දිඹුලාගල නව සේනාසනාධිපති
මිල්ලානේ සිරියාලංකාර හිමි
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ අසරණ සරණ සිරිසරණංකර
උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායකව වැඩවිසූ දිඹුලාගල
සිරිකස්සප මහා පරිවේනාධ්‍යක්ෂ මල්දෙණියේ ජිනාලංකාර හිමියන් අපවත්වීමෙන්
පුරප්පාඩු වූ දිඹුලාගල නව සේනාසනාධිපති ධූරයට මිල්ලානේ සිරියාලංකාර
හිමියන් ඓතිහාසික දිඹුලාගල ශ්‍රී කස්සප මහා සංඝසභාව මඟින් පත්කර ඇත.
ඉතිරිය»
ආශාව දුකට මුලයි
බුදුපියාණන් වහන්සේ මල්ල දනව්වේ උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගමක
වැඩ වසන දවසක භද්‍රක ගාමිණී නමැත්තෙක් උන්වහන්සේ වෙත එළඹියේය.
බුදුරදුන්ට වැඳ පසෙක හුන් හේ බුදුරදුන්ගෙන් මෙබඳු ඉල්ලීමක් කළේ ය.
භාග්‍යවතුන් වහන්ස, මට දුක හටගැනීමත් දුකේ නැතිවීමත් දේශනා කරන සේක්වා.
බුදුරජාණන් වහන්සේ මෙය ඉතා සරල දෙයකින් පැහැදිලි කළ සේක. ‘අහං චේ තේ
ගාමිණි අතීතං අද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දෙසෙය්‍යං,
ඒවං අහෝසි අතීතමද්ධානංති. තත්‍ර තේ සියා ඛෝ කංඛා සියා විමති. අහං චේ තේ
ගාමිණි අනාගතමද්ධානං......’
ඉතිරිය»
ධර්ම දේශනාව:
තිලොවම එකලු කළ සදහම් දෙසුම
සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දුන් දිනය, ඇසළ පොහෝ දිනයයි.
වර්ෂ 2604 කට පෙර කසීරට බැරණැස ඉසිපතනය මිගදායේදී දම්සක් පැවතුම්
සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහ අටක් පමණ දුර ගෙවා
ඉසිපතනය වඩින අතරතුරදි බුදුමුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම
භාග්‍යවත් අවස්ථාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය ඇත්තාවූයේ උපක ආජීවක
තෙමේය. ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැස නුවරට වඩිමි.
අවිදු අන්ධකාරයෙන් වැසී ගිය දෙවියන් බඹුන් මිනිසුන් සහිත සත්වයන් උදෙසා
අමාදම් බෙර වයමි.
ඉතිරිය»
ගම්පහ පෙතියාගොඩ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරය
සියවස් ගණනාවක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියාපාන උඩුගම්පොල ප්‍රදේශයේ
පෙතියාගොඩ ගමෙහි පිහිටි මෙම ශාසනාලෝක පුරාණ විහාරය ගම්පහ
දිස්ත්‍රික්කයේ අද්විතීය නාමයක් ලබා තිබෙන වැදගත් වූ පින්බිමක් ලෙස
හඳුන්වා දිය යුතු ය.
ඉතිරිය»
|