ජනාධිපති පදවි ප්රාප්ති වර්ෂ පූර්ණය 8 -9 දිනවලදී
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වන දා ජනාධිපති පදවියට තේරී පත් වී
මේ රටේ සිදුකළ නිහඬ විප්ලවීය වෙනස හා එම පදවි ප්රාප්තියේ ප්‍රථම
සංවත්සරය මේ මස 8 ,9 යන දෙදින චාම් ලෙස සැමරීමට රජය තීරණය කර ඇත. අඩු
පිරිවැයකින් එම උත්සවය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
උපදෙස් දී ඇත.
ඒ අනුව කළුතර බෝසමිඳු අභියස 8 වන දා පෙරවරුවේ ආගමික උත්සවයක්
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පස්වරු 2.00 ට බණ්ඩාරනායක
අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජාතික වැඩසටහනකටද එතුමා
සහභාගි වීමට නියමිතය.
8 වනදා රාත්‍රියේ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්ව රාත්‍රික
පිරිත් දෙසුමක් පැවැත්වේ. ජනවාරි 09 වන දා පස්වරුවේ නිදහස් චතුරස්රයේ
දී සංස්කෘතික සංදර්ශනයකි. |