සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 42
- නාරංවත්තේ
ධම්මසිරි හිමි දඹදිව බුද්ධ භූමි වන්දනාවේදී පසුගිය පොහොය දින දෙකකදී සැදැහැසිත්
උපදවන විසාලා නුවර වන්දනා කළෙමු. අදත් එසේ වන්දනාවේ යෙදෙමු. ඒ සඳහා
සැදැහැසිත් උපදවා ගනිමු. බුද්ධ කාලීන සමාජයේ විසූ නගර සෝබනියන් අතරට
රජගහ නුවර සිරිමා, සැවැත්නුවර සුන්දරි බරණැස් නුවර අඩ්ඩකාසි වැනි නගර
සෝබනියන් අතරට රූපයෙන් දෙවඟනක හා සම වු රූමතියක් විසාලා මහනුවර විසුවා
ය. ඕ අම්බපාලී නම් වූවා ය. අඹගසක් මුල ඉපදි සිටි නිසා ඇයට අම්බපාලී යන
නම ලැබී ඇත.
දිනක් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවරට වැඩම කළ බව ඇසූ අම්බපාලීය තමා
සතු අලංකාර අඹ උයන බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට තීන්දු කළා ය. එහි
වෙහෙරක් ඉදි කළාය. අම්බපාලි කුටි යනුවෙන් හඳුන්වන්නේ එම වෙහෙරයි. විමල
කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන් බණ අසා අම්බපාලී රහත් බව ලැබුවා ය.
අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන්කැර ධර්මාශෝක අධිරාජයා
විසින් ගොඩනංවන ලද චෛත්‍යයේ නටබුන් ද මෙහිදී දැකිය හැකිය.
අභිෂේක පුෂ්කරණි පොකුණ
ජපන් සාම චෛත්‍යය |
ලිච්ඡවී රජදරුවන් ඔටුනු පැළඳ අභිෂේකය ලැබූයේ මේ පොකුණේ ශුද්ධ ජලයෙනි.
විසාලා යනු ලිච්ඡවී රජුන්ගේ රාජධානියයි. මේ රාජධානිය ලෝකයේ ප්‍රථම
සමූහාණ්ඩුව බවද ඔවුන් රන්වන් පැහැයෙන් බබළන බවත් සඳහන් ය. ලිච්ඡවී
රජවරුන් 7707 දෙනෙකු සමූහ වශයෙන් මේ රාජධානිය පාලනය කර ඇති බවත් ඔවුන්
ඉතා සමගිව හා සහයෝගයෙන් තම රට පාලනය කළ බව සඳහන් ය. බුදුරජාණන් වහන්සේ
ඔවුනට දේශනා කරන ලද සප්ත අපරිහාණී ධර්මවලටම අනුගතව රට පාලනය කරන ලදී.
බුදුරජාණන් වහන්සේ පවා ඉතා පි‍්‍රය කරන ලද රාජධානියකි. වරකදී උන්වහන්සේ
සඳහන් කර ඇත්තේ දෙවියන් නොදුටු කෙනෙකු දෙවියන් දැකීමට නම් මිහිපිට
සිටිනා විසාලා නුවර ලිච්ඡවීන් දෙස බලන ලෙස සඳහන් කර ඇත. ඔවුන් ඒ තරමටම
ගුණ ගරුක පිරිසකි.
අම්බපාලීය අඹ උයන පූජා කිරීම,
අම්බපාලී නගර සෝබනිය බුදුරදුන්ට විසාලා නුවර පිහිටි සිය අලංකාර අඹ උයන
පූජා කිරීමේ සිද්ධිය දැන් ඔබ සියලු දෙනාම දන්නා කරුණකි. ඉන්පසු මහා
පරිනිබ්බාණ සූත්‍රය කියැවීමේ දී එයට අදාළ තවත් සිදුවීම් පෙළක් හමුවෙයි.
