සිල්වත් ජීවිතය
නාරාහේන්පිට සමාධි විහාරාධිපති,
රාජකීය පණ්ඩිත,
උඩුමුල්ලේ සරණපාල හිමි
මනුෂ්‍යයෙකුට ප්‍රඥාව ලැබෙන්න ලැබෙන්න ජීවිතය පහසු වෙනවා. අප
ජීවත්වෙනවා කියන්නේ ප්‍රශ්නවලට මුහුණදෙන එකයි. මනුෂ්‍යයෙකුට සත්‍ය
අවබෝධකරගෙන ජීවත්විය හැකිනම්, ගැටළු සමනය කරගත හැකියි. ප්‍රඥාව දියුණු
කර ගැනීමෙන්, මනුෂ්‍යයෙකුට සැප ලැබීමට හැකිවෙනවා. සැප යනු පුද්ගලයෙකුගේ
කායික, මානසික, සමාජ, අධ්‍යාත්මික යහපැවැත්ම සුරක්ෂිත කර ගැනීමයි.
බුදු දහමේ ශීලය පිළිබඳව ගැඹුරින් ම විග්‍රහ කරයි. ශීලය යනුවෙන්
හඳුන්වන්නේ කය වචන යන අංශ දෙකේ සංවරබවයි.
“ සුඛං යාව ජරා සීලං
සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛෝ පඤ්ඤාය පට්ලාභො
පාපානං අකරණං සුඛං”
“මිනිසුන් සාමාන්‍යයෙන් සැප ලැබීමට කැමැති වෙති. මනුෂ්‍ය ජීවිතයේ දිවි
ඇතිතාක් කල්, සැප ලැබිය හැකි කරුණු හතරක් ගැන කියවේ. දිවි ඇති තාක්
කල්, ශීලවන්තව කටයුතු කිරීමෙන් පුද්ගලයන්ට සැප ලැබිය හැකිය.
ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමෙන් පුද්ගලයෙකුට සැප ලැබිය හැකිය. තුණුරුවන්
කෙරෙහි විශ්වාසයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් පුද්ගලයාට සැප
ලැබිය හැකිය. පුද්ගලයාට ජීවිතයේ, පව්කම්වලින් බැහැරවී කටයුතු කළ
හැකිනම් පුද්ගල ජීවිතයේ සැපවිඳිය හැකිය.” යන්න ඉහත ගාථාවේ අරුත ලෙස
විස්තර කළ හැකිය.
ශීලයේ ප්‍රභේද බොහොමයකි. ශීලය යන්න දිවි ඇති තාක් කල් රැකීමෙන් සැප
ලැබිය හැකිය. යන කරුණ ගතහොත්, ශීලය එතරම්ම, ප්‍රබල වූ සාධකයක් හා
වැදගත් කරුණක් බව පෙනේ.
ශ්‍රද්ධාව ප්‍රඥාවට කලින් ශීලය ගැන කියන්නේ එහි දාන කථා, ශීල කථා,
ශ්‍රද්ධා ඇතුළත් හෙයිනි. මේ ආදී කරුණු ගෙන බැලූවිට, උපතේ සිට මරණය
දක්වා ශීලය දියුණු කළ හැකිනම් ජීවිතයට ලොකු බලපෑමක් ලැබේ. ශීලය
ප්‍රතිපදාවක් ලෙස සකස් කරනුයේ ඒ නිසාමයි. ප්‍රතිපදාව යනු පුරුද්දකි.
පාරම්පරික බෞද්ධ උරුමයට, සමාජ උරුමයට අනුව, අපේ දෙමව්පියන්,
වැඩිහිටියන් අප යම් ආකාරයක හික්මවීමක් සිදු කරයි. කුඩා දරුවා කිසියම්
සතෙකුට හිංසාවක් සිදුකරන විට "පව් පුතා එපා" කියමින් වරදින් වැළැක්වීමේ
දී එම සංකල්පය දරුවා තේරුම් ගනී. අම්මා, තාත්තා යනු පූර්ව ගුරුවරුය.
