UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ඓතිහාසික මහියංගණ රජ මහා විහාරාධිපති ගලගම ශී‍්‍ර අර්ථදස්සි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා එකොළොස්නමක් අස්ගිරිය මහා විහාරයේ වස් එළඹුණහ. අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික උපෝෂථාගාරයේදී අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත මහනුවර රජපිහිල්ල මාවතේ, ලයනල් ගුණතිලක මහතා විසින් චාරිත්‍රානුකූලව දැහැත් ගොටු පිරිනමා වස්වැසීමට ආරාධනා කළ අතර, ගුණතිලක මහතා ප්‍රධාන පවුලේ පිරිස හා දායකයින් විසින් සෙසු සංඝයා වහන්සේලාට පිළිවෙළින් දැහැත් පිරිනමා වස් ආරාධනා කළහ. මෙහිදී ධර්මදානයක් වශයෙන් ධර්ම පුස්තක පූජාවක්ද පවත්වන ලදී. වස් ආරාධනා ලැබූ සංඝයා වහන්සේලා මෙසේය. කාරක සභික අරඹේගම සරණංකර හිමි, කාරක සභික මැදගම ධම්මානන්ද හිමි, කාරක සභික කුඹුක්කදන්වල පුඤ්ඤරතන හිමි, කාරක සභික වඳුරාගල ධම්මාරාම හිමි,කාරක සභික ගල්ලෑල්ලේ සද්ධාතිස්ස හිමි, වෛද්‍ය බෝගමුවේ ඉන්දරතන හිමි, මැණික්හින්නේ රතනසාර හිමි,අඹගස්පිටියේ ධම්මදස්සි හිමි, මන්දාරම්නුවර යසස්සි හිමි. මහනුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති අස්ගිරිය මහා විහාරයේ කර්මාචාර්ය රාවණා ඇල්ලේ පඤ්ඤාමෝලි හිමිගේ සහභාගිත්වයෙන් පැවැති වස් ආරාධනාවට ලේඛා ගුණතිලක මහත්මිය ඇතුළු රංගන ගුණතිලක , රුක්ෂාන් ගුණතිලක යන මහත්වරු සහ අස්ගිරි මහා විහාරයේ සහ ශ්‍රී සංඝබෝධි විහාරයේ දායක දායිකාවන් රැසක් සහභාගි වූහ. කේ. බණ්ඩාරනායක

මහනුවර ඇසළ පෙරහර

ව්‍යවහාර වර්ෂයෙන් 2015 අගෝස්තු මස 15 වෙනි ශනි දින පෙරවරු 05 පසුවී විනාඩි 35 ට දකුණු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලදී. “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවා මහනුවර ඇසළ මහ පෙරහර ආරම්භ කෙරේ.

ඉතිරිය»

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]