UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
ජිගච්ඡා පරමා රොගා
සංඛාරා පරමා දුඛා
එතං ඤත්වා යථාභූතං
නිබ්බානං පරමං සුඛං
පරමාර්ථ වශයෙන් ගත්කල සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන් වහන්සේ , නොවදාළහ. එබඳු සුඛ වර්ග රාශියක් ඇති බව බුදුහු වදාළහ. උත්සාහ විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරු කරමින් උතුම් සැප ළඟා කර ගැනීමයි. පැහැදිලි කරන්න.

පිළිතුර
බුද්ධ දේශනාවට අනුව නුවණැත්තා මහත් සැපය දෙස බලමින් අල්පමාත්‍රය වූ සැපය අත් හරින්නේය. ධම්මපද ග්‍රන්ථයෙහි සඳහන් පරිදි වෛර සහිතව ජීවත්වන්නවුන් අතර අවෛරීව ජීවත්වීම සැපයකි. ආතුරයන් අතර අනාතුරුව ජීවත් වීම සුවයෙකි. පස්කම් සැපතෙහි ලොල් වූ මිනිසුන් අතරෙන් එසේ නොමැතිව ජීවත්වීම සැපයකි. ජයගැනීම ගැන සිතන ලොවක ජයපරාජය දෙකම අත්හැර ජීවත්වීම සැපයකි. සත් පුරුෂයන් එකට වාසයද සුවයකි. පාප කාරි අනුවණායන නොදැකීම වඩාත් සැපයකි. බුදුන් වහන්සේ කෝළියන්ගේ නියම්ගම් වසන සමයෙහි දීඝජානු කෝලිය නම් තැනැත්තා විසින් අයැද සිටියේ “පුත්ත සම්බාය සයනයෙහි නිදන ගිහිව කම් සැප විඳිමින් දරුබරින් මිරිකී වත්සුණු සඳුන් සුණු ඇඟ තවරා සිටින අපට මෙලොව පරලොව සැප පිණිස හේතුවන ධර්මයක් දේශනා කරන්නට අයැද සිටි අවස්ථාවෙහිදී බුදුන් වහන්සේ ගිහිව කම් සැප විඳිතැයි දීඝජානු කෝලිය සිටු පුත්‍රයාට චෝදනා කළේ නැත. ඔහුට තවත් සැපවත්ව ජීවත්වීමට මග කියා දුන්නේය.

ප්‍රශ්නය
බුද්ධ චරිතයෙහි මුල්ම යුගය පිළිබඳව සූත්‍රාගත තොරතුරු පැහැදිලි කරන්න.

පිළිතුරු
අභිනිෂ්ක්‍රමණයෙන් පසු බෝසත් තුමා වරෙක රජගහනුවරට පැමිණියේය. එහිදී මගධාධිපති බිම්බිසාර රජුත් බෝසත් තුමාත් අතර සාකච්ඡාවක් ඇතිවිය. බෝ සතුන් හඳුනාගැනීමේ ආශාවෙන් සාකච්ඡාවෙහි යෙදුණු බිම්බිසාර රජුට බෝසත් තුමා මෙසේ පැවසීය. කෙළින්ම ඇති මේ හිමාලය පාර්ශ්වයෙහි ධනයෙන් හා වීර්යයෙන් සම්පන්න කෝසල ජනපදයෙහි පරම්පරානුයාත ජනපදයක් වෙයි. ඔවුහු ගෝත්‍රයෙන් ආදිත්‍ය නම් වෙති. ජාතියෙන් ශාක්‍ය නම් වෙති. මෙම කාමයන් නොපතමින් ඒ කුලයෙන් පැවිදි වීමි. මෙයින් බෝසත්තුමා කෝසල පරම්පරාවෙන් පැවැතෙන ශාක්‍ය ජනපදිකයෙකු බව පැහැදිලි වෙයි.

ප්‍රශ්නය
මානව සංහතියේ අපූර්වතම සිද්ධි මාලාවක් අඹූ සැමි සංභෝගය හෙවත් ස්ත්‍රී + පුරුෂ එකතුව පිළිබදව සටහන්ව ඇත. බුදුදහමෙහිදී ස්ත්‍රී පුරුෂ එකමුතුව පිළිබඳව විවිධ තොරතුරු සටහන්ව ඇත. මේවායින් සමහරක් පෙළදහමෙහි දේශනා පාඨ වශයෙන්ද වර්තමානය දක්වාම එක්ව පවතී. කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ සහ සබඳතාවය ගොඩනැඟෙන අයුරු දේශනා පාලියෙහි එන එක් අවස්ථාවක් පැහැදිලි කරන්න.

