UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීදුවේ සුමනවංශ නාහිමියෝ සසුන් දිවියේ 45 වසර සපුරති

සීදුවේ සුමනවංශ නාහිමියෝ සසුන් දිවියේ 45 වසර සපුරති

ආගමික, ජාතික හා අධ්‍යාපනික මෙහෙවරක පුරෝගාමීව නිරත වන යතීන්ද්‍රයන් වහන්සේ නමකි සීදුවේ සුමනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුමනවංශ හාමුදුරුවෝ ගිහි පැවිදි උභය සමාජයටම ආදර්ශවත්ය. උන් වහන්සේ ක්‍රියාශීලි යතිවරයන් වහන්සේ නමකි. තමන් වහන්සේ වෙත පැවරෙන කවර කටයුත්තකක් වුවද එය ඉතා විධිමත්ව හා සැලසුම් සහගතව කාලෝචිතව ඉටු කිරීමේ අපූර්ව වාසනා ගුණයකින් ද යුක්තය.

සීදූව මූකලංගමුවේ විසූ විශ්‍රාමික පොලිස් නිලධාරී කේ. එන් . ජේ රොවෙල් සහ එම් . එස් පෙරේරා දම්පතීන්ගේ දරුවන් නව දෙනෙකි. ඒ අතර පින්බර පුත්රුවණ කුඩා කල පටන්ම සමුබුදු දහම කෙරෙහි දැක්වූයේ මහත් ඇල්මකි. බහ තෝරන විය පසු කරනවාත් සමඟම අත්පොත් තබා සීදුව දවිසමර මහා විදුහලට ඇතුළත් කර මූලික අධ්‍යාපනය ලබා දීමට සෙනෙහෙබර මව්පිය දෙපළ සමත් වූහ. අනතුරුව කටුනායක මහා විදුහලින් ද අධ්‍යාපනය ලැබූ කුමරුවා මව්පිය දෙපළගේ අවසරයෙන් හා ආශිර්වාදයෙන් උතුම් පැවිදි මඟ සොයා යන්නට විය.

රද්දොළුව සුබෝධාරාම මහා විහාරය අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩවිසූ රද්දොළුවේ අරියවංශ හිමියන් හා වත්මන් උභය විහාරාධිපති අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සභික රද්දොළුවේ අමරවංශ නා හිමියන් ගේ ශිෂ්‍යයකු ලෙස 1970ඔක්තෝබර් මස 31වන දින සීදුවේ සුමනවංශ නමින් රද්දොළුව සුබෝධාරාම මහා විහාරයේ දී සසුන් කෙතට ඇතුළත් විය. පැවිදි අධ්‍යාපනය ලැබීමට පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රීසෞවිගත විද්‍යාලීය පිරිවෙනට ඇතුළත් වුණි.

කොටුගොඩ ප්‍රේමානන්ද නාහිමිගේ පානදුර රන්කොත් විහාරාධිපතිව වැඩ විසූ මහාචාර්ය මොරටුවේ ශාසනරතන අනුනාහිමි පානදුර වත්මන් රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොළ සුගතරතන අනු නා හිමි ධර්මාචාර්යන් වහන්සේලා වූහ. වැඩිදුර අධ්‍යාපනය කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ලැබූ සීදුවේ සුමනවංශ හිමියෝ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ශ්‍රී ජිනරතන උසස් අධ්‍යාපන ආයතනයෙන් ඉංශ්‍රී සි අධ්‍යාපනය ලැබූ අතර ජපන් හා ජර්මන් භාෂා පිළිබඳ දැනුම එම තානාපති කාර්යාල මඟින් මෙහෙයවන ලද පාඨමාලා මඟින් හැදෑරූහ. භාෂාත්‍රයෙන් පණ්ඩිත උපාධිය හිමිකරගත් උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය හා පාලි ඩිප්ලෝමා ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද අධ්‍යාපන ආයතනයෙන් ගුරු පුහුණු විභාගය ද සමත් වූහ.

1978 ජූලි 25වන දින අම්බලන්ගොඩ සුනන්දාරාම මහා විහාරස්ථ උදකුඛේප ශ්‍රීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ. මහාචාර්ය මොරටුවේ ශාසනරතන අනු නා හිමි පණ්ඩිතාචාර්ය මාදුපිටියේ මේධානන්ද නාහිමි සහ පණ්ඩිතාචාර්ය කෙසෙල්වත්තේ චන්දමුණි නා හිමියන් කරමාචාර්යන් වහන්සේලා වූහ. කොළඹ මාලිගාකන්දේ විදෙේ‍යීදය මහ පිරිවෙන මඟින් මෙහෙයවන පාලි හා අභිධම්ම සාමාර්ථ දෙමළ භාෂා පාඨමාලා හැදෑරූ සීදූවේ සුමනංශ හාමුදුරුවෝ ආගමික හා සාමාජික මෙහෙවරට අවතීර්ණ වූහ. 1986දී මුලු දිවයිනටම සාමවිනිසුරු පදවියට පත් වූ අතර 1982දී රද්දොළුව දකුණ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති ධූයට පත් වූ අතර 1990දී කටාන සමථ මූල මණ්ඩලයේ ආරම්භක සාමාජික වශයෙන් පත්ව සේවය කළහ. 1990වසරේ කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස නිතරගයෙන් පත්ව මේ දක්වා එම සේවා කටයුතු කරගෙන යනු ලැබේ. 1996,2002සහ 2008ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් නිතරගයෙන් පත්ව සිය සේවා කටයුතු ඉටුකරනු ලැබීය. 2004 වසරේදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා විධායක මණ්ඩලයේ සභික වශයෙන් නිතරගයෙන් 2013දක්වා කටයුතු කර ඇත.

1985දී රද්දොළුව ප්‍රාථමික විදුහලේ සේවයට එක් වූසීදුවේ සුමනවංශ හාමුදුරුවෝ රද්දොළුව ශ්‍රී පඤ්ඤාානන්ද ජාතික විදුහලේ නියෝජ්‍ය විදුහන්පති වශයෙන් සේවය කර 2013 ඔක්තෝබර් මස සිය පාසල්අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම දිවියට පත් වූහ. ආගමික සාමාජික හා ශාසනික විවිධ තනතුරු නිරතුරුව සීදුවේ සුමනවංශ හිමියෝ සොයා ආහ. ඒ සියල්ල උන්වහන්සේ මෙහෙයවූයේ සමාජ සුභසිද්ධිය පිණිසමය. රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය පදවියට 1980 සිට පත්ව මේ දක්වා සේවය කරන අතර මෙම දහම් පාසල සමස්ත ලංකා ජාතික තලය දක්වා රැගෙන යාමට ක්‍රියා කර ඇත. රද්දොළුගම නිවාස සංකීර්ණය ආරම්භ වීමත් සමඟම1982සැප්තැම්බර් 26 වන දින එම නිවාස සංකීර්ණයේ බෞද්ධ දූ දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ වර්ධනය සඳහා රද්දොළුගම ශ්‍රී සුමංගල දහම් පාසල නමින් දහම් පාසල ආරම්භ කර පවත්වාගෙන යති.

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]