UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර කැකනදුර හේවගෙවත්ත ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය

මාතර කැකනදුර හේවගෙවත්ත ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය

මාතර කැකනදුර හේවගෙවත්ත ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානය ඉතා රමණීය කඳු ගැටයක් මත පිහිටි උතුම් පින්බිමකි.


බෝගස්ඉඳිවැව සරණතිස්ස හිමි

එම විහාරස්ථානයෙහි ආදි කතුවරයාණන් වහන්සේලා ලෙස පිළිවෙළින් ගාල්ලේ රුප්පේ පියතිස්ස නා හිමි. හුණුවල රතනසාර නා හිමි, කිඹුලාගල පියරතන නා හිමි යන නාහිමිපාණන් වහන්සේලා විහාරස්ථානයෙහි දියුණුවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේලා වෙති.

එම පුණ්‍ය භූමියෙහි වත්මන් විහාරාධිපතිව වැඩ වසන බෝගස්ඉඳිවැව සරණතිස්ස හිමියන් පන්ථාරාම විහාරස්ථානයෙහි අද දවසේ දක්නට ලැබෙන සංවර්ධනය උදෙසා අනූපමේය සේවාවක් ඉටුකර ඇත.

මුල් කාලීනව ඉතා කුඩා ආවාස ගෙයක වැඩ වසමින් ප්‍රදේශයේ ජනතාවගේ ආගමික හා ශාසනික සේවාවන් සිදු කළ සරණතිස්ස නාහිමියන් ප්‍රදේශයේ සැදැහැවත් දායක කාරකාදීන් සහ පරිත්‍යාගශීලි පින්වතුන්ගේ බැතිබර දායකත්වය ලබා ගනිමින් ස්වාමින් වහන්සේලාට වැඩ සිටීම පිණිස ඉතා අලංකාර වූ සංඝාවාසයක් තනා නිමකොට සඟ සතු කරන ලදහ.

සැබවින්ම විචිත්‍රවත් වූ ධර්ම ශාලා මන්දිරයක්, විහාරද්වාරයෙහි මකර තොරණ සඳහා උඩ මළුවට පිවිසෙන පිය ගැටපෙළ සමඟ විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා මෙම පින්බිම වටා ආරක්ෂක පවුරක්ද ඉදි කරවනු ලැබිණ.

මේ උන් වහන්සේ විසින් සිදුකරන ලද සේවාවන්ගෙන් අල්පයක් පමණෙකි.

අප නායක හිමිපාණන් වයෝවෘද්ධ තත්ත්වයට පත්වීමත් සමඟ උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත මැල්ලකැටිගොඩ පියතිස්ස හිමි, උඩුකාවේ සුමනතිස්ස හිමි, උනැල්ලේ ගුණතිස්ස හිමි යන ස්වාමින් වහන්-සේලා සිය උගත් බුද්ධිමත් සිල්වත් විශාර-දභාවයන් උපයෝගී කර ගනිමින් තම ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රදේශයටත් සමාජයටත් ඉටුවූ ආගමික හා ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යමින් ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂි මෙහෙවරක් අද දවස වන විටද සිදු කරමින් සිටිති.

මෙවන් පසුබිමක් යටතේ විහාරස්ථානයේ ආගමික සේවාවන් පුළුල් කොට බොදු මහ ජනතාවට උපරිම සේවාවක් සැළසිය යුතුයැයි ඉටා ගත් වත්මන් විහාරාධිපති සරණතිස්ස හිමියන් අකුරුගොඩ පඤ්ඤාතිස්ස ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ පැවිදි බිමට පත් කර ගත්හ.

කුඩා කල සිටම මුහුකුරා ගිය බුද්ධිමත් භාවයෙන් සහ කාර්යශූරත්වයෙන් හෙබි අකුරුගොඩ පඤ්ඤාතිස්ස ස්වාමින් වහන්සේ ශාසනික සේවාව කෙරෙහි පැවැති අපමණ ලැදියාව නිසාම තමන් දැරූ රාජ්‍ය සේවාවද අත්හැර දමා ලෝ වැසි දනන්ගේ හිතසුව පිණිස පැවිදි බිමට ලක්වූ අතර එතැන් පටන් විහාරාධිපති හිමියන්ගේ අවවාද අනුශාසනා මත සතරපේරුවේ දායක කාරකාදීන්ගේ සහ පරිත්‍යාගශීලි පින්වතුන්ගේ නොමසුරු ආධාර උපකාර ලබමින් විහාරස්ථානයේ දියුණුවට විශාල සේවාවක් සිදුකරමින් සිටිති.

විහාරස්ථ ධර්ම ශාලාවෙහි මේ දක්වා පැවැති අඩු පාඩු සියල්ල දායක කාරකාදීන් ගේ සහයෝගය ලබා ගනිමින් සපුරාලීමට සමත් වූ පඤ්ඤාතිස්ස හිමියන් බෝධින් වහන්සේ වටා අටවිසි බුදුකුටි .තනවා නිම කිරීමත් සමඟම ප්‍රදේශයේ බොදු බැතිමතුන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් උතුරා ගිය අතර සෑම සෙනසුරාදා දිනයකම බෝධින් වහන්සේ අභියස සිදු කරනු ලබන අසිරිමත් බෝධි පූජාවෙන් සහ අටවිසි සම්බුද්ධ පූජාවේ ද පුරෝගාමි හිමියන් වහන්සේ වන්නේ අකුරුගොඩ පඤ්ඤාතිස්ස පොඩි හාමුදුරුවන් වහන්සේය.

සෑම පෝ දිනකම ආගමික කටයුතු ඉටු කිරීම, භාවනා පන්ති, වැඩිහිටි ශීල සමිතිය සහ ළමා ශීල සමිතිය පැවැත්වීම , සෑම සෙනසුරාදා දිනකම අසිරිමත් බෝධි පූජාව සහිත අටවිසි සම්බුද්ධ පූජාව පැවැත්වීම සහ වාර්ෂික කඨින චීවර පූජාව ඇතුළු අති විශාල ආගමික හා ශාසනික සේවාවන් රැසක් පන්ථාරාම විහාරස්ථානයෙන් ඉටු කරනු ලබයි. කැකනදුර ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානයේ සතර පේරුවේ දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම පරිත්‍යාගයෙන් ඉදිකළ අවුකන අනුරූ බුදුරුව (සම්බුදු පියාණන් වහන්සේගේ හිටි පිළිමය) 2015 ජුනි මස 20 වනදා සවස 4.00 යෙදෙන සුභ මොහොතින් සධාතුක කරඬුව සහිත නිධන් වස්තු තැන්පත් කිරීම සහ සැදැහැවතුන්ගේ පුද පූජාවන් සඳහා නිරාවරණය කෙරෙන උතුම් පින්කම සිදුවේ.

2015 ජුනි 20 වනදා සිට 27 දක්වා පින්කම් මාලාවක් සිදුකෙරේ.

 

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]