ශාසනික ව්‍යවහාර
කොටගම
වාචිස්සර නා හිමි
පැවිද්දාගේ ජීවිතයේ සෑම ඉරියව්වක් ම සඳහා ව්‍යවහාරයේ අපූරු යෙදුම්
භාවිතා වේ. ජලය නෑම පැන් පහසුවෙනවා යැයි ද, බුලත් විට දැහැත් ලෙස ද
බෙහෙත් ඇතුළු අනෙකුත් පාන වර්ග ගිලන්පස ලෙසද ඉඳගැනීම වැඩ ඉන්නවා කියා ද
ව්‍යවහාර කරති. අතුගෑම – ඇමදීම ලෙසත්, මිදුල – මළුව ලෙසත්, සුදු රෙද්ද
– පිරිවටය ලෙසත්, ජල පෙරණය පෙරහන්කඩය ලෙසත්, නෑමට අඳින වස්ත්‍රය – නාන
කඩය ලෙසත් ශාසනික ව්‍යවහාරයේ පවතී.
පැවිදි සමාජය ගිහි සමාජයට වඩා උත්තරීතර බව සමාජීය පිළිගනී. ඒ
විමුක්තිගාමී මගෙහි ප්‍රවේශ වී ඇති බැවිනි. මජ්ක්‍ධිම නිකායේ ඝෝඨමුඛ
සූත්‍රයට අනුව කෙත්වතු, ධන ධාන්‍ය, මුතු මැණික් අඹුදරුවන් ආදී සියල්ල
හැරදමා පැවිදි බව ලද නිසාත් විමුක්ති මඟ ස්පර්ශ කරන නිසාත්ය. ගිහියා ඒ
සියල්ල සොයමින් බලමින්, විමසමින්, ගවේෂණය කරමින්, රැස්කරමින්, ක්‍රියා
කෙරේ. එබැවින් ඔහු ගමන් කරන්නේ සසර මගෙහිය. මේ තත්ත්වය නිසාම කවදත්
පැවිදි සමාජය ගිහියාගෙන් බුහුමන් ලදහ.
මේ ස්වභාවය නිසාම පැවිදි උතුමන් සඳහා ගිහියා ශාසනික ව්‍යවහාර
සම්ප්‍රදායයක් පුරාතනයේ සිට ම ගොඩනගාගෙන ඇත. ලොව වෙනත් ආගමික ශාසනයක
දක්නට නොමැති පමණට පොහොසත් ශාසනික ව්‍යවහාරයක් බෞද්ධයා සතුව ඇත. ගිහියා
පැවිද්දා වෙත දක්වන ගෞරවයත්, ප්‍රසාදයත්, ශ්‍රද්ධාවත්, ඇගයීමත්,
බුහුමනත් මෙමගින් සුචනය කෙරේ. මෙම ලිපියෙන් අවධාරණය කෙරන්නේ එයයි.
භික්ෂුව යනු ගිහියාගේ පින්කෙතයි. පැවිද්දාගේ දර්ශනය පමණක් නොව
ආමන්ත්‍රණය, හැසිරීම ආදී සෑම අංශයක් ම ගිහියාගේ ප්‍රසාදය පිණිසම විය
යුතුයි. විශේෂයෙන් විනයෙන් අවධාරණය කොට ඇති පරිදි අප්පසන්නානංවා පසාදාය
– පසන්නානං වා භියෝභාවාය යන්න සඳහා භික්ෂුව තම චරියාව සකසා ගත යුතුමය.
අපැහැදුණු අයගේ සිත් පැහැදීමටත් පැහැදුණු අයගේ ප්‍රසාදය වඩා වර්ධනයටත්
තම චර්යාව හික්මවා ගැනීමට භික්ෂුව තරයේ වග බලා ගත යුතුයි. ඒ සඳහා
ගිහියාගේ ශාසනික ව්‍යවහාරය අතිශයින් ම ප්‍රබලය.
