දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය
ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය
දහම් පාසල් ගුරු උපදේශක ශාස්ත්‍රපති පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
අභ්‍යාස අංක – 01
මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 04 කින් සමන්විත වේ. එක් කොටසකින් එක්
ප්‍රශ්නයක්වත් ඇතුළත් වන සේ ප්‍රශ්න 5 කට පිළිතුරු සැපයිය යුතුයි.
1. ලෝක පාලක ධර්ම නම් කොට ඒවායෙහි වෙනස පැහැදිලි කරන්න.
ශීලය හෙවත් හික්මීමට හේතුවන ධර්මතා දෙකක් ලෝක පාලක ධර්ම නමින් හඳුන්වා
ඇත. දේවධර්මය නමින්ද මේවා හඳුන්වා ඇත. ධර්මානුකූලව ඒවා හිරි සහ ඔත්තප්ප
යනුවෙන් දක්වා ඇත. පව් කිරීමට ඇති ලජ්ජාව ‘හිරිය’ නමින්ද පව් කිරීමට
ඇති භය ‘ඔත්තප්ප’ නමින්ද හඳුන්වා ඇත. තම ශාස්තෘවරයාගේ උසස් ගුණ, තම
දෙමව්පියන්ගේ ඇති වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ
නුවණින්ම සලකා බලා වැරැදි වැඩ කළහොත් ඒ උතුමන්ටත් එමෙන්ම තමන්ටත්
මදිකමක් සේ සිතා යමෙක් වැරැදි වැඩවලින් වළකින්නේ නම් එය ‘හිරිය’ හෙවත්
ලජ්ජාවයි. මෙකී ලජ්ජාව බාහිර බලපෑමක් නිසාම නොව කෙනෙකුගේ
ශරීරාභ්‍යන්තරයෙන්ම පැන නගින්නක් විය යුතු ය.
ඔත්තප්පය හෙවත් පව් කිරීමට ඇති බියද සතරාකාරයෙන් දක්වා ඇත. තමා විසින්
කළ පව් සිහිවීමෙන්ම තමාගෙන්ම දොස් ඇසීමට එමෙන්ම තමාටම පසුතැවිලි වන්නට
සිදුවේ යැයි ඇති වන බිය එකකි. ‘අත්තානුවාද බිය’ යනුවෙන් දහමෙහි එය
හඳුන්වා ඇත. වැරැදි වැඩ කිරීමෙන් තමන්ට දඬුවම් ලබන්නට සිදු වේ යැයි ඇති
වන බිය තෙවන බියයි. ‘දණ්ඩ භය’ යනුවෙන් එකී භය හඳුන්වා ඇත. පව් කිරීමෙන්
අපාගත වීමට සිදුවේ යැයි ඇතිවන බිය ‘දුග්ගති භය’ නමින් හඳුන්වා ඇත. මේ
ආකාරයට දේව ධර්මය හෙවත් ලෝක පාලක ධර්මයන්හි හිරි ඔතප් දෙකෙහි පවත්නා
වෙනස්කම් දක්වා තිබේ.
2. ගෘහස්ථයන් සහ ප්‍රවෘජ්ජිතයන් විසින් රැකිය යුතු සීල ප්‍රභේදයන් වෙන
වෙනම ලියා දක්වන්න.
බුදුරජාණන් වහන්සේ ගිහියන්ට ගෘහස්ථ සීලයද පැවිද්දන්ට ප්‍රවෘජිත සීලය
යනුවෙන්ද සීලය ප්‍රභේද ගත කොට ඒවා නිවැරැදිව දක්වා තිබේ. ගිහියන් සඳහා
පංචශීල ප්‍රතිපදාව උපෝසථ දිනයන්හි අෂ්ඨාංග සීලය, නවාංග සීලය, දස සීලය,
ආරක්ෂා කළ යුතු යැයි දක්වා ඇත.
