නිකිණි පුර අටවක 2015. 08. 22
යහපත් අරමුණක්
ලෝභකම නමැති අකුසල මූලය දුරු කර ගැනීමට නිර්ලෝභී කුසල් දහම්හි
නිරතවීම සඳහා පින්දහම් කිරීමට වැදගත් අරමුණක් ම සිහියට
ගතයුතුවේ.ලෝභය නමැතිඅකුසලය පෙරට එන හැමවිට පරිත්‍යාගය සඳහා
යහපත් පුණ්‍යචේතනා උදාකරගත යුතු වේ. පින්සිතිවිලි, කුසල චේතනා
වර්ධනය කර ගත හැකි වන්නේ එවිටය.
දීම හෙවත් පරිත්‍යාගය මහා යුද්ධයක් වැනිය. පරිත්‍යාගය නමැති
කුසල චේතනා හදවතෙහි පහළ වන විට ඒ පරිත්‍යාගය වළකාලීමට පෙරට එනු
ලබන්නේ ලෝභය මුල්වීම හේතුවෙනි. සිතත් සිතිවිලිත් පරිත්‍යාගය
බැහැර කරවීමට දහස් සංඛ්‍යාත සිතිවිලි අතර මහා තරගයක
නිරන්තරයෙන් නිරත වේ. එහෙත් ඒ අප්‍රමාණ සිතිවිලි තදංග වශයෙන්
හෝ යටපත් කර ගැනීමට නම් දීම හෙවත් පරිත්‍යාගය වළකාලන පාපී
චේතනාවලට පෙරට ඒමට අවස්ථාව දියයුතු නොවේ. තමා දැහැමින් උපයාගත්
යමක් අන්‍යයන් වෙත පරිත්‍යාග කළ හැකි වෙතොත් එය බෝසත් ගුණයකි.
කවර පින්කමක් කිරීමට පෙළඹුණද ඒ සෑම මොහොතකම යහපත් අරමුණක් ම
පෙරමුණට ගත යුතු වේ.
ඇතැම් විට ඇතැමෙක් පින්දහම් සිදුකිරීමේ දී එය සමාජ චාරිත්‍රයක්
ලෙස සලකා පමණක් කටයුතු කරන්නේ නම් පින්කමෙහි ආනිශංස තරමක් හෝ
අඩු වී යා හැකිය. යහපත් අරමුණක් පෙරදැරි කරගෙනම පින්දහම්වල
නිරතවිය යුත්තේ එබැවිනි. උදාහරණයක් ලෙස මෙසේ කල්පනා කරමු. තම
ඤාතියෙකු, පරලොව සැපත් වූ විට හත් දවසෙන්, තුන් මාසයෙන්,
අවුරුද්දෙන් ආදී වශයෙන් බොහෝවිට සපිරිකර සංඝගත දක්ෂිණා ආදිය
පිරිනමා පුණ්‍යානුමෝදනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස
සිට පැවැත එන උදාර චාරිත්‍රයකි. එසේ මළගිය ඤාතීන් වෙනුවෙන්
දානාදී පින්දහම් සිදුකර පුණ්‍යානුමෝදනා කිරීමේ සද්ක්‍රියාව,
ඉටු කරන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් බිම්බිසාර මහ රජතුමාට
අනුදැන වදාළහ. එදා පටන් තම මළගිය ඤාතීන් උදෙසා එවන් පින්දහම්
සිදු කර පුණ්‍යානුමෝදනා කිරීමේ සමාජ චාරිත්‍රයක් ලෙසද බෞද්ධ
සමාජය පවත්වාගෙන එනු ලැබේ. ඒ අනුව බලන විට පරලොව සැපත් ඤාතීන්
වෙත ඔවුන්ගේ පරලොව ජීවිතය සුවපත් කිරීම සඳහා එවන් පින්කමක්
සිදු කිරීමට සිත පොළඹවනු ලබන්නේ කවර හේතුවක් නිසාදැයි මොහොතක්
කල්පනා කර බැලිය යුතු වේ. ඇතැමෙක් තම ඤාතීන් මෙලොව ජීවීන් වන
විටදී පමණක් නොව පරලොව සැපත් වී වසර ගණනාවක් ගත වුවද ඒ
ඤාතීන්ගේ ගුණ සිහිකර කෘතවේදීව පින්දහම් සිදුකර ඔවුන් වෙත
පුණ්‍යානුමෝදනා කරනු ලැබේ. ඊට ප්‍රධානම හේතුව නම් මෙලොව ජීවත්ව
සිටියදී ඔවුන්ගෙන් ලබාගත් උදව් උපකාර සිහිපත් වන විට අප
වෙනුවෙන් ඔවුන් ඇප කැපවී කටයුතු කළ හෙයින්ම ඔවුන්ගේ පරලොව
ජීවිත සුවපත් කළ යුතු යැයි හදවතෙහි මූලික වශයෙන්ම මහත්
කරුණාවක් පහළ වේ. එපමණක් නොව ඒ තුළ කළගුණ සැළකීමේ උදාර
සද්පුරුෂ ක්‍රියාවද පිහිටා තිබේ. ශාන්තිනායක බුදුපියාණන්
වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පළමුව ආදර්ශයෙන් ලොවට කියා
දුන් ආදර්ශය නම් කළගුණ සැළකීමය. එම කළගුණ සැලකීමේ චාරිත්‍රය
මිය ගිය ඤාතීන් උදෙසා එමගින්ම ඉටුවනු ලැබේ. එසේ ගුණවත්ව
නැණවත්ව හා බුද්ධිමත්ව පින්දහම්හි නිරතවන බොහෝ දෙනා එසේ
පින්දහම්හි නිරතවීම පිළිබඳව සතුටු විය යුතු ය.
ඒ අතර ඇතැමෙක් තම ඤාති මිත්‍රාදීන් පරලොව සැපත් වූවාට පසු නොව
මෙලොව ජීවත්ව සිටින කාලය තුළදීවත් ඔවුන් රැක බලා ගැනීමට
සුවදුක් විමසීමට උත්සාහ දරනු නොලැබේ. එහෙත් ඇතැම් විට එසේ
නොසළකා හැරියද පරලොව සැපත් වූවායින් පසු සමාජයෙන් එන අප්‍රසාදය
වළකා ගැනීමට පින්දහම් සිදුකර පුණ්‍යානුමෝදනා කරන අවස්ථාද
නැතුවා නොවේ. සමාජ අපවාදයෙන් වැළකීමට නොව සද්භාවයෙන් එසේ
කරන්නේ නම් එය අගැයියයුතු වේ. කෙසේ වුවද ‘ඤාතීත්වය’ යනු මේ
ජීවිතයේ දී හෙවත් මේ භවයේ දී පමණක් පවතින්නක් නොවේ. ඇතැම්විට
ඤාතීත්වය යනු සසර පුරා පැවැත එන්නක් විය හැකිය. ජීවමාන
බුදුරදුන් දවස බිම්බිසාර මහරජතුමා දානාදී පින්දහම් සිදු කළේ
බුද්ධාන්තර හතරකට පෙර පරලොව සැපත්ව සිටි ඤාති පිරිසක් භවදුකින්
නිදහස් කර ගැනීම සඳහාය. එසේ නම් පරලොව සැපත් ඤාතීන් සිහිකර
ඔවුන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම උතුම් සද් ක්‍රියාවකි. ඒ සඳහා
කරුණාව ම පෙරදැරි කරගත යුතු වේ. එවිට ඒ යහපත් අරමුණ සාර්ථක වනු
ඇත. |