ප්‍රශ්නය –කසීපුර බරණැස ඉසිපතනය බලා පිටත් වු තථාගතයන් වහන්සේට
ගයාවටත් බෝමැඩටත් අතර 'උපක' නම් ආජීවකයෙකු හමුවිය. ඔහු බුදුරදුන් අමතා
ඇවැත්නි, ඔබගේ ඉඳුරන් බොහෝම ප්‍රසන්නය. ඡවි වර්ණය පිරිසුදුය. පැහැසරය.
කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද? කාගේ ධර්මය රුචිකරන්නෙහිදැයි විමැසීය.
(ආර්ය පරියේසනය සූත්‍ර)
උන්වහන්සේ ගේ පිළිතුර වූයේ
මම සියල්ල අභිභවනය කළෙමි. මම සියල්ල දන්නෙක් වෙමි. සියලු ධර්මයන්හි
නොඇලී සියල්ල හැර දමා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්තිය තෙමේම සියල්ල දැන
කවරෙකු උදෙසන්නෙමි ද? මට ආචාර්යවරයෙක් නැත. මට සමාන කෙනෙක්ද නැත. මම
ලොව අර්හත් වෙමි.
මම ලොව අනුත්තර වෙමි. එකම සම්‍යක් සම්බුද්ධ වෙමි. නිවී සැනසුනෙමි.
දම්සක් පැවැත්වීමට කසීපුරයට යමි. දෙවියන් සහිත ලොව දහම් අමාබෙරය
වයන්නෙමි.
උපක – එවිට ඔබ පවසන අන්දමට නම් ඔබ අනන්ත ජින වීමට සුදුසු යැයි කීය.
බුදුරදහු – ආශාව ක්ෂය කළ මා වැනියෙක් ම ජින වෙයි. මා විසින් පාප ධර්ම
බැහැර කරන ලදී. “උපක” එහෙයින් මම ජින නම් වෙමියි භාග්‍යවතුන් වහන්සේ
ප්‍රකාශ කළහ. දම්සක් පැවැත්වීමට කසීපුරයට යන අතර මග හමු වූ මෙම විශේෂිත
හමුවේදී ශ්‍රාවකයා විසින් හිස සලා පිටත්ව යෑමෙන් ඔබට වැටහෙන්නේ කුමක්ද?
උපක බුදුන් වහන්සේගේ ප්‍රකාශය තමා ගැන අධි තක්සේරුවක් සේ සලකා පිටත්ව
යෑමක්ද? විවරණයක් කරන්න.
පිළිතුර -සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දහම බෙහෙවින්ම නිවැරදිය.
එය නිශ්චිත ඉගැන්වීමකි. නිරාකූල ප්‍රකාශනයෙකි. එහෙත් බුදුන් වහන්සේ
වෙතින් අසා සිටි ශ්‍රාවකයා බුදුරදුන් ඉතා දැඩි ප්‍රතිපත්ති පුරමින් තමා
පමණ ඉක්මවා (තමා ගැන අධි තක්සේරුවක්) අගය කරන්නෙකු ලෙස සිතා දෙදෙනා අතර
මිත්‍රශීලි හමුවක් නොවුන බව පැහැදිලිය.
මම පූර්ණ වශයෙන් සියල්ල අවබෝධ කළ තැනැත්තා වෙමි” මෙය ඉහත සඳහන් කළ
පරිදි ආත්මීය ප්‍රකාශනයක් (ආත්ම වර්ණනාවක්) වශයෙන් කෙනෙකු පිළිගැනීමට
බැරි නැත.
නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශනය පූර්ණ වශයෙන්ම ආත්මීයත්වය (මම
යන) ඉක්මවා ගිය එකක් නොව මම බුදු වෙමි. පූර්ණ වශයෙන්ම අවබෝධ කළ
තැනැත්තා වෙමි මෙම ශ්‍රේෂ්ඨතම අවබෝධය සමඟ එක්වෙමින් මම වෙමි යන
ප්‍රයෝගය සමඟ සම්බන්ධව ඇති ප්‍රකාශනයකි.
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වු
දඹදිව ඉසිපතන මිගදාය නම් වූ ඓතිහාසික පුදබිම පිළිබඳව කෙටි සටහනක්
ලියන්න.
පිළිතුර -ධර්ම චක්‍ර ප්‍රවර්තනය සිදු වූ ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදාය නම් වූ
ඓතිහාසික ස්ථානය හඳුනා ගැනීමට හැකිව තිබීම භාග්‍යයකි. මේ ස්ථානය
වර්තමානයෙහි හඳුන්වනු ලබන්නේ “සාරානාථ” යන නාමයෙනි.
ධර්ම යාත්‍රාවේ යෙදුණු අශෝක අධිරාජයා මේ ස්ථානයට පැමිණ එහි
ශිලාස්ථම්භයක් පිහිට විය. ඉසිපතනයෙහි පිහිටි ධම්මික ස්ථූපය දම්සක්
පැවතුම් සූත්‍ර දේශනාව සිදුවූ ස්ථානය වශයෙන් සලකනු ලැබේ’. අනගාරික
ධර්මපාල තුමා විසින් ලඳු කැලෑවලින් වටවී අබෞද්ධයන් ගේ අනාදරයට ලක්ව
තිබූ සාරානාථය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට සිදු කළ නියාමක මෙහෙය අති
විශාලය.