සිංහල භාෂාවේ හා බුදුදහමේ අනුහසින් අන්‍ය ලබ්ධිකයන්ට වඩා විශේෂ වූ භාෂා
ප්‍රයෝග, කතා බහ ශ්‍රී ලාංකික බෞද්ධ වන අපට ඇත. අපේ පැරණි බුද්ධිමත්
මුතුන්මිත්තන් ශාසනික ව්‍යවහාරයන් සංස්කෘතික ලක්ෂණ ලෙස ගෙන ඇගයූහ.
ව්‍යවහාර කළහ. භාවිතා කළහ. ආරක්ෂා කළහ. වර්තමානයේ ද ගිහි – පැවිදි
සුළුතරයක් අතර හෝ ශාසනික ව්‍යවහාර රැඳී පවතින්නේ ඔවුන්ට පින්
සිදුවන්නටය.
ශ්‍රී ලාංකික බෞද්ධයාගේත්, භික්ෂුවගේත්, ගිහියාගේත් අනන්‍යතාවය
තහවුරුවෙන ප්‍රධාන ලක්ෂණයක් ලෙස ශාසනික ව්‍යවහාරය නම් කළ හැකිය.
භික්ෂුව ගන්නා ආහාරය දානයයි. ගිහියාගේ ආහාරය කෑමයි. මේ දෙකෙහි වෙනසක්
ඇත්තේ පිළියෙල කර ගන්නා ක්‍රමවේදය අනුවයි. දානය පිළියෙල කරන්නේ
කැපවීමෙනි. නා පිරිසුදුව, හිසපීරා, සුදුවතක් ඇඳ, පිළිවෙතක පිහිටාය.
දානය පිළියෙල කිරීමේ දී ඉඳුල් නොකරති. අඩුම තරමේ ලුණුවත් නොබලති. දානයට
ගන්න සහල් ගරනු ලබන්නේ දෙතුන්වරක් පෙරා ගන්නා ලද පැන්වලිනි. පිසීමට
ගන්නා වළඳ පවා නැවුම් එකකි. පැරණි එකක් නම් එය කීපවරක් ම සෝදා පිරිසුදු
කර ගනී. විටෙක උඩුවියන් බැඳගෙන පිසනු ලබයි. බුදුරදුන් ප්‍රධාන මහා
සංඝයාට පිරිනැමීමට පිළියෙල කරන දානය වැළඳීම සඳහා විනා කෑම කෑම සඳහා
නොවේ. ඒ නිසා ම පැවිද්දෝ කෑම නොකති. දන් වළදති. ගිහියෝ කෑම කති. දන්
නොවළදති.
වැළදීම ද වෙසෙසාම කරති. ගිහියෙකුට මෙන් ආහාර ගැනීමට පැවිද්දාට නොහැකිය.
සේඛියා ධර්මවලින් සහමුලින් ම දන් වැළඳීම පැන් වැළඳීම කරන අයුරු වෙසෙසා
ඇත. මෙමගින් අවධාරණය කරන කරුණු ගිහියාට ද එකසේ වැදගත් ය. නමුත් ගිහි
සමාජයට වඩා පැවිදි සමාජය පරමාදර්ශී විය යුතු නිසා භික්ෂුව දන් වැළඳිය
යුතුමය. ඒ අනුව ඇවිදිමින්, කතා කරමින්, තලු මරමින් ඉහළට අදිමින්,
සිනාසෙමින්, අතලෙවකමින් මේ ආදී ලෙසින් දන් වැළඳීම කළ නොහැකිය. එය
අශෝභනය. එපමණක් නොව ප්‍රත්‍යවේක්ෂා කරමින් ම දන් වැළඳිය යුතුය. වැළඳීම
යනු ඒ පරිදි සිහි නුවණින් කරන හෙයිනි. ආහාරේ පටික්කූල සංඥාවත්,
ආහාරයෙහි පමණ දැන වැළඳීමත් අවශ්‍යමය. මේ තත්ත්වය නිසා භික්ෂුව දන්
වැළඳීම කරති. ශාසනික ව්‍යවහාරයෙහි භික්ෂුව දන් වැළඳීම කරන්නේ මේ ලෙසනි.
