මධ්‍යම ප්‍රතිපදාව
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
රාජකීය පණ්ඩිත, අග්ග මහා පණ්ඩිත,
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති,
පල්ලත්තර සුමනජෝති නා හිමි
මෙම ලිපියෙහි පළමු කොටස ඇසළ පුර පසළොස්වක පෝදා (ජූලි 31)පත්‍රයේ පළවිය
බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ
සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු
දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ
ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු
විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ
විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ.
ප්‍රඥා, විතර්ක, වීර්ය, ස්මෘති, එකග්‍රතා යන චෛතසික අට ආර්ය අෂ්ටාංගික
මාර්ගයට අයත් වේ. මෙහි දැක් වූ ප්‍රඥා චෛතසිකය සම්මාදිට්ඨියයි. සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන තුන විරතියයි. සම්මා වායාමය
වීර්යයයි. ස්මෘතිය සම්මා සතියයි. එකග්ගතාව සම්මා සමාධියයි. මෙහි සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, තුන සීලයයි. සම්මාවායාම, සම්මා සති,
සම්මා සමාධි තුන සමාධියයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප යන දෙක
ප්‍රඥාවයි. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට අයත් වේ.
නිවන අවබෝධ කරගැනීමට භාවනා කරන්නා පළමුවෙන් ශීලයෙහි පිහිටා දෙවනුව
සමාධිය වඩා අවසානයෙහි විදර්ශනා වඩා ප්‍රඥාව ලැබිය යුතු යි. අනතුරුව
බුදුරජාණන් වහන්සේ වදාරනව මෙසේ දුක්ඛාර්ය සත්‍යය දුක්ඛ සමුදයාර්ය
සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්‍ය යන
සත්‍ය සතර මා පෙර නෑසු ධර්මයකි. ඒ පිළිබඳ නුවණැස පහළ වුණ, ඥානය පහළ
වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණි. මහණෙනි,
මේවායින් දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යයි පළමු නුවණ මට පහළ වුණ.
අනතුරුව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ප්‍රහාණ කළ යුතුය යන නුවණ පහළ වූණා.
අනතුරුව දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතුය යන නුවණ
පහළ වුණා. අනතුරුව දුක්ඛ නිරෝධගාමිණි පටිපදා ආර්ය සත්‍යය වැඩිය යුතුය.
ප්‍රගුණ කළයුතුය. යන නුවණ පහළ වුණා. අනතුරුව මේ සත්‍ය හතරම වඩන ලදැයි
යන නුවණ පහළ වුණා. මෙසේ සත්‍යඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන යන
ත්‍රිවිධාකාරයෙන් මේවා පිළිබඳ නුවණ පහළ වුණා. මහණෙනි, චතුරාර්ය සත්‍යය
වඩා නිවන් අවබෝධවන තුරු මරුන්, බඹුන්, මහණ බමුණන් දෙවි මිනිසුන් සහිත
ලෝකයට මම උතුම් සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි යි පිළින නොකෙළෙමි.
ප්‍රකාශ නොකළෙමියි වදාළහ. මහණෙනි, කිසියම් දවසෙක තිපරිවට්ට (එකක් තුන්
ආකාර වශයෙන් දොළොස් ආකාර වූ) චතුරාර්ය සත්‍යය ඇති සැටියෙන්
(යථාභූතඥානයෙන්) නුවණට වැටහුණේ ද එකල්හි මරුන්, බඹුන්, දෙවි, මිනිසුන්
සහිත ලෝකයට මම උතුම් සම්බෝධිය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලය ස්ථිරය.
මේ මාගේ අන්තිම උපතයි. මට මතු භවයක් නැත. යන සිහිකටයුතු ප්‍රත්‍යවේක්ෂ
ඥානය පහළ වී යයි වදාළෙමි.