පැවිද්දන් හෙවත් ප්‍රවෘජිත අය සඳහා සාමණේර භික්ෂු භික්ෂුණීන් සඳහා
සාමණේර දස සීලයද, උපසම්පදා භික්ෂූන් සඳහා උපසම්පදා සීලය ද (ප්‍රතිමෝක්ෂ
සංවර සීලය) දක්වා තිබේ.
3. සතර සංවර සීලය කුමක්දැයි නම් කොට එයින් පළමු සීලය කෙටියෙන් හඳුන්වා
දෙන්න.
සතර සංවර සීලය නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇති සීලයන් මෙසේය.
1. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය
2. ඉන්ද්‍රිය සංවර සීලය
3. ආජීව පාරිශුද්ධ සීලය
4. ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය යනුවෙනි.
මෙයින් පළමු සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වන අතර තමා වසන පෙදෙස
පිරිසුදුකර ගැනීම, රෝගීන්ට, මහල්ලන්ට, සිල්වතුන්ට, ගුරුවරුන්ට,
වැඩිහිටියන්ට, උපස්ථාන කිරීම, එමෙන්ම දාගැබ් ප්‍රතිපිළිම ආදියට වැඳුම්
පිදුම් කිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් ධර්මය පිළිබඳව වැරැදි මත දරන අය ඇසුරු
නොකිරීම, හුදු විනෝදාශ්වාදය සඳහා නෘත්‍ය දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මය
ඉගෙනීම හා පිළිපැදීම එමෙන්ම ඇඳුමෙහි පැළඳුමෙහි සහ හැසිරීමෙහි සංවරවීම
ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නමින් හඳුන්වා ඇත.
4. චාරිත්‍ර සීලයෙහි සහ වාරිත්‍ර සීලයෙහි පවත්නා වෙනස ගෙනහැර දක්වන්න.
සීලයෙහි ප්‍රධානම අංග දෙක වශයෙන් චාරිත්‍ර හා වාරිත්‍ර ප්‍රභේදය
දැක්විය හැකිය. දහමට අනුව චාරිත්‍ර සීලය යනුවෙන් හඳුන්වා ඇත්තේ පිරිය
යුතු ගුණ ධර්ම නොපිරිහෙලා ආරක්ෂා කිරීමයි. නැතහොත් යහපත් වූ හැසිරීම්හි
නිරත වීමයි.
චාරිත්‍ර සීලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ වැරැදි වූ හැසිරීම් වලින් බැහැර
වීම හෙවත් ඉවත් කළ යුතු දෑ ඉවත් කිරීමයි. බෞද්ධ සිරිත් විරිත් ගොඩනැගී
ඇත්තේ මෙම චාරිත්‍ර හා වාරිත්‍ර යන සීලයන් පදනම් කරගෙනය.
5. චාරිත්‍ර වාරිත්‍ර (සිරිත් විරිත්) රැකීමෙහි අභිමතාර්ථයන් මොනවාදැයි
පෙන්වා දෙන්න.
බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් සඳහා ශික්ෂාපද පනවන විට අරමුණු හෙවත්
අභිමතාර්ථ 10 ක් දක්වා තිබේ. ඒවා සාරාංශ වශයෙන් මෙසේ දැක්විය හැකිය.
1. සංඝයාගේ යහපත් බව සඳහාය.
2. ඔවුන්ගේ පහසුව සඳහාය.
3. නොහික්මුනු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිසය.
4. ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය සඳහාය.
5. මෙලොවදී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා.
6. පරලොව දී ඇතිවිය හැකි ආශ්‍රව දුරු කිරීම සඳහාය.
7. නොපැහැදුනු අයගේ පැහැදීම වැඩිදියුණු කිරීම සඳහාය.
8. සද්ධර්මය බොහෝ කලක් පැවතීම සඳහාය.
9. හික්මීමට අනුබලයක් වීම සඳහාය.
ඉහත කරුණු පොදුවේ ගිහි පැවිදි සමාජයේ සියලු දෙනා විසින් රැකිය යුතු
සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන්ය. |