වර්තමානයේ බොහෝවිට අසන්නට ලැබෙන්නේ පැරණි ශාසනික ව්‍යවහාරය නොවේ.ඇතැම්
වැඩිහිටියන් පවා දන් පිළිගන්වන විට බත් බෙදන්නද, වතුර දෙන්න ද ආදී
ලෙසින් විමසති. ශාසනික ව්‍යවහාරය වන්නේ දානය පිළිගන්වන්න ද, පැන්
පිළිගන්වන්න ද ආදී ලෙසිනි. නමුත් ප්‍රභේදයකින් තොරව සඳහන් කරනු
හැකිවන්නේ බොහෝ දෙනා ජලය, ආහාරය ආදිය සඳහා ශාසනික ව්‍යවහාර බස නොදන්නා
බවයි.
පැරණි සම්ප්‍රදාය තුළ භික්ෂුව ගිහියා මෙන් ගමනක් නොයති. උන්වහන්සේ
බැහැරක් වඩිති. යමක් කමක් දන්නා උදවිය එබඳු භික්ෂුවකගෙන් අසා සිටින්නේ
ස්වාමීන් වහන්ස, බැහැරක් වඩිනවාද යනුවෙන්, නැතිනම් වැඩියා ද කියායි.
ගියාද කියා නොවිමසති. භික්ෂුව ගිහියා මෙන් තකහනියේ අසංවරව, දුවමින්,
දෑත් විහිදුවමින් හා ඉක්මන් වේගයෙන්, දුරින් අඩිය නොතබති. ඉතා සන්සුන්
ගමනින් වඩිති. වටපිට නොබලති. සංවරව වඩිති. එම ගමන් ලීලාව පවා කිසියම්
පණිවිඩයක් දකින්නා තුළ ඇති කරන්නක් ම විය යුතුයි. වඩිනවා යැයි කියන්නේ
එබැවිනි.
නිරන්තර සිහියෙන් ක්‍රියාකරන නිසා භික්ෂුව ගිහියාට වඩා සති සම්පජඤ්ඤය
වැඩිය යුතු අතර ගිහියා ද භික්ෂුවගෙන් අන් අයට වඩා වැඩි යමක් අපේක්ෂා
කෙරේ. භික්ෂූත්වයේ මූලික පදනම සීලයයි. හික්මීමයි. සංවරකමයි. විමුක්තිය
සාධනය කළ හැක්කේ සීලයෙන් ශික්ෂිත වූ අයෙකුටයි. මේ නිසා ම පැවිදි සමාජය
තමාට වඩා ඉහළින් තබා ම ගිහියා විසින් වඳිනු පුදනු, ගරු කරනු ලැබේ.
සාමාන්‍ය ගිහියා රාත්‍රියට නිදාගනී. ගැමි ව්‍යවහාරේ බුදියගනී. නමුත්
පැවිද්දා නිදා නොගනී. උන්වහන්සේ සැතපේ. එහි ද සංවර බව ප්‍රදර්ශනය විය
යුතුය. අත් පා හා දෙපා දෙපැත්තට දමා උඩු අතට මුහුණ හරවා නිදා ගැනීම
සැතපීම නොවේ. ඇලයට හැරී සංවරව සිහියෙන් යුතුව නිදාගැනීම නිසා සැතපෙනවා
යැයි ගිහියා විසින් කියනු ලැබේ.
