසිතූ පරිදි මේ පී‍්‍රතිජනක
ආරංචිය ලද මොහොතේ කළ ප්‍රකාශයයි මේ.
ප්‍රශ්නය – රාහුල සාමණේරයන් වහන්සේ වෙනුවෙන් පැවිදි වී නොබෝ කලකින් ම
දේශනා කළ සූත්‍රය කුමක්ද? එයින් කියවෙන්නේ සත්‍යගරුක බවෙහි අගය වේ.
පිළිතුර – අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය
ප්‍රශ්නය – අප්සරාවන් පතා මහණදම් පුරණ බව දැනගත් සබ්‍රහ්මචාරීහු
උන්වහන්සේ උපහාසයට ලක්කළහ. තම බොළඳ හා පහත් ආශාවන් ගැන ලැජ්ජාවට පත් වූ
උන්වහන්සේ අවංක ව අප්‍රමාදී ව මහණදම් පුරා රහත්ඵලය ලැබූහ. මුන් වහන්සේ
කවුද?
පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ ඥාති සොහොයුරු නන්ද තෙරුන් වහන්සේ.
ප්‍රශ්නය – ප්‍රථම අග්‍ර ශ්‍රාවිකාව බවට පත් වූ ඛේමා බුද්ධ කාලීන
එක්තරා රජකෙනෙකු ගේ මෙහෙසියකි. රජතුමා කවුද?
පිළිතුර - සෙනිය බිම්බිසාර රජතුමා. කෝසල දේවිය මේ රජුගේ අගමෙහෙසියයි.
අජාසත් ගේ මව ද ඇයම විය.
ප්‍රශ්නය – කාමලෝකයෙහි විපාක දෙන අකුසල කර්ම දශයක් තිබේ. කය වචන සහ මනස
යන තිදොරින් සිදු කෙරෙයි. මනසින් සිදුවන අකුසල කර්ම මොනවාද?
පිළිතුර – අභිජ්ඣාව (විෂම ලෝභය) ව්‍යාපාදය හා මිච්ඡාදිට්ඨියයි.
ප්‍රශ්නය – හැම මතු භවයක්ම ඇති වන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල
හෝ අකුසල කර්මය අනුව බව බුදුදහම උගන්වයි. මෙබඳු කර්ම විශේෂ නමකින්
හඳුන්වයි. මේ විශේෂ නාමය කුමක්ද?
පිළිතුර – ජනක කර්මයයි.
ප්‍රශ්නය – කර්මය නම් ක්‍රියාවයි. විපාකය එහි ප්‍රතිඵලයක් හෙවත්
ප්‍රතික්‍රියාවකි. සෑම වස්තුවකටම හෙවණැල්ලක් ඇතිවා සේම සෑම සචේතනික
ක්‍රියාවකට ම විපාකයක් ඇත. කර්ම විපාකය පිළිබඳව හඳුනා ගැනීමෙහි දී
මූලික බෙදීම කුමක්ද?
පිළිතුර – කුසල හා අකුසල කර්ම.
ප්‍රශ්නය – විශුද්ධි මාර්ගය හඳුනාගත් යෝගාවචරයෙකුට හමුවන පළමු පියවර
කුමක්ද?
පිළිතුර - සෝතාපත්ති ඵලයයි.
ප්‍රශ්නය - සොතාපත්ති ඵලයට යොමුවන සිතෙන් ප්‍රහීණ වන සංයෝජන මොනවාද?
පිළිතුර - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.
ප්‍රශ්නය - කාමරාග සහ ව්‍යාපාද සංයෝජන සම්පූර්ණයෙන් ම තුනී වන්නේ කුමන
මාර්ගඵලයට පැමිණීමෙන් ද?
පිළිතුර – අනාගාමී මාර්ගඵලයට පැමිණීමෙන්.
ප්‍රශ්නය – ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවෙන් කරනු ලබන්නේත් බුද්ධ වන්දනාවයි.
ඒ ත්‍රිවිධ චෛත්‍යය මොනවාද?
පිළිතුර - ශාරීරික, උද්දේසික, පාරිභෝගික.
ප්‍රශ්නය – ආනාපාන සති භාවනාව කෙටියෙන් පැහැදිලි කරන්න.
පිළිතුර – හුස්ම ඉහළට සහ පහළට හෙළීම පිළිබඳ මෙනෙහි කරමින් භාවනා කිරීම.
ප්‍රශ්නය – ත්‍රිවිධ තෘෂ්ණාවෙන් විභව තණ්හාව කෙටියෙන් පැැදිලි කරන්න.
පිළිතුර – මරණින් මතු පුනර්භවයක් නැතැයි යන්න පිළිබඳ විශ්වාසය.
ප්‍රශ්නය – කර්මය විස්තර කිරීමේ දී කුසල මූල හා අකුසල මූල වශයෙන් මූලික
බෙදීම් දෙකක් තිබෙනවා. මේ බෙදීම් දෙක මොනවාද?
පිළිතුර - ලෝභ, දෝස, මෝහ, අකුසල
අලෝභ, අදෝස, අමෝහ, කුසල
ප්‍රශ්නය – බුද්ධත්වයට පත් වූ මුල් සතියේම අනුලෝම ප්‍රතිලෝම වශයෙන්
මෙනෙහි කළේ කුමක් ගැනද?
පිළිතුර – ප්‍රතිත්‍ය සමුදිපාද ධර්මය.
ප්‍රශ්නය – මල් පූජා කිරීමෙන් තමා දැනුවත් ව හෝ නොදැනුවත් ව ම වාගේ
භාවනාවකුත් කෙරෙනවා. ඒ භාවනාව කුමක්ද?
පිළිතුර – අනිත්‍ය භාවනාව. |