සම්බුදු පහස ලද මහියංගණ පුදබිම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
මේ වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුයේද මහියංගණ පුදබිමේදීය.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදුවූයේද මහියංගණටය.බදුල්ල
දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුවේ කන්ද පහළ කෝරළයේ මහියංගනය පිහිටා
තිබේ. මහනුවර සිට හුන්නස්ගිරිය පාරේ සැතපුම් හතළිස් හතරක් පමණ ගිය පසුව
මෙම පුදබිමට පිවිසිය හැකිය. බදුල්ලේ සිට මීගහකිවුල මාර්ගයෙන්ද, බිබිල
මාර්ගය ඔස්සේද මෙම පුදබිමට යා හැකිය. මහියංගණය පුදබිමෙහි මහියංගණ
දාගැබ, දෙතිස්ඵලරුහ බෝධිය හා සමන් දේවාලය පිහිටා ඇත. තවද වත්මන් යුගයේ
විහාර ගෙය හා තවත් පූජනීය ගොඩනැගිලි රැසක් ද පිහිටා තිබේ. (වල්ලිපුරම්
රන්සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග - පි. 230 (2003)
මහියංගණ දාගැබ මහාවංසය අනුව ක්‍රිස්තු පූර්ව හය වන සියවස තෙක් අතීතයට
දිව යයි. මෙම පුදබිම පිළිබඳ ජන ප්‍රවාදයේ එන කතාව මහාවංසයෙහි සඳහන්
වෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහියංගණයට වැඩම කර එදින සවස්වරුවේ
මහවැලි ගංතෙර පිහිටියා වූ මහානාග වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම
මධ්‍යයෙහි වැඩ සිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කළ ස්ථානයෙහි
දැනට ඇති ස්තූපය ගොඩනංවන ලදී. (මහාවංසය පළමුවන පරිච්ඡේදය - ගාථා 1 -
43) “මහියංගණය සිංහල බින්තැන්න යන වචනයෙහි පාලි ස්වරූපයයි.
බින්තැන්න හෙවත් බිම්තැන්න යන්නෙහි ‘බිම්’ යන වචනය ‘මහි’ යනුවෙන් පාලි
භාෂාවට පෙරළා ඇතත් එය ‘යක්ෂ’ යන අර්ථයෙන් භීම යනුවෙන්ද සිතිය හැකිය.
මහනුවර රාජධානි සමයෙහි බින්තැන්න යන දිසාවනිය නම් වූ ප්‍රදේශයක්ද තිබී
ඇත. (අන්තරාගංගා - ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 11 - 17 (1984)
මහියංගණයේ ඉතාමත් පුරාණ මෙන්ම ඓතිහාසික පූජනීය වස්තුව වන්නේ එහි ඇති
දාගැබය.බුදුරජාණන් වහන්සේ එදා ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී
මහියංගණ දාගැබ ඉදිවන ස්ථානයේ සිට දේශනා කරන ලද ධර්ම ඇසූ දේශීය
ප්‍රාදේශීය නායකයෙකු වන සමන් දෙවියන් සෝවාන් වූයේය. ඉන්පසුව සමන්
දෙවියන්ට වැඳ පුදා ගැනීම සඳහා පූජා වස්තුවක් බුදුරජාණන් වහන්සේ ගෙන්
ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ කේශධාතු මිටක් සමන් දෙවියන්ට ලබා
දුන්සේක.
සමන් දෙවියන් විසින් මෙම කේශධාතු නිධන් කොට ඉඳුනිල් මාණික්‍යයෙන් සත්
රියන් දාගැබක් කරවන ලදී. ඉන් පසු සම්බුද්ධ පරිනිර්වාණයට අනතුරුව සරභූ
තෙරුන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේ මෙම
මහියංගණ දාගැබෙහිම නිධන් කොට දොලොස් රියන් උසට මේධෝ වර්ණ පාෂාණයෙන් මෙම
දාගැබ කරවන ලදී. බුද්ධගයාවේ සිට එහි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ
ශාඛාව සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ වරප්‍රමුඛ භික්ෂූණින් වහන්සේලා
ලංකාවට වැඩම කරවීමෙන් පසුව එය අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණයත් සමගම
එයින් හටගත් දෙතිස්ඵල රුහවලින් එකක් ද මෙම මහියංගණ පුදබිමෙහි
දේවානම්පියතිස්ස රාජයුගයේදීම රෝපණය කරන ලද බව සිංහල බෝධිවංසයේද සඳහන්වන
කරුණකි. ඉන්පසුව දෙවනපෑතිස්ස රජුගේ සහෝදරයෙකු වන උද්ධචූලාභය කුමාරයා
එවක මහියංගණ ප්‍රදේශය පාලනය කරන කල්හි මෙම මහියංගණ දාගැබ තිස්රියන් උසට
හෙවත් අඩි හැත්තෑ පහක් උසට බඳවන ලදී. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය
මහියංගණයට ලැබීමත් ශාරීරික ධාතූන් වහන්සේ (කේශධාතු) තැන්පත් කිරීමත්
දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් මෙහි රෝපණය කිරීමත් නිසා මහියංගණ
පුණ්‍යභූමිය
ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේය.ඉන්පසුව මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත්තේ
දුටුගැමුණු රජදවස එනම් ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදීය. ඒ රජතුමා විසින්
මහියංගණ දාගැබ අසූරියනක් ලෙසින් බැඳ වූ බව සඳහන් වේ. (මහාවංසය - පළමුවන
පරිච්ඡේදය ගාථා 41 - 42 - වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය - සිරිසමන්
විජේතුංග - පිටු 230 - 231 - 2003)
මහියංගණ දාගැබ බැඳීමට දුටුගැමුණු රජුට උපකාර කළ යෝධයෙකු ගැන ඉතා රසවත්
ජනකතාවක් ද ප්‍රචලිතය. මහියංගණ දාගැබ බැඳීම සඳහා දුටුගැමුණු රජුට උපකාර
කළ බලතා නම් යෝධයා සොරබොර වැවේ පස් ඇද ප්‍රයෝජනයට ගෙන ඇත. මේ නිසා එම
වැව තැනීම සහ මහියංගණ දාගැබ නිර්මාණය එක්වර අවසන් වී තිබේ.
මේ බව දුටු රජතුමා සොරබොර වැවෙන් රටට සිදුවන සෙත කල්පනා කර වැව තැනීමේ
පින දාගැබ බැඳවීමේ පිනට වැඩි යැයි සිතා වැව බැඳීමේ පින තමාට දෙන ලෙස
රජතුමා බලතා යෝධයාට කීවේය. එයට ඔහු අකැමැති වූ නිසා රජ විසින් බලතා
යෝධයා මරවා වැවට දමනු ලැබීය. එම මළ සිරුර වැවට දැමූ පසුව එහි ජලය
නෙළුම් මලින් වැසී ගියේලු. (වෙසක් සිතිවිලි - පිටු 33 - 35 (1989)
ඓතිහාසික බින්තැන්නේ ශ්‍රේෂ්ඨතම පූජා භූමිය - ආචාර්ය සෝමපාල ජයවර්ධන
ලියූ ලිපිය)
මහියංගණ දාගැබ සංරක්ෂණය කිරීමේ රාජකාරිය ඉන්පසුව ලංකාව පාලනය කළ බොහෝ
