උඩුහාවර ශ්‍රී මේධානන්ද දහම් පාසල
සටහන ඡායාරූප
බණ්ඩාර පිලවල
ඌව පළාත් බද වැලිමඩ සානුවෙන් වටවූ සුන්දර කඳු වළල්ලක් මධ්‍යයේ ඌව පරණගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුහාවර ශ්‍රී මේධානන්ද දහම් පාසල
කීර්තිමත් විද්‍යස්ථානයක් ලෙස නම් කිරීමට හැකිය.
ප්‍රධානාචාර්ය
මැදවල විජයානන්ද නා හිමි |
උඩුහාවර ශ්‍රී විජයාරාම විහාරස්ථානය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි.
උඩරට අමරපුර නිකාය හා බැඳුණු සංඝපීතෘවරු රැසකගේ ආශිර්වාද මධ්‍යයේ
සැදුම්ලත් මේ විහාරස්ථානයේ ආදි කර්තෘ ලෙස උඩරට අමරපුර නිකායේ ප්‍රධාන
ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලැබූ අපවත්වී වදාළ සිරි ශාසනවංශාලංකාර
පරණගම නන්දාරාම නාහිමියෝ ලේඛන ගත වූහ.
උන්වහන්සේ ආරම්භ කළ ශාසනික ආගමික සාමාජික උතුම් මෙහෙවර සද්භාවයෙන්
ඉදිරියට ක්‍රියාත්මක කිරීම් වස් උඩරට අමරපුර නිකායේ උඩුකිද පාර්ශ්වයේ
ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත උඩුහාවර මේධානන්ද නාහිමියෝ මෙකී
විහාරස්ථානය ඌව පළාතේ පමණක් නොව සමස්ත දිවයිනේම චිරත් ප්‍රසිද්ධියට
පත්කළ සේක.
මේ විහාරස්ථානය සමඟ සහ සම්බන්ධතා දක්වන විහාරස්ථාන අතරට බණ්ඩාරවෙල
හල්පේ ගංගාරාමය, නානුඔය ශ්‍රී වර්ධනාරාමය, නුවරඑළියේ ගංගාරාමය,
නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා උඩුහාවර මැද හින්නේ
විහාරස්ථානය යන විහාර වේ.
ආචාර්ය මණ්ඩලය |
දහම් පාසල් දරුදැරියන් රැස්වීමකට සහභාගිවී ඇති අයුරු |
උඩරට අමරපුර නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ අපවත්වී වදාළ රාජකීය
පණ්ඩිත උඩුහාවර ජිනානන්ද හා කුරුඳු ගොල්ලේ දේවින්ද නාහිමිවරු මෙකී
විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළහ.
ඉන් අනතුරුව පනන්වෙල විද්‍යා ප්‍රදීප මහ පිරිවෙනේ විශ්‍රාමලත්
පරිවෙණාධිපති ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත මැදවෙල විජයානන්ද නාහිමියෝ
විහාරාධිපති තනතුරට පත් වී මේ විහාරස්ථානයට නව පණක් ලබා දුන්හ.
උන්වහන්සේ විහාරස්ථානයකට අවශ්‍ය කරන සකල විහාරාංගයන්ගෙන් මෙකී
විහාරස්ථානය සමලංකෘතභාවයට පත් කළහ. 1986 වර්ෂයේ ශ්‍රී මේධානන්ද දහම්
පාසල උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ කිරීම සමස්ත ඌව පළාතටම නව
ආලෝකයක් ගෙන දුන්හ.
අප නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වය ඔස්සේ පාසල් දරු දැරියන් සුළු
සංඛ්‍යාවකින් ආරම්භ කළ දහම් පාසල දැනට සිසුන් තුන් හාරසීයක් ඉක්මවා යන
මට්ටමෙන් පවතී.
ප්‍රධානාචාර්ය ධූරය උසුලන මැදවල විජයානන්ද නාහිමියන්ගේ අවවාද අනුශාසනා
පරිදි ප්‍රදේශයේ විනය ගරුක දහම් පාසලක් ලෙස පවත්වාගෙන යෑම සුවිශේෂ
සිද්ධියකි.
ධර්මඥානය ලබාදීම සඳහා ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය විස්සකින් පමණ යුක්ත
වේ. දහම් පාසල් පළමු ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන, ධර්මාචාර්ය
ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. විවිධ කුසලතාවයන් ඔස්සේ පෙළ ගැසුන දරු
දැරියන් විශාල සංඛ්‍යාවක් වරින් වර රටට දැයට දායාද කිරීමට හැකි වූ බව
නාහිමියෝ කීහ.
ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්, සමස්තලංකා ආදී දහම් පාසල් තරග අතරින්
වරින් වර විශිෂ්ට කුසලතා දැක් වූ දරුවෝ සිටිති.
විවිධ ආර්ථීක දුෂ්කරතා මධ්‍යයේ ගැමි ජනතාවක් ජීවත් වන මෙවැනි ප්‍රදේශයක
දහම් පාසලක් ඉදිරියට යෑම බොදු සැදැහැතියන් ලැබූ මහඟු අත්වැලක් සේ
සැලකීමට හැකිය.
|