මේ ආකාරයට පැවිද්දාගේ ජීවිතයේ සෑම ඉරියව්වක් ම සඳහා ව්‍යවහාරයේ අපූරු
යෙදුම් භාවිතා වේ. ජලය නෑම පැන් පහසුවෙනවා යැයි ද, බුලත් විට දැහැත්
ලෙස ද බෙහෙත් ඇතුළු අනෙකුත් පාන වර්ග ගිලන්පස ලෙසද ඉඳගැනීම වැඩ ඉන්නවා
කියා ද ව්‍යවහර කරති. අතුගෑම – ඇමදීම ලෙසත්, මිදුල – මළුව ලෙසත්, සුදු
රෙද්ද – පිරිවටය ලෙසත්, ජල පෙරණය පෙරහන්කඩය ලෙසත්, නෑමට අඳින වස්ත්‍රය
– නාන කඩය ලෙසත් ශාසනික ව්‍යවහාරයේ පවතී.
ගිහියෝ නම් ඇඳුම් අඳිති. එහෙත් පැවිද්දා සිවුර පෙරවති. අත සේදීම ශාසනික
ව්‍යවහාරයේ ඇත්තේ දෝවනය කරනවා යන්නයි. තෙරණුන් පැවිදි වූ විට ධර්මය හා
විනය, භාෂා ශබ්ද ශාස්ත්‍රාදිය වනපොත් කළ යුතුයි. ගිහි උදවිය නම් කට
පාඩම් කරති. භික්ෂූන් උගත් ධර්මය ගිහියන්ට දේශනා කරනවා විනා නොකියති.
නිතර පිරිත් දේශනා කරති. කතාව, ගිහියෝ නම් කියති. පැවිද්දෝ කතා නොකරති.
අනුශාසනා පවත්වති. නැතිනම් වදාරති.
සම්ප්‍රදායානුගත ගිහියන් අදත් පැවිදි පක්ෂය අසන විමසන හැම අවස්ථාවකදීම
ප්‍රතිවදන් සපයන්නේ ‘එහෙයි’ යනුවෙනි. නැතහොත් ‘එහෙමයි’ යනුවෙනි. ‘ඔව්’
යනුවෙන් ප්‍රතිවදන් නොසපයති. භක්ත්‍යානුගතව සපයනු ලබන පිළිතුරු තුළ
දකින්නට ලැබෙන්නේ ගිහියා පැවිද්දා වෙත දක්වන අසීමිත ගෞරවයයි. තමන්ට වඩා
ඉඳුරාම වෙනස් වූ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන පැවිද්දා පරමාදර්ශී
චරිතයක් ලෙසයි ඔවුන් පිළිගන්නේ. ශාසනික ව්‍යවහාර තුළ ප්‍රාථමික ලක්ෂණ
නැත. එය ආධ්‍යාත්මය ඇසුරු කරගෙනම ගොඩනැගුනකි.
ශාසනික ව්‍යවහාරය තුළ ගිහියන් විසින් කිසිසේත් ම නිගරු ලෙස අමතන්නේ
නැත. හාමුදුරුවෝ හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ ආදී ලෙසයි
අමතන්නේ. සමහර නිකායිකයන් තුළ ‘අවසර’ යන ඇමතීමට ද ඉඩදී ඇත. එහෙත්
වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් සේම වැඩිහිටි උදවිය ද ශාසනික ව්‍යවහාරය
පසෙකලා ‘සාදු’ යන වදනින් භික්ෂූන් අමතති. මෙම වදන ශාසනික ව්‍යවහාරයට
අයත් වූවක් නොවේ. අමනෝඥ වූ ද සාවද්‍ය වූ ද ව්‍යවහරකි ‘සාදු’ යන යෙදුම.
බෙහෝ සෙයින් කුඩා නොදරුවන්ට වැඩිහිටියන් විසින් භික්ෂුවක් තමන් දුටුවිට
‘අන්න පුතේ සාදු’ යැයි හඳුන්වා දෙති. එයම පසුව යාවත්කාලීනව වැඩිහිටියන්
ද පවත්වාගෙන යති. එබැවින් උචිත ශාසනික ව්‍යවහාර ඇසුරින් ම කුඩා කල පටන්
ම දරුවන්ට පැවිදි පක්ෂය හඳුන්වාදීම උචිතය, මනෝඥය.
