බුදුපිළිමයේ උපත - 1
බුද්ධ ප්‍රතිමා වන්දනාවට පෙර පුරාණ භාරතය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබුණේ 2011 වෙසක් පුන් පොහෝදිනටය.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසුව මානව
රූපීවල (බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් හෝ රූපයක්) බුද්ධ ප්‍රතිමා සහ
බුදුරුව නිර්මාණයට සිදුවූ බව ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින්
හෙළිවී ඇති කරුණකි. මෙසේ බුදුපිළිම නෙලීමට භාරතීය කලාකරුවාට සම්බුද්ධ
පරිනිර්වාණයෙන් වසර පන්සියයක්ම ගත වූයේ කුමක් නිසාද? යන කාරණය ගැන මේ
විෂය පිළිබඳ විවිධ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත. ථෙරවාදී බෞද්ධ
සම්ප්‍රදාය අනුව මෙම බුදුපිළිම නිර්මාණය කිරිමක් දක්නට නොලැබේ. තුන්වන
ධර්ම සංඝායනාව අසෝක රජුගේද අනුග්‍රහයෙන් පැවැත්වීමෙන් පසුව ථෙරවාදි
බෞද්ධ සම්ප්‍රදාය ලංකාව, තායිලන්තය, බුරුමය (මියන්මාර්) ආදී රටවල
දියුණුවට පත් වූයේය.
|
ආන්ද්‍රා
ප්‍රදේශ්හි පිහිටි නාගර්ජුනකොණ්ඩ පුදබිමේ මූර්ති කැටයමකි |
පුරාණ භාරතයේ බුදුපිළිම නිර්මාණය වූයේ මහායාන බුදුසමය ඉතා දියුණුවට
පත්වූ සමයේදී බව ඉතා ප්‍රකට කරුණකි. එය සිදුවූයේ වයඹ දිග ඉන්දියාවේ
(මෙකල පකිස්ථානයට අයත්) ගන්ධාර දේශයේය. වයඹ දිග ඉන්දියාවේ පුරුෂ පුරය
හෙවත් පුෂ්කලාවති නුවර අගනුවර කරගත් රාජධානියක් පිහිටුවන ලද කණිෂ්ක රාජ
යුගයේදි (ක්‍රිස්තු වර්ෂ 120) බුදුපිළිම නිර්මාණය ප්‍රථම වරට සිදුවූ බව
විද්වත්හු ප්‍රකාශ කරති. මීට සමගාමීව ඉන්දියාවේ තවත් ඉතා ප්‍රකට
පුදබිමක් වු යමුනා ගංගාව තීරයේ පිහිටි මථුරා පුදබිමේ ද බුදුපිළිම
නිර්මාණ සිදුවූ බව විද්වතුන් අතර පවතින මතයකි. දිල්ලියට දකුණු දෙසින්
ගංතීරයේද පුරාණ භාරතීය මුර්ති කැටයම් කලාව පිළිබඳ ප්‍රකට වූවකි. බෞද්ධ
සාහිත්‍යය සහ මහාවංසය වැනි ග්‍රන්ථවල ඊට පෙරද බුදු පිළිම නිර්මාණය වී
තිබුණු බව සඳහන් වුවද ඒවා ලිඛිත සාක්ෂි මිස පුරාවිද්‍යාත්මකව ඔප්පු වී
නැති බවද සඳහන් කළ යුතුව. ඇත. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ
ඉතා දීර්ඝ ලෙසින් අධ්‍යයනය කර ඇත. “බෞද්ධ ප්‍රතිමාවේ මූලධර්ම” නමැති
ග්‍රන්ථය ලියූ ඒ විද්වතා මේ පිළිබඳ ශාස්ත්‍රීය කරුණු හෙළි කළේය. (භාරත
ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 1-2 (2006)
එසේ නම් බුදුපිළිම නිර්මාණය පූර්ව කාලයේදී බුදුරජාණන් වහන්සේ නිරූපණය
කිරීම සඳහා පුරාණ භාරතයේ (ජම්බුද්වීපයේ) මූර්ති ශිල්පීන් නිර්මාණය කරන
ලද්දේ කුමන මූර්ති (ඉජභතනබභපඥ ස්කල්ප්චර්) ද යන්න විමසා බැලිය යුතුව
ඇත. මේ සඳහා පුරාණ භාරතයේ බෞද්ධ කලාව නිරූපණය කරන ලද පුදබිම්
කිහිපයකින්ම උදාහරණ ලබාගත හැකිව ඇත.