දරුවා නරක වචනයක් කියූ විට "නරක වචන කියන්නෙ නෑ, හොඳ ළමයි" යනුවෙන්
පවසමින්, දරුවාගේ මනසට ශීලමය බීජයන් ඇතුළත් කරයි. බාලවියෙන්, තරුණවියට,
පා නැගීමේ දී යම් අවබෝධයක් ලබයි. කායික හා වාචසික හික්මීමක් ලබයි. කුඩා
කල සිටම අප දෙමව්පියන්, දරුවන්ට යම් යම් යහපත් දේ පුරුදු පුහුණු කරවයි.
ඒ තුළින් දරුවා තුළ සීලය ගොඩනැගේ. වයස අවුරුදු තුන වෙද්දී දරුවකුගේ
මනසින් 80% පමණ වර්ධනය වේ. දරුවාගේ මනසේ තැන්පත්වන දේ තර්කානුකූලව
දියුණු විය යුතුයි.
පුද්ගල ජීවිතයේ අවධි දහයක් සම්බන්ධයෙන් විසුද්ධි මාර්ගයේ කියා ඇත. ඒ
අවධීන් තුළ අවධියෙන් අවධියට සීලය දියුණු කරගත හැකිය. ක්‍රීඩා අවධියේ
දී, මනසට අවශ්‍ය පරිදි තැන්පත් කළ හැකිය. කුඩා වියේ සිට මහළු විය දක්වා
ම කය වචනය සකසා ගැනීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා
තියෙනවා, ධර්මය හා ශීලය අනුව කයේ හා වචනයේ හැසිරීම යහපත් වන බව නමුත්
කය, වචනය, මනස යන්නෙන් ගත්කළ මනස පුද්ගලයාට විශේෂ වේ. පුද්ගලයකුගේ
ජීවිතයට සම්මා සංකප්ප දියුණු කරගත හැකිය. යහපත් කතා හා යහපත් හැසිරීම
දරුවෙකුට පුරුදු පුහුණු කළ පසුව ඔහුට තේරෙන වයසට එනවිට, තමුන්ගේ
හැසිරීම, හොඳද? නරකද? කියා තේරුම් ගැනීමට පුළුවන. දරුවකු පුංචි කාලෙදි
සිදුකරන කතා බහේ හා හැසිරීමේ යහපත් බවක් ක්‍රමිකව වැඩිහිටි වන විට
ඇතිවනවා. නමුත් වර්තමානයේ පුද්ගලයාගේ හැසිරීම්වල වෙනස්කම් පෙන්නුම්
කරනවා. එහෙම වෙන්නේ පුංචි කාලේ සීලමය වතාවත්වල ඌනතාවයන් නිසයි. මෙවැනි
ගැටලු නිසා එම දරුවා අවුරුදු විසිපහක පමණ තරුණයෙකු බවට පත්වෙද්දී බොහෝ
සමාජ විරෝධී ක්‍රියා හා නොගැලපෙන හැසිරීම්වලට හේතුවෙනවා. පුද්ගලයා
උපතින් ප්‍රභාස්වරයි. ඔහුගේ සිත හඳුනාගෙන ඒ අයුරින් ගොඩනගා ගතහොත් නරක
පැත්තට යොමුවීමක් නොවේ. උපතින් ම පුද්ගලයෙකුට හොඳ වැඩ කිරීමේ වුවමනාව
තියෙනවා. එය නිවැරැදි පැත්තට යොමුකර ගත යුතුයි. මෙහි දී කර්ම සාධක හා
පරිසරයත් වැදගත් වේ. සීලය පුංචි කාලේ සිට ම රෝපණය කිරීම වැදගත් වේ.
මෙම ගාථාවෙන් කියවෙන දෙවන කරුණ වන්නේ ‘සුඛා සද්ධා පතිට්ඨිතා’ යන්නයි.