’සාධු’ යැයි පිරිසක් ඉන්දියාවේ වෙසේ. ඔවුන් සන්නාසි යන පක්ෂයට අයත්වූවෝ
ය. අන්‍ය ලබ්ධිකයෝ ය. එබඳු පිරිස් බුදු සසුනෙහි නොවෙති. මෙම ව්‍යවහාරය
දිගින් දිගට ම පවත්වාගෙන ගියහොත් ලංකාවේ භික්ෂූන් වැඩි කලක් යාමට පෙර
සන්නාසීන් වනු වළකාලිය නොහැක්කකි.
ගිහියන් ‘සාදු’ යැයි අමතන කල්හි නිහඬ පිළිවෙතක් අනුගමනය නොකොට එහි වරද
කරුණාවෙන් යුතුව පහදාදීම භික්ෂුවගේ වගකීමකි. ගිහියා නොදන්නා දේ වටහාදීම
පැවිද්දාගේ කාර්යයයි. මුනිවත රැකීම අනුකූලතාවය දැක්වීමකි. මෙය
කනගාටුදායක සිද්ධියකි. ශාසනික සම්ප්‍රදාය රැක ගැනීම පැවිද්දාගේ
කාර්යයකි. එසේ නොවුවහොත් භික්ෂුවක් ලෙස තවදුරටත් සමාජානුගතව විසීමට
නොහැකිවනු ඇත.
සමහර ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට ලොකු උන්නාන්සේ, පොඩි
උන්නාන්සේ, නායක උන්නාන්සේ, පොඩි නම කියා අමතන අවස්ථා ඇත. මෙය ශාසනික
ව්‍යවහාරය තුළ ගිහියෙකුගේ ව්‍යවහාරය නොවේ. වෘද්ධතම භික්ෂූන් තමන්ට වඩා
බාල භික්ෂුවක් අමතන ශාසනික ව්‍යවහාරයයි. එය ගිහියන් විසින් කුඩා
හෙරණකුටවත් ඇමතිය නොහැකි, ඒ සඳහා භාවිතා කළ නොහැකි වදන්ය. ලොකු
හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ යන වදන් ශාසනික
ව්‍යවහාරය තුළ ගිහියා විසින් පැවිද්දාට අමතන වදන්ය.
පැරණි ශාසනික සම්ප්‍රදාය තුළ ප්‍රදර්ශනය වූ ශාසනික ව්‍යවහාරයෙහි තමන්ට
වඩා බාල භික්ෂූන් ඇමතීම ‘නමකියා පමණක් නොකළහ. එයද අමනෝඥ දෙයක් ලෙසයි
සැලකුයේ. වර්තමානයේ ගිහියන් අතර පමණක් නොව පැවිද්දන් අතර ද මේ ලක්ෂණය
දකින්නට ඇත. භික්ෂුවකට නම පමණක් කියා ඇමතිය හැකිවන්නේ උන්වහන්සේගේ
ආචාර්ය හා උපාධ්‍යායයන් වහන්සේට පමණි. අන් කවර හෝ භික්ෂුවක් වූව ද කතා
කිරීමේ දී නමත් සමඟ හාමුදුරුවෝ හෝ උන්නාන්සේ කියාත්,වැඩිමහල් නම්
හාමුදුරුවෝ කියා ද ඇමතිය යුතුය. එහෙත් ගිහියාට කුඩා නමකට වූව ද
උන්නාන්සේ කියා ඇමතිය නොහැකිය.