මූලගන්ධ කුටි විහාරය ඉදිකරවා පුරාවස්තු සුරක්ෂිත කොට එහි
ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන කටයුතු මෙහෙයවමින් සිටි එතුමා අවසන් හුස්ම
හෙළුවේද මේ ස්ථානයේදීය. ප්‍රාග් බෞද්ධ යුගයේ පටන්ම නානාවිධ ඍසීන් ගේ
තාපසයන් ගේ යෝග භූමියක් වූ හෙයින් ඉසිපතන නමින්ද සතුන්ගේ අභය භූමියක්
වූ හෙයින් මිගදාය නමින්ද ප්‍රකට බව අටුවා ග්‍රන්ථවල සඳහන් වෙයි.
බුද්ධ චරිතය සහ බෞද්ධ ඉතිහාසය සම්බන්ධ ප්‍රමුඛ සිද්ධීන් ගණනාවක් ඉසිපතන
මිගදාය ශ්‍රේෂ්ඨ ස්ථානයක් වෙයි.
තථාගත දේශනාවට අනුව රාගයෙන් රත් වී ද්වේෂයෙන් දූෂිත වී මෝහයෙන් වට වී
ලෝතතු නොදකින සත්ව ප්‍රජාව ගේ ඇස පාදන නැණ පාදන ඔවුන් ගේ සිත් සෑදීම
පිණිසය. දැනීම පිණිසය.අවබෝධය පිණිසය. නිවී සැනසීම පිණිස ඇස පහළවන
පටිසෝතගාමි ගැඹුර දැකීමට අමාරු සියුම් ධර්මය පළමුවරට ලොව හමුවේ ඇති
ස්ථානයද මෙයයි.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ , භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග භික්ෂූන්
ධර්මාභි සමය ලබා පැවිදි උපසම්පදාව ලබාගත් ශ්‍රේෂ්ඨ ස්ථානය මෙයයි.
එයින් පැවිදි උපසම්පදා කර්මයේ පමණක් නොව බෞද්ධ භික්ෂු ශාසනයේ ආරම්භයද
සිදු වූ ස්ථානය කසීරට බරණැස ඉසිපතන මිගදායයි.
බුද්ධ ශාසනය වෙත පිරිස් ඇදී ඒමේ ප්‍රවණතාව ඉසිපතනයෙන් ම සිදු වූ අතර
උපාසක උපාසිකාවන් බිහිවී ශ්‍රාවක පිරිස් දියුණු වීමට පටන් ගත්තේද මේ
ස්ථානයෙහි ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාචරණයට ශ්‍රාවකයන් පිටත් කොට හැරීම
සිදු වූයේද ඉසිපතනයෙහි දීය.
එබැවින් බෞද්ධ අධ්‍යාපනය බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ සමාරම්භක
කේන්ද්‍රස්ථානය වශයෙන් ඉසිපතන මිගදාය ඓතිහාසිකත්වයෙන් විශිෂ්ට ස්ථානයක්
බව කිව යුතුය.
ප්‍රශ්නය – මිනිසා විසින් කරනු ලබන දෛනික කි‍්‍රයා සන්තතිය බුදු සමයෙහි
දී කුසල හා අකුසල යන නිර්වචන දෙක යටතේ විවරණය කර තිබේ. පැහැදිලි කරන්න.
පිළිතුර – මිනිසා විසින් කරනු ලබන ක්‍රියා බුදුසමයෙහි කර්ම යන
පාරිභාෂික වචනයෙන් දක්වා ඇත. එහෙත් විපාකදීමෙහි ශක්තිමත් කර්ම වශයෙන්
සලකන්නේ චේතනා සම්ප්‍රයුක්ත (සිතින් සිතන) ක්‍රියා පමණකි. චේතනා මූලික
කොට ගත් හැම ක්‍රියාවකම ප්‍රධාන ලක්ෂණය වන්නේ ඵලයක් අපේක්ෂා කිරීමයි.
එබඳු හැම ක්‍රියාවකටම සාධාරණ වූ අවස්ථා තුනක් දක්නට ලැබේ.
1.චේතනාව
2.ක්‍රියාව
3.කර්මය
කිසියම් ක්‍රියාවක් පළමුවෙන් සිතිය යුතුය. සිතීමෙන් අනතුරුව සිතූ දෙය
ක්‍රියාවට නැංවෙයි.
විපාකය ක්‍රියාවෙහි ප්‍රතිඵලයයි. මෙයින් චේතනාව ( සිත) පෙර ගමනක
යෙදෙයි. පසුව එන ක්‍රියා විපාකය පශ්චාත්ගාමි වෙයි. කියවා ඒ දෙක අතර
(චේතනාව + විපාකය) අතර වූ නිසා අන්තර්ගාමි වෙයි.
කුසලාකුසල කර්මයන්ගේ සමුදයට (ඇති වීමට) නිධාන තුනක් (මූලික හේතු)
බුදුරජාණන් වහන්සේ වදාළහ.
ලෝභ, දෝස, මෝහ යනුවෙන් අකුසල පක්ෂයට ද,අලෝභ,අදෝස,අමෝහ යනුවෙන් කුසල
පක්ෂයටද දැක්වූයේ චේතනාය.
මිනිසා විසින් ලෝභ,දෝස, මෝහ යන චේතනා මූලික කරගෙන කරනු ලබන ක්‍රියා
අකුසල (පව් නරක) ක්‍රියා බවත්, ඒවායෙහි ඵලය දුක් වේදනාවක් බවත්
පැහැදිලි කළහ.
එසේම ,අලෝභ, අදෝස, අමෝහ යන චේතනා මුල්කරගෙන කෙරෙන ක්‍රියා කුසල් හෙවත්
(පින් යහපත්) ක්‍රියා බවත් ඒවායෙහි සුවදායක බවත් බුදුහු වදාළහ. |