UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිත වත් විය යුතුය. පැහැදිලි කරන්න.

පිළිතුර
තීනි සුචරිනානි” යනුවෙන් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වන්නේ යහපත් හැසිරීම දොරටු තුනකින් සිදුවිය යුතු බවය. කාය සුචරිතය. වචී සුචරිතය. මනෝ හෙවත් සිතෙහි සුචරිතවත් බවය.

ප්‍රශ්නය
බුදු සිරිතෙහි නිරතුරුව

1.ලෝකත්ථ චරියා 2.ඤාතත්ථ චරියා 3.බුද්ධත්ථ චරියා යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද ?

පිළිතුර
1.දෙව් මිනිසුන් සහිත ලෝවැසියා සසර දුකින් මුදවා ලනු පිණිස තථාගතයන් වහන්සේ ගත කළ කාලය, “ලෝකත්ථචරියා” නම් වෙයි.

2.සිය නෑසියන්ගේ යහපත සඳහා කළ ධර්ම චාරිකාව ඤාතත්ථ චරියා” නම් වෙයි.

3.බුදුබව ලබාගැනීම සඳහා පාරමී ධර්ම ප්‍රමේන ගත කළ කාලයා බුද්ධත්ථ චරියා නම් වෙයි.

ප්‍රශ්නය
පුද්ගල ජීවිතයෙහි අධ්‍යාත්මය වනසාලන නිශ්චිත කරුණු තුනක් නම් ,

1.අසීමිත ආශාව 2.අතෘප්තිය 3.පමණ නොදැනීම මෙම කරුණු ධර්මයේ සඳහන් වන්නේ කුමන නමකින්ද?

පිළිතුර
ආධ්‍යාත්මික දියුණුවට බාධාකරන කරුණු වශයෙන් “තයො පටික්ඛ්‍යො” ප්‍රතික්ෂේප කළ යුතු ද වශයෙන්

1.මහිච්ඡතා – (අසීමිත ආශාව)
2.අසන්තුට්ඨිතා – (තෘප්තිමත් නොවීම)
3.අමතඤ්ඤතා – පමණ නොදැනීම

කුසල ධර්මයන්ගේ පරිහානියට සහ අකුසල ධර්මයන්ගේ වර්ධනයට හේතුවන බලගතු සාධක වශයෙන් මෙම කරුණු දේශනාවන් හි සඳහන් වෙයි.

ප්‍රශ්නය
හිංසා පිණිස දඬු මුගුරු ආදී කිසිවක් නොගෙන සියලු සතුන් කෙරේ ක්ෂාන්ති මෛත්‍රී ආදියෙහි සිටි බැවින් මම සිටියෙමි එකී. ගුණයන්හි නොසිට පර පණ නසන තෝ නො සිටියෙහියය වදාරමින් බුදුරුව දක්වා බුදුහු දහම් දෙසන්නට වන්හ. මෙම දේශනාව කළේ කවුරුන් උදෙසාද?

පිළිතුරු
අඟුල්මල් සොරුවෙතට බුදුරදුන් වැඩම කොට වදාළ අවස්ථාවෙහිදී ය.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ ‘මහානාරද කස්සප” ජාතකය බිම්සර රජු හා පිරිසට දේශනා කළහ. සෝවාන් බිම්සර මහරජතුමා බුදුරදුන් වෙත පැමිණ තමා ප්‍රාර්ථනා පසක් ඇතිව සිටි බව කීය. මෙම ප්‍රාර්ථනා පස මොනවාද?

පිළිතුර – බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා මෙසේය.

1.මගධයේ රජ බවට පත්වීම
2.තම රාජ්‍යයට බුදුරජාණන් වහන්සේ වැඩමවා ගැනීම
3.බුදුරදුන් වහන්සේගෙන් දහම් ඇසීම
4. බුදුරදුන් ඇසුරු කිරීමේ කැමැත්ත
5. ධර්මාවබෝධය

ප්‍රශ්නය
මෙම තුන්වැදෑරුම් තෘෂ්ණාව සමුදයාර්ථ සත්‍යය නම් වේ. පැහැදිලි කරන්න.

පිළිතුරු
“මහණෙනි, දුඞඛ සමුදයාර්ථ, සත්‍යය යනු කවරේද? නැවත නැවත ඉපදීම් ඇතිකරන්නා වූ නන්දිරාගය හා එක්ව හටගන්නා වූ ඒ ඒ උපනූපන් භවය ඇල්ම කරන්නාවූ යම් තෘෂ්ණාවක් වේද එයයි

ඒ කවරේද?

