|
ධර්ම දේශනාව:
රහතන් වහන්සේ වැඩි මඟ
ලොව්තුරා තථාගත අර්හත් සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම තරම් උතුම්
ශාන්තියක්, සැනසීමක් ගෙන දෙන තවත් කරුණක් නම් දෙව් මිනිස් ප්‍රජාව සහිත
මේ තුන්ලෝකයටම නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ
දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් තමයි අපට මේ සසර කතරින් නිදහස්
වීමට අවකාශය ලැබෙන්නෙ. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා
කරපු ධර්මය අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන මේ සසරින් නිදහස් වෙන්න
කල්පනා කරන්න ඕන.
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග
6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|