විසාලා නුවර කොරියන් විහාරය |
බුදුරජාණන් වහන්සේ විසාලා නුවර තමාගේ අඹ උයනේ වැඩ වෙසෙතැයි අම්බපාලියට
අසන්නට ලැබිණ. ඇය අලංකාර ඇඳුම් ආයිත්තමින් සැරසී ඉතා අගනා රිය ඇතුළත්
රිය පෙරහරකින් ගොස් (භද්දාන භද්දානි යානානි භොජාපෙත්වා භද්දං
භද්දංයානං) බුදුරජාණන් වහන්සේ බැහැදුටුවාය. බුදුරජාණන් වහන්සේ ඇයට
ජීවිතයේ යහපත හඳුන්වාදෙමින් සිත දියුණු කරන දහමක් දෙසූහ. එයින්
පැහැදීමට පත් අම්බපාලිය දොහොත් මුදුනත් තබා ස්වාමීනි, මහා කාරුණිකයාණන්
වහන්ස, භික්ෂු සංඝයා ද සහිතව මගේ නිවසට වැඩම කැර මාගේ දානය පිළිගන්නැයි
බුහුමනින් ආරාධනා කළාය.
බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනය පිළිගත්හ. විසාලා නුවර ලිච්ඡවී
රජුන්ටද බුදුරජාණන් වහන්සේ අඹ උයනේ වැඩ සිටින පුවත සැළ විය. ඔහුද ඉතා
අලංකාර පෙරහරකින් එහි ගියහ.
අම්බපාලිය තමන්ට ප්‍රථමයෙන් දානය සඳහා බුදුරදුන්ට ආරාධනා කළ බව දත්
ලිච්ඡවී රජවරු අම්බපාලීය හමුවී නැගෙනියනි, හෙට දින බුදුරදුන්ට දන්
පිරිනැමීමට අපට අවස්ථාව දෙන්න, අප ඔබට කහවනු ලක්ෂයක් දෙන්නෙමු රජ දරුවෝ
ඇයට ආයාචනය කළහ.
රාජ පුත්‍රයෙනි, කහවනු ලක්ෂයක් නොව හත්දහසක් ජනපද සහිත වේසාලිය ම මට
ලියා දුන්නත් මගේ මෙම දානමය පින්කම වෙනස් නොකරන්නෙමි අම්බපාලිය පැවසුවා
ය. රජවරු ඇගේ කතාව ඉවසා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් බුහුමන් ගෞරවාචාර
දක්වා තම සිතැඟි කරුණ බුදුරජාණන් වහන්සේට දන්වාලූහ. මාහට හෙට
අම්බපාලිගේ නිවසේ දානය පිළිගෙන ඇත. එය වෙනස් කළ නොහැකිය. අපි පිළිවෙත්
සපුරා කටයුතු කළයුතු යැයි පවසා ලිච්ඡවීන්ට දැහැමි පිළිවෙත් පිරීමේ අගය
පැහැදූ සේක.
දන් වළඳා අවසන් වීමෙන් පසුව බුදුරදුන් දෙසූ සීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රිවිධ කරුණු තුළින් සිත පහන් කරන අයුරු අසා ඉන් ධර්ම සංවේගය උපදවා
අම්බපාලිය මහත් බැතියෙන් තම අලංකාර අඹ වනය බුදුරජාණන් වහන්සේට ගෞරව
පූරස්සරව පූජා කළා ය. අභිෂේක පොකුණ පසුකර ඉදිරියට යනවිට කුඩයක් හැඩයට
විසාල ස්තූපයක් ඇත. එම ස්ථානයට දැන් ඔබ පැමිණ ඇත. එම ස්ථානය නම්
බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් හත් දවසකට පසුව ධාතුන්
වහන්සේලා බෙදා දීම සිදු විය. එහිදී භාරතයේ පැවැති රාජධානි අටක් සඳහා
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලා බෙදා දුන්නේ ය. එහිදී
වේශාලි ලිච්ඡවී රජුන්ට ලැබුණු ධාතුන් වහන්සේලා නිධන්කොට මේ ස්ථූපය ගොඩ
නඟා ඇත. එහි තිබී හමුවූ ධාතුන් වහන්සේලා අදවන විට පැටිනා කෞතුකාගාරයේ
තැම්පත් කර ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත්
කර තැබූ මේ ධාතු ස්තූපය දැක බලා වන්දනා කර ගන්න.
අද වන විට විසාලා මහනුවර වෙනත් රටවල බෞද්ධ මධ්‍යස්ථාන ගොඩනඟා ඇත. එහි
ඇති බෞද්ධ ස්ථාන අතර කොරියාව, බුරුමය ආදී රටවලද ලාංකික භික්ෂූන්
වහන්සේලා වැඩ සිටින ලංකාරාමයද මෙහි ඇත.
තවත් කොටසක්
අධි ඇසළ පුර අටවක පොහෝදා
ජුනි 24 වනදා පත්‍රයේ
|