පිළිතුරු
අං.නි. අට්ඨක නිපාත) සූත්‍ර

සැවැත්නුවර ජේතවනාරාම දම්සභාවෙහි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂූන් අමතා මෙසේ වදාළහ.

”අට්ඨහි භික්ඛවෙ ආකාරෙහි ඉත්ථි පුරිසා බන්ධති, “මහණෙනි ආකාර අටකින් ස්ත්‍රීපුරුෂ සහසම්බන්ධතාවය ඇතිවෙයි. එම අට ආකාර මෙසේය.

1. රූපයෙන් – රූපෙන
2.සිනහවෙන් – හසිතෙන
3.කථා කිරීමෙන් – භණතෙන
4.ගීතයෙන් – ගීතෙන
5.හැඬීමෙන් – රොණ්ණෙන
6.ආකල්පයෙන් –ආකප්පෙන
7.මල්,ගෙඩි, පලතුරු පරිත්‍යාගයෙන් – වනභංගෙන
8. ස්පර්ශයෙන් – ඵස්සේන

ප්‍රශ්නය
සත්වයා “උප්පත්තියා – සහෙ වෙදං මරණං ආගතං සදා” උපතේ සිට මරණය කරා ගමන් කරයි. මේ සසර ගමනෙහිදි එකොළොස් ගින්නකින් ඔහු දැවෙමින් ගමන්කරන බව ධර්මයෙහි සඳහන් වෙයි. මේ එකොළොස් ගින්න නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර
සත්වයා නිරතුරුව දැවෙන ගිනි එකළොස් මෙසේය.

රාග, ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක ,පරිදේව, කායික දුක චෛතසික දුක ,උපායාස

ප්‍රශ්නය
පුද්ගල පුනර්ජන්මය ඇතිවන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල හෝ අකුසල කර්මය අනුව බව පෙළ දහමෙහි ඉගැන්වෙයි. මෙබඳු කර්ම කුමන නමකින් හැඳින්වෙන්නේද? පැහැදිලි කරන්න.

පිළිතුර
පුද්ගලයෙකුගේ මරණය නම් හුදෙක් “තාවකාලික සංසිද්ධියක තාවකාලික නැවැත්මක් පමණි. භෞතික ශරීරය විසිර යාමත් සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ කර්මශක්තිය මුළුමනින්ම විනාශයට නොයන හෙයින් වර්තමාන රූපයට විනාශ වුවද ඊට මුළුමනින්ම වෙනස් හෝ මුළුමනින්ම සම නොවන තවත් රූපයක් මරණ මොහොතේ බලවත්ව පැවැති සිතට ගැළපෙන පරිදි ඇතිවන්නේය. පුද්ගලයෙකු ගේ අනතුරු භවය – විනිශ්චය කරන මෙම අවසන් “චිත්ත වීථිය” ජනක කම්ම නමින් හැඳින්වේ. තවද ජනක කර්මය සක්‍රීය වීමට බාධාකාරි ලෙස හෝ උපකාරක ලෙස සක්‍රීය වීමට (ක්‍රියාත්මක වීමට) තවත් අතීත කර්ම ඉදිරිපත් විය හැකිය. එබඳු කර්ම ලෙස “උපත්ථම්භක” (සහයෝගීවන) කම්ම හා උපපීඩක (බාධාකරණ) කම්ම යන දෙවර්ගය හඳුන්වා ඇත.

ප්‍රශ්නය
බුදුදහමෙහි “සාධු” යන පාලි පාඨය යෙදී ඇත්තේ යහපත් යන අර්ථය සඳහායි. “සුදුසු” යන අර්ථය සඳහාද “කතං සාධු” යන දේශනා පාඨවලින් හඳුනාගත හැක. ඒ අනුව ජාතක කථා සාහිත්‍යයෙහි නුසුදුසු” පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව (නසාධු) සඳහන් වෙයි. ගති ලක්ෂණ අනුව ඒ පුද්ගල සතර දෙනා කවුද?

පිළිතුර
අලසො ගිහි කාමභෝගීන සාධු
අසඤ්ඤතො පබ්බජිතො නාඩු
රාජා නසාධු අනිසම්මකාරි
යො පණ්ඩිතො කොධනො ත නසාධු
(රථලට්ඨි ජාතකය)

කුසීත කාමභෝගි ගිහියා යහපත් නොවේ. සන්සිඳීමක් (සන්සුන්බවක්) නැති පැවිද්දා යහපත් නොවේ. විමසිලිමත් නොවී තීරණ ගන්නා රාජ්‍ය පාලකයා යහපත් නොවේ. බුද්ධිමත් පඬිවරයා ක්‍රෝධ වෛරදැයි යුතු බව යහපත් නොවන්නේය.

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]