ශාසනික ව්‍යවහාරය තුළ ගිහියා අතර පවතින ඔයා, අරයා, එයාට, මෙයාට වැනි
ආමන්ත්‍රණයන්ට ඉඩක් නැත. නමුත් අද පැවිදි සමාජය තුළ සුලබව මෙම වචන
භාවිතා කෙරේ. උන්වහන්සේ ඔබ වහන්සේ, මුන්වහන්සේ, වැනි ශාසනික
ව්‍යවහාරයෙන් ඇමතීම කෙතෙරම් මනෝඥද? ශෝභනද? යහපත් ද? එබැවින් අශාසනික
ව්‍යවහාර භාවිතාවෙන් භික්ෂූන් ඇමතීම වහා නතර කළ යුතුය. පිටු දැකිය
යුතුය.
මුලින් සඳහන් කළ යුතු වූ තවත් ශාසනික ව්‍යවහාරයක් නම් ‘අපවත්වීම යන්න.
ගිහියෙකු නම් මැරෙනවා යන්න පැවිද්දාගේ ජීවිත අවසානය අපවත්වීම ලෙසයි
සඳහන් කරන්නේ. අවසන් කටයුතු සිදුකිරීම ගිහියාගේ පැත්තෙන් ව්‍යවහාර වුවද
පැවිද්දාගේ නම් ආදාහන කටයුතු ලෙසයි නම්කොට ඇත්තේ. එනම් දරවලින් සෑදූ
සෑයක දවවා අළු බවට පත්කිරීමයි. ගිහියාගේ මෘත ශරීරය දර ගොඩක දවා හළුකළ
හැකි නමුදු පැවිද්දාගේ ශ්‍රී දේහය දර සෑයක ආදාහනය කරනු ලැබේ. පැවිද්දාට
වැඩි ගෞරවයක් ඉන් ලබා දී ඇත.
ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ බුදු සසුනෙහි පවතින ශාසනික ව්‍යවහාරය
සුවිශේෂී අරුතක් කුළු ගන්වමින් ම සංවර්ධනය වූවක් බව ඉතා පැහැදිලිය.
මහින්දාගමනයෙන් පසු සිදු වූ සමාජ විප්ලවයේ හා ආගමික විප්ලවයේ එක්තරා
ඵලයක් ලෙස ශාසනික ව්‍යවහාරය ගත්තාට ද වරදක් නැත. යථෝක්ත සසුන් වැවහරෙහි
හරසුන්, අරුත්සුන්, අශ්ලීල, කර්කශ, රළුපරළු වූ කිසිවක් දක්නට නැත.
සමාජය තුළ එක්තරා පැත්තකින් ආගමික ශික්ෂණයක් ගිහියා තුළත් එහි
ප්‍රතිලාභ ලබන පැවිද්දාගේ අධ්‍යාත්මික ශික්ෂණය තමන් වහන්සේට ම ඉතාම සරල
සුගම වූ භාෂා ප්‍රයෝග මගින් ද දිවිය පුරාම ඇතිකර ගැනීමට ප්‍රමාණවත්
ලෙසින් සහායක්, ආශිර්වාදයක් මෙමගින් ඇතිවන බව ද ගැඹුරින් සිතා බලනවිට
පෙනේ.
භාෂාවේ විවිධ වෙනස්කම් යුග පෙරළියත් සමඟ සිදුවූව ද, සසුන් ව්‍යවහාරෙහි
දක්නට ලැබෙන මෙම වදන්හි වෙනසක් ඇති නොකර මතුවටත් පවත්වාගෙන යාම ගිහි
පැවිදි දෙපිරිසගේ ම වගකීම හා යුතුකම බව අවධාරණය කරන අතර යම් හෙයකින්
මේවා විනාශයට අවකාශ ලබා දුනහොත් ගිහි හා පැවිදි අය අතර කිසිදු විශේෂයක්
නැති බව ද එය සසුනේ ද විනාශය බව ද සඳහන් කරමු.
සව්සත නිදුක් වෙත්වා! |