ශ්‍රද්ධාව යනුවෙන් හඳුන්වන්නේ මූලික ලෙස තුණුරුවන් කෙරෙහි පැහැදීමයි.
විශ්වාසයයි. මෙය ද පුංචි කාලේ සිටම ගොඩනැගිය යුතු දෙයකි. බුදුන්, දහම්,
සඟුන් කෙරෙහි යම් කිසි කැමැත්තක් ඇතිවේ. ඒ තුළ යම්කිසි සුවයක් විඳීමක්
ඇතිවේ. ඔහු තුළ ශ්‍රද්ධාව යම් ආකාරයක රෝපණය වීමක් සිදුවේ. බුදුන්
වඳින්න, දහම් අහන්න, මහා සංඝරත්නය ගැන කිසියම් වුවමනාවක්, ඇතිවන විට
ශ්‍රද්ධාව ටිකින් ටික ගොඩනැගේ. ප්‍රඥාව ඇතිව තිබෙන ශ්‍රද්ධාව වැදගත්ය.
අවබෝධයෙන් ප්‍රඥාව එකතුවීම තමයි ශ්‍රද්ධාවෙන් ඵලදරනුයේ. මෙය මනෝ
විද්‍යාත්මකවේ. බුදුන්, දහම්, සඟුන් පිළිබඳ අවබෝධය විශ්වාසයයි. මෙම
ශ්‍රද්ධාව හුරුවන විට තවත් බොහෝ දේ ගොඩනැගේ. බුදුන්, දහම්, සඟුන් ගැන
සංකල්පය එකතුකර ගතහැකියි. ලෞකික හා ලෝකෝත්තර දියුණුව පිළිබඳ අවබෝධයෙන්
යුතුව කටයුතු කළ යුතුයි. ඔහුගේ ජීවිතය ඒ ගමනට ගැළපෙන අයුරින් සකසා
ගැනීමට හුරුවේ. එසේ නොමැතිවන තැන තමයි ප්‍රශ්න ඇතිවනුයේ. ශ්‍රද්ධාව
කුඩා කල සිට රෝපණය කළහොත්, හැමට ම යහපත් ගමනක් ගැන සිතිය හැකිය.
එමෙන් ම ලෝකෝත්තර පැත්තට යාමට කල්පනා කළත් තුණුරුවන් පිළිබඳ අවබෝධයක්
නොමැතිව ලෝකෝත්තර අංශයට යා නොහැකිය. මේ අවබෝධය තුළ ලෝකෝත්තර ගමනට
අවබෝධය හා විශ්වාසය යන ක්‍රමවේදය සකස් කර ගන්නා ඒ පාර, සකස් කර ගැනීමේ
දී එම ප්‍රතිපදාවෙන් සම්පූර්ණ කර ගැනීමට උනන්දුව තිබෙනවා නම් හැකිය.
තුණුරුවන් ගැන විශ්වාසය ඇති කෙනෙකුට ලෞකික ජීවිතය හදාගන්නා ගමන්,
ලෝකෝත්තර ජීවිතයත් සකසා ගත හැකියි.
ප්‍රඥාව යනු අවබෝධය හා නුවණයි. මෙය සිද්ධාර්ථ බෝසතුන් පාරමිතාවක් ලෙස,
සම්පූර්ණ කරන ලදී. මෙම ප්‍රඥා බලමහිමය, විහිදා දැක්වෙන කථා පුවතක් තමයි
“උම්මග්ග ජාතකයේ’ ‘මහෞෂධ පඬිතුමාගේ’ කතාව. මෙයින් අපට පැහැදිලි වෙනවා,
අපිටත් මේ වගේ ප්‍රඥා සම්පන්ව කටයුතු කළ හැකියි කියන කාරණය. මිනිසාට
ප්‍රඥාව දියුණුකරගත හැකියි. ඒ තරමට ම ජීවිතය සාර්ථක කරගත යුතුයි. අපි
හුඟක් ප්‍රශ්නවලට පැටලෙන්නේ ගැටලු පිළිබඳ අනවබෝධය නිසයි. ‘නාගසේන
රජතුමා’ හා ‘මිලින්ද’ ප්‍රශ්නයේ දී ප්‍රඥාවෙන් ගැටලු විසඳූ ආකාරය
ප්‍රකට වෙනවා.