ධම්මචක්ක දේශනාව නිමාවීමෙන් හිරු බැසයාමත් කොණ්ඩඤ්ඤ තවුසාණන් සොතාපත්ති
ඵලයට පත්වීමත් යන කරුණු තුන එකවිටම සිදුවිය. එසේම ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ
තවුසාණන්ට යම්කිසි ධර්මයක් (එනම් සත්ත්ව පුද්ගල හෝ එසේ නොවන හෝ
ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක්ම නිරුද්ධවීම ස්වාභාවිකය යන රාගාදී රජස්
රහිත පහවූ දෘෂ්ටි විචිකිච්ඡා දී මළ රහිත (සක්කායදිට්ඨි, විචිකිච්චා යන
සංයෝජනයන්ගෙන් තොර) සොතාපත්ති මාර්ගඥානය (දහම් ඇස) අඤ්ඤාකොණ්ඩඤ්ඤ
තෙරුන්ට පහළ විය. (ධම්ම චක්ඛුං උදපාදී)
බුදුරදුන් ගේ මේ මංගල ධර්ම දේශනාව අසන්නට පස්වග මහණුන් හැර පැමිණ
සිටියේ දසදහසක් සක්වල දෙව් බඹුන්ය. මේ දේශනාව හමාර කරත්ම භූමාටු
දෙවතාවන් විසින් බුදුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී මේ
ලෝකයෙහි කිසිම ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු
විසින් නො පැවැත්විය හැකි නිරුත්තර වූ මේ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ
විසින් පවත්වන ලදැ’යි කියා මහ හඬින් සාධුනාද දුන්හ. එම සාධුනාදය ඇසූ
චාතුර්මහා රාජික, තාවතිංස, යාම තුසිත නිම්මාණරතී, පරනිර්මිත වසවර්ති යන
සදෙව් ලෝ වැසි දෙවියෝ ද බ්‍රහ්ම කායිකාදී දෙවියෝ ද ඉහත සඳහන් ප්‍රකාශය
කරමින් සාධුනාද පැවැත් වූහ. බඹලොව තෙක් මේ සාධු නාදය උස්ව හැඟෙත්ම දස
දහසක් සක්වල ලෝක ධාතුව කම්පා විය. (සංකම්පි’ සම්පකම්පි’ සම්මපවෙධී)
අතිශයින් කම්පාවිය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා අප්‍රමාණ වූ උදාර වූ
ආලෝකයක් ලොව පුරා පැතුරුණි.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් ‘කොණ්ඩඤ්ඤ’
(ඔබ) ඒකාන්තයෙන් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේ ය. කොණ්ඩඤ්ඤ, ඔබ
ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තේය යනුවෙන් තෙවරක් කියා තමන්
වහන්සේගේ (උදානය) පී‍්‍රතිය ප්‍රකාශ කළ සේක. සිව්සස් අවබෝධ කළ පළමු
ශ්‍රාවක කොණ්ඩඤ්ඤ තෙරණුවෝ එතැන් පටන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් වූහ. අඤ්ඤාසි
වත භො කොණ්ඩඤ්ඤො යයි බුදුහු වහන්සේ වදාළහ. ඉතිරි සිව් නමට ඒ අවස්ථාවේ
මාර්ග ඵලයක් නොලැබුණත් අප්‍රමාණ දේව සමූහයෝ මාර්ගඵල ලාභීහු වූහ.
මේ පස්වග තවුසන් හැම දෙනාම බුදුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා අපට
ඔබවහන්සේගේ සසුනේ පැවිද්ද ලබා දෙන මෙන්. අපි ඔබවහන්සේගේ මේ ධර්මය
පිළිගත්තෙමු කියා පැවිද්ද ඉල්ලා සිටියා. එවිට බුදුන් වහන්සේ ඔවුන්ගේ
අතීත පුණ්‍ය මහිමය බලා පළමු වන දිනයේ කොණ්ඩඤ්ඤ තවුසාට ඒහිභික්ඛු
පැවිද්ද හා උපසම්පදාව ලබා දුන්හ. ඉක්බිති දෙවන දිනයෙහි බුදුන්ගේ
අනුශාසනාව ඇසූ භද්දිය හා වප්ප යන දෙනම සෝතාපත්ති ඵලයට පත්ව බුදුන්ගෙන්
පැවිද්ද ඉල්වා ඒහි භික්ඛු සාමණේර පැවිද්ද හා උපසම්පදාව ලැබූහ. අනතුරුව
තෙවන දිනයෙහි බුදුන්ගේ අනුශාසනාව අසා මහානාම හා අස්සජි යන දෙනම සෝවාන්
ඵලයට පැමිණ බුදුන් ළඟ පැවිද්ද ඉල්ලා ඒ දෙනම ද ඒහි භික්ඛු පැවිද්ද හා
උපසම්පදාව ලැබූහ. මේ කාලය තුළ මාර්ගඵලලාභී භික්ෂූන් පිඬු සිඟා වැඩ දානය
ගෙනවුත් බුදුන් ප්‍රධානව එම දානය පරිභෝග කළහ. අවසානයෙහි බුදුරජාණන්
වහන්සේ සොතාපන්න වූ පස්වග භික්ෂූන් අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසමින්
මහණෙනි, රූප වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවා මාගේ නොවෙයි. මේ
රූපාදිය මම නොවෙමි. මා කැමැති පරිදි මේවා පවත්වා ගන්න නොහැකිය. මේවා
අනාත්මයි. සදාකාලිකව නොනැසී පවත්නේ නොවෙයි. යනුවෙන් සත්ත්වයා අනිත්‍ය
දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත බව හෙවත් යථා ස්වභාවයෙන් යුක්ත
බව පෙන්නා දී රූපාදියෙහි ඇල්ම දුරු කොට ඒවා පිළිබඳ කලකිරුවා ඒවායින්
මිදීම සසර දුක් නිවීමට හේතුවන බව පහදා දුන්හ. ඒ ඇසූ පස්වග මහණහු සතුටට
පත්ව තෘෂ්ණා දෘෂ්ටිවලින් මිදී කෙලෙසුන්ගෙන් මිදුනහ. සියලු සත්ත්වයෝ
නිවනින් සදාකාලික සැනසීම ලබත්වා. |