අප රටේ පුරාණතම මූර්ති කලා නිර්මාණ මිහින්තලේ කණ්ඨකචේතියෙන් හමුවෙනවා
මෙන්ම පුරාණ භාරත දේශයේ බෞද්ධ මූර්ති නිර්මාණ හමුවන පුදබිමක් ලෙසින්
මෙකල ඉන්දියාවේ උතුරුමැද ප්‍රදේශයේ පිහිටි භාරුත් පුදබිම පෙන්වාදිය
හැකිය. මෙහි අඩි 67 ක් පමණ විශ්කම්භයකින් යුක්ත පාදමක් මත සාදන ලද
දාගැබක් තිබුණු බව නටබුන් වලින් හෙළිවේ. පසුකාලයේදී මෙම දාගැබ විනාශ කර
තිබුණි. ඉතිරිව තිබුණේ එම දාගැබේ කොටස් කීපයක් පමණකි. සුංග රාජ යුගයේදී
(ක්‍රිස්තු පූර්ව 2-1 සියවස්වලට අයත්) මූර්ති හා එම වාස්තු විද්‍යා
නිර්මාණ 1874 දී ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් සොයාගන්නා ලදී. (ඕඩ්ඒඅඩ්උඊ
ඉඛ්උඹ්ර්‍ථඊඋඅඡ් - ච්අ.අ.ඛ්. ඉඩ්ඒඅර්ඒ ච්ධ්අඡ්ඛ්ඊර්‍ණඅ
ට්ඡ්ව්ඒඅඒඹ්-ව්ඒඊධ්ර්‍ණව්ඒඹ් ර්උඉඡ්උර් ව්ඡ්එ ච්ඡ්ඹ්ඩ්ධ් - ර්‍ථ.1)
මෙම භාරුත් දාගැබෙහි වටා තිබුණු ප්‍රාකාරයෙහි ඉතිරි වී තිබුණූ ගල්
කුලුනු තුන අවට කැණීම් කිරීමේදී නටබුන් රැසක්ම මතුකර ගැනීමට
පුරාවිද්‍යාඥයන්ට හැකි වූයේය. බෞද්ධ ගරාදි වැට නමින් හඳුන්වනු ලබන
ශිලාමය ගල් වැටෙහි මෙම මූර්ති දක්නට ලැබුණි. ඒ සමඟ භාරුත් දාගැබ දක්නට
ලැබුණි. ඒ සමඟ භාරුත් දාගැබ අසල සාංචි ස්තූපයේ ඇති තොරණක මෙන් වූ තොරණක
නටබුන්ද හමුවී ඇත. එම තොරණට අයත් වූ ගල්පුවරු 3 ක්ද හමු විය.
පුරාණ භාරතයේ (වසර 3500 පමණ පැරණි) මෙකල පකිස්ථානයට අයත් ඉන්දු ගංගා
ආශි‍්‍රත වූ මොහෙන්ජෝදාරෝ – හරප්පා ශිෂ්ටාචාරයට පසුව පැරණිම බෞද්ධ
පුරාවස්තු හමුවන පුදබිම භාරුත් ය. විශේෂයෙන්ම මෙම භාරුත් බෞද්ධ මුර්ති
කැටයම් ඇත්තේ තොරණේ ඉහළම හරස් අතට ඇති ශිලාමය ඵලකයෙහිය. එම කොටසෙහි මල්
ලියවැල් ආදි කැටයම් අල්ප උන්නතව නෙළා ඇත. එපමණක්ද නොව මුර්ති ඵලක වල
ජාතක කතා නිරූපිත අවස්ථාද බදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කළ කාලයේ
සිදුවු සිදුවීම් නිරූපණය කළ මුර්ති කැටයම්ද හමු වී ඇත. මෙවැනි අල්ප
උන්නත මූර්ති භාරුත් පුදබිමට අමතරව බුද්ධගයාවේද ඉන්දියාවේ මධ්‍ය
ප්‍රදේශ්හි වූ සාංචි දාගැබ්වල තොරණවල දැක්වෙන අල්ප උන්නත මූර්ති කැටයම්
වලින්ද හෙළිවේ.
දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි අමරාවති පුදබිමේ අමරාවති
දාගැබට සම්බන්ධ (එම දාගැබේ දැන් ඉතිරි වී තිබෙන්නේ පාදම පමණි) මුල්
කාලයේ මූර්ති කැටයම්වලද බුද්ධ ප්‍රතිමා දක්නට නැත. ඉහතින් සඳහන් කළ එම
පුරාණ පුදබිම වල, බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා ශ්‍රී මහා බෝධිය,
ධර්මචක්‍රය, වජ්‍රාසනය, සිරිපතුල් ත්‍රිරත්නය, ස්තූපය,දැකිය හැකිය.
ඉහත සඳහන් ඡායාරූපය ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි නාගර්ජුන කොණ්ඩ
පුදබිමෙහි සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය නිරූපණය කරන්නේ දෙවිවරුන්
සතරදෙනෙකු විසින් අල්ලා ගෙන සිටින සාටකයකිනි. ඒ අසල ලුම්බිනියේ සල්
උයනේ සල් වෘක්ෂයට අයත් ශාඛාවක් අල්ලාගෙන සිටින මහා මායා දේවියගේ රූපයද
නිරූපනය කර ඇත. මෙය ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත් වේ. |