මනුෂ්‍යයකුට ප්‍රඥාව ලැබෙන්න ලැබෙන්න ජීවිතය පහසු වෙනවා. අප ජීවත්වෙනවා
කියන්නේ ප්‍රශ්නවලට මුහුණදෙන එකයි. මනුෂ්‍යයෙකුට සත්‍ය අවබෝධකරගෙන
ජීවත්විය හැකිනම්, ගැටළු සමනය කරගත හැකියි. ප්‍රඥාව දියුණු කර
ගැනීමෙන්, මනුෂ්‍යයෙකුට සැප ලැබීමට හැකිවෙනවා. සැප යනු පුද්ගලයෙකුගේ
කායික, මානසික, සමාජ, අධ්‍යාත්මික යහපැවැත්ම සුරක්ෂිත කර ගැනීමයි.
පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙන්නේ අවබෝධයෙන් යුතුව විචක්ෂණ බුද්ධියෙන්
කටයුතු කිරීමට නොහැකිවූ විටයි. එම ප්‍රශ්නවල ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ
නැතිව, කටයුතු කරන්නේ කෙසේද? යන්න අවබෝධකරගැනීමෙන්, ස්ථානෝචිත ප්‍රඥාව
මෙහෙයවා කටයුතු කිරීමෙන් ගැටුමින් තොරව ජීවත්විය හැකිය.
’පාපානං අකරණං සුඛං’ යනු පව්කම්වලින් වැළකී කටයුතු කිරීමට හැකිනම් එය
සැප ලැබිය හැකි කරුණක් යන්නයි. පව්කම් සිදුවන්නට හැක්කේ කෙසේද? කයින්,
වචනයෙන්, සිතින් සිදුවිය හැකිය. මනසින් සිදුවිය හැකි වැරැදි ලෙස
අවිජ්ජා, ව්‍යාපාද, මිච්චාදිට්ඨි සඳහන් කළ හැකිය. සිත, කය, වචනය තුළින්
වැරැදි සිදුවිය හැකිය. මෙම වැරැදිවලින් ආරක්ෂා විය හැකිනම් යහපත්ය.
සම්මා ආජීවයෙන් (යහපත් දිවි පැවැත්මෙන්) කල්ගත කළ යුතුය. වැරැදි
වෙළෙදාම්වලින් වැළකී සිටීම යහපත් ය.
බොහෝ වෙලාවට පුද්ගල මනස සැකැසී ඇත්තේ අකුසලයට බරවය. පුද්ගලයකුට කුඩා කල
සිටම, වැරැදි පැත්තට නැඹුරුවීමක් සිදුවූයේ නම්, ඒ අංශය තමයි වැඩිපුරම
දියුණුවෙන්නේ.
කොයි කවුරුත් සැපයට ප්‍රිය කරයි. පුද්ගලයකුගේ මනස ක්‍රියා කරන ආකාරය,
තේරුම්ගෙන කටයුතු කිරීමෙන් සැප ලැබීමට හැකිය. වත්මන් සමාජයේ පුද්ගලයෙකු
වැරැදි අංශයට යොමුවන්නේ අනවබෝධය නිසා බව පැහැදිළිය. බුදුන් වහන්සේ
දේශනා කර ඇත්තේ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් සමාජයට ආදරය කරන
පුද්ගලයෙක් නිර්මාණය වන බවයි. ඒ තුළින් සීලය ආරක්ෂා කරගෙන සැප ලැබිය
හැකි බවයි.
සාකච්ඡා කළේ
නිශානී ලසිතා හේරත් බන්නැහැක |