කාම තෘෂ්ණාව ,භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව යන මේ තුන් වැදෑරැම් තෘෂ්ණාව සමුදයාර්ථ සත්‍යය නම් වෙයි.

ප්‍රශ්නය
ප්‍රථම වතාවට තිසරණ ගොස් බුදුසමය වැළඳගත් ගෘහස්ථයා ඔහු විය. ඔහු කවරහුද?

පිළිතුර – යසකුල පුත්‍ර පියාණන් බුදු සමය වැළඳගත් පළමු ගෘහස්ථයා ඔහුවේ.

ප්‍රශ්නය – ලෝක පාලක ධර්ම දෙකක් ඇති බව ද්වේ ලෝකපාලක ධම්මා” දෙවධම්මා” යනු දේශනාවන්හි සඳහන් වෙයි. මෙම ලෝක පාලක ධර්ම මොනවාද?

පිළිතුරු
හිරි –ඔතප් දෙක “ශුක්ල” ධර්ම හෙවත් යහපත් ධර්ම ලෙස ඉගැන්වෙයි. හිරියන්නෙන් පවට ඇති ලජ්ජාවත් ඔතප් යන්නෙන් පවට ඇති බියත් අදහස් වේ. මේ ධර්ම දෙක දේවධර්ම වශයෙන් හා ලෝක පාලක ධර්ම වශයෙන් හඳුන්වා ඇත.

ප්‍රශ්නය
බුදු දහමට අනුව ලෝකය විස්තර කිරීමෙහිදී ‘ස්කන්ධ පංචකය’ සමඟ ප්‍රභේද කොට (බෙදා) දක්වා තිබේ. “ද්වේමෙ ලොකා” යනුවෙන් සඳහන් වන්නේ එයයි. ධර්මානුකූලව මෙම බෙදීම පැහැදිලි කරන්න.

පිළිතුර
ලෝකය නාම හා රූප වශයෙන් බෙදා දක්වා තිබේ. නාමයන්නෙන් වෙදනා – සඤ්ඤා සංඛාර – විඤ්ඤාණ යන සතර ගැණෙන අතර රූප යන්නෙන් සතර මහා භූත සංඛ්‍යාත භෞතික අංශය ගැනේ.

ප්‍රශ්නය – කුසල හා අකුසල ක්‍රියාවලට කම්ම නිදාන හෙවත් මුල තුනක් වෙයි. ධර්මයෙහි තීනි කම්ම නිදානාති” යනුවෙන් සඳහන් වන මූල හෙවත් නිදාන මොනවාද?

පිළිතුර
පදගතාර්ථ වශයෙන් “මූල” යනුමුල් යන්නයි. ගසක එහි මුල් තම පදනම හා ශක්තිය කොට පවත්නා මෙන් සියලු කුසලාකුසල කර්මයන්ට නිදාන හෙවත් මුල් තැනක් වෙයි. අකුසල මුල් – තීනි අකුසල මූලානි.

1.ලෝභය – (ඇලීම –ආශාව) (ලුඩ්භතීති ලොභො)

2.ද්වේෂය නම් සිත කෙලෙසාලන වෛරය – තරහ, ක්‍රෝධය, අමනාපය යන වදනින් සඳහන් කරන (දුස්සතීනි දොසො) දේය

3.මෝහය නම් මුළාවයි. (මුය්හතීති මෝහෝ) මෝඩකම , විපරීත,අර්ථය ගැනීම මෝහයයි.

කුසල මූල නම් ,

1.අලෝභ, 2.අද්වේෂ 3. අමෝහ යන ඉහතින් සඳහන් දුර්ගුණයන්ගෙන් වෙන්වූ සිතුවිලිය.

ප්‍රශ්නය – බුදු දහමට අනුව විශිෂ්ට පාලකයෙකුගේ පරමාදර්ශි ස්වරූපය සක්විති රජුගෙන් මූර්තිමත් වෙයි. බෞද්ධ විග්‍රහයට අනුව මූලික සක්විති වත් යනු මොනවාද?

පිළිතුර
මූලික සක්විති වත් සතරෙකි.

1.දැහැමෙන් සෙමෙන් රට පාලනය කිරීම
2.ජීවිත සුරක්ෂිතතාව ඇතිකිරීම
3.ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීම
4.විශාරදයන්ගෙන් උපදෙස් ලබාගැනීම

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]