සංඝමිත්තා තෙරණිය
තලවතුගොඩ
සංඝමිත්තාරාමය භාවනා මධ්‍යස්ථානයේ
වැලිවේරියේ
ගෝතමී මෑණියන් වහන්සේ
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඓතිහාසික කරුණු දෙකක් ඔස්සේ ප්‍රධාන
වශයෙන් වැදගත්කමක් උසුලනු ලබයි. ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට උරුම කර
දීමට මූලිකත්වය ගැනීම හා ලක්දිව කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ආරම්භ
කිරීමට මූලිකත්වය ගෙන කටයුතු සිදු කිරීමයි. ශී‍්‍ර මහා බෝධිය අදටත්
සියලුම ලෝකවාසී ජනයාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙමින් පුද සත්කාර ලබමින්
අනුරාධපුර පූජා භූමියේ විරාජමානව වැඩි සිටියි.
අශෝක රජතුමා සුවාසු දහසක් ධර්මස්කන්ධය පුදනු පිණිස සුවාසු දහසක් විහාර
කරවා බුදු සසුනට පිදූහ. ඒ විහාර පූජා දිනයෙහි රජුගේ සොම්නස අපමණ විය.
එහෙයින් මෙවැනි සොම්නසක් ලද අන්කෙනෙක් ඇද්දැයි මොග්ගලීපුත්ත තිස්ස මා
හිමියන් වහන්සේගෙන් විචාළහ. මහ රජ බුද්ධ කාලයෙහි ද ඔබ තරම් ප්‍රත්‍යය
පිදු කෙනෙක් නොවූහ.නමුත් කොයි තරම් ප්‍රත්‍යය පිදුවත් එපමණකින් බුදු
සසුනෙහි අයිතියක් කාටවත් නොලැබේ. යමෙක් සිය දරුවෙකු බුදු සසුනෙහි
පැවිදි කෙරේ නම්, ඔහුට බුදු සසුනේ අයිතියක් හිමි වේ යනුවෙන් මහ රහතන්
වහන්සේ පහදා දුන් සේක.
මහ රහත් මොග්ගලීපුත්ත තිස්ස මා හිමියන්ගේ ප්‍රකාශය තදින් සිත්හි කා
වැදී ගිය අශෝක රජ ඒ මොහොතෙහි තමන් ළඟ සිටි මහින්ද සංඝමිත්තා දෙදෙනාගෙන්
පැවිදි වීමට කැමැත්තහුදැයි විචාළේය. මෙයින් ඉමහත් සොම්නස් ඇතිව සිය
පැවිදි බව තමනට මෙන්ම ලොවටත් මහත් ආශිර්වාදයක් වන බව සිතා එකවිටම ඊට
කැමති වූහ. සංඝමිත්තා කුමරිය සිය සැමියා වන අග්ගීබ්‍රහ්ම කුමරු තිස්ස
කුමරු සමඟ පැවිදි වීමෙන් පසු කුමරියද පැවිදි වීමට ආශා උපදවා විසුවාය.
ඉන් පසු අශෝක රජ මේ දරුවන් දෙදෙනා පැවිදි කොට මට ශාසන උරුමය ලබාදුන්
මැනවැයි මහා සංඝයා වහන්සේගෙන් අයැද සිටියේය. මහ රජුගේ වචනය පිළිගෙන මහා
සංඝයා වහන්සේ මිහිඳු කුමරා මහණ උපසම්පදා කළ සේක. බුදු සසුනේ පැවිදි
උපසම්පදාව ලබාගත් මහින්ද තෙරණුූවෝ එදිනම රහත් වූහ.
පැවිදි වන විට අටළොස් වියෙහි සිටි සංඝමිත්තා කුමරිය ද පැවිදිවි
විසිවයස් පිරුණු කල ධම්මපාලි ස්ථවිරාවන් උපාධ්‍යාය කොට ආයුපාලි
ස්ථවිරාවන් ආචාර්ය කොට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබ රහත් වූහ.
බු.ව.237 දී දෙවන පෑතිස්ස රජු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂූන්
රජමැදුරට වැඩම කරවා ගෙන ගොස්, බොජුන්ගෙයි හිඳුවා සිටියේය. දන් වළඳා
අවසන් වූ කල්හි අනුලා දේවිය පිරිවර ස්ත්‍රීන් පන්සියයක් සමඟ අවුත්
තෙරණුවන් වැඳ එකත් පසෙකැ හිඳ ගත්හ. ධර්ම දේශනාව අවසානයේ ස්ත්‍රීහු
කවුරුත් සෝවාන් වූහ. ධර්ම දේශනාව අසා දේවිය ඇතුළු පිරිස අනතුරුව
සකදාගාමි වූහ. අනුලා දේවිය ඇතුළු පිරිස මහණ වීමට කැමැත්ත පළකර සිටියත්,
මිහිඳු මාහිමියන් පවසා සිටියේ ස්ත්‍රින් පැවිදි කරවීම භික්ෂූන්ට අකැප
බවකි. මාගේ නැගණිය වූ සංඝමිත්තා නම් බහුශ්‍රැත ස්ථවිරාවක් පැළලුප් නුවර
වෙසෙන බවත්, භික්ෂුණීන් සමඟ එතුමියත් ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ
දක්ෂිණ ශාඛාවත් වඩම්වන ලෙසත් අප පිය මහ රජුට දන්වා යැව්ව මැනවැයි වදාළ
සේක. ඒ කාලය වන විට සංඝමිත්තා තෙරණිය තෙවලා දහම් හොඳින් පුහුණු කරගෙන
විසුවාය. සංඝමිත්තා රහත් මෙහෙණියගේ ලංකාගමනයට පිය මහ රජතුමාගෙන් ලැබුණු
සහාය අපමණය. අනතුරුව තවත් භික්ෂුණීන් එකොළොස් නමක් ශ්‍රී මහා බෝධි
දක්ෂිණ ශාඛාවත් වඩම්මා ගෙන මෙරටට වැඩමවීමට සියලු කටයුතු සූදානම් කරන
ලදී.
ශ්‍රී මහා බෝධි ශාඛාව නොයෙක් පුද පෙරහරින් වැඩම කරවා ගෙනවුත් නන්
විසිතුරු ලෙසින් සැරසූ නැව්හි තැන්පත් කරවා භික්ෂුණීන් එකොළොස් නමක් හා
සංඝමිත්තාවන්ද අරිට්ඨ අමාත්‍ය ප්‍රධාන ලාංකීය පිරිස ද බෝධිගුප්ත
කුමාරයා ප්‍රධාන කොට පිරිසද දඹදිව සිට නැවට නංවා අවශේෂ කුලවැසියන්
සෙසුනැව් වලට නංවා තුමුත් ඒ සමඟම තාමලිත්ති නම් තොටට පැමිණියෝය. ශී‍්‍ර
මහා බෝධින් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ රැගත් නැව දියත් වෙත්ම
නොයෙක් ප්‍රාතිහාර්යයන් සිදුවූහ. ශී‍්‍ර මහා බෝධින් වහන්සේ සංඝමිත්තා
රහත් මෙහෙණින් වහන්සේ විසින් පිහිටුවන ලද ලක්දිව මෙහෙණි සස්නත්
සංඝමිත්තාවන්ගේ නම සමඟම අත්වැල් බැඳගෙන සිටී.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරවන තෙක් අනුලා දේවිය සිය
පිරිවර සමඟ දස සිල් සමාදන්ව කහවත් හැද පැවිදි බව පතමින් “උපාසිකා
විහාර” නම් තැන විසූහ. ඉන්පසු සංඝමිත්තා ස්ථවිරාවන් විසින් ඒසියල්ලෝම
පැවිදි කරනු ලැබූ අතර ඒ සියලුම දෙනා රහත් වූවාය. පසුව මහ රජු විසින්
හත්ථළ්හක නම් මෙහෙණවරක් කරවා සංඝමිත්තා ස්ථවිරාවන් ප්‍රමුඛ භික්ෂුණීන්
හට පූජා කරන ලදී. එහි වැඩ වෙසෙමින් ලක්දිව අපමණ ස්ත්‍රි වර්ගයා පැවිදි
උපසපන් කිරීම ආදියෙන් ඔවුනට නිවන් මඟ පාදා දුන්හ. මෙම හත්ථළ්හක මෙහෙනවර
පසු කාලයෙහි ධර්මරුචිකාදී නිකායක්ද ඇතිවීමෙන් පසු ද සංඝමිත්තා
පරම්පරානුගත මෙහෙණින් වහන්සේලාගෙන්ම පාලනය විය.
ලක්දිව මෙහෙණ සස්න පිහිටුවා වදාළ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ
උපසම්පදාවෙන් නව පනස් වස් ඇති සේක. බුද්ධ වර්ෂ 277 වැන්නෙහි ලක්දිව
පාලනය කළ උත්තිය රජුගේ නවවැනි අවුරුද්දෙහි පිරිනිවී සේක. ඉන් පසු
උත්තිය රජ මුළු ලක්දිවෙහිම සතියක් පුරා ජනතාවට වැඳ පුදා ගෞරව දැක්වීමට
කටයුතු කළහ. සත්වෙනි දින නුවරින් බැහැර ථූපාරාම දාගැබට පෙරදිගින්
පිහිටියා වූ ද ඉන් ආසන්නයේ පිහිටි “චිත්තසාලා’ නම් ගොඩනැගිල්ලක
නුදුරින් පිහිටි භූමි පෙදෙසෙහි මහත් පුද සත්කාර කරමින් පෙරහරින්
සංඝමිත්තා රහත් උත්තමාවියගේ ශී‍්‍ර දේහය ආදාහනය කරවීය. ඒ ආදාහන භූමිය
වනාහි සංඝමිත්තා ස්ථවිරාවන් විසින්ම සිය දේහය ආදාහනය කළ යුතු යැයි
පෙන්වූ තැනයි. එකල ලක්දිව පාලනය කළ උත්තිය රජතුමා ඒ භූමියෙහිම
සංඝමිත්තා තෙරණියගේ ධාතු නිධන් කොට සෑයක් බැඳ වූහ.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඓතිහාසික කරුණු දෙකක් ඔස්සේ ප්‍රධාන
වශයෙන් වැදගත්කමක් උසුලනු ලබයි. ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට උරුම කර
දීමට මූලිකත්වය ගැනීම හා ලක්දිව කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ආරම්භ
කිරීමට මූලිකත්වය ගෙන කටයුතු සිදු කිරීමයි. ශී‍්‍ර මහා බෝධිය අදටත්
සියලුම ලෝකවාසී ජනයාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙමින් පුද සත්කාර ලබමින්
අනුරාධපුර පූජා භූමියේ විරාජමානව වැඩි සිටියි.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සාමාන්‍යයෙන් ලක්දිව කා හටත්
විශේෂයෙන්ම ලාංකීය ස්ත්‍රී වර්ගයාටත් සිදුකළ යහපත අතිමහත්ය. ඒ උත්තමාවෝ
උසස් පහත් භේදයක් නොතැකූහ. හුදු කුළුණු මෙත් සිත් පෙරටු කොටැ ගත්හ. සිය
රටත් නෑදෑයනුත් සුව පහසුවත් සඳහටම අත් හළහ. මේ ආදි නොයෙක් කරුණු නිසා
ලක්වැසියාට සංඝමිත්තා තෙරණිය කවදාවත් අමතක කළ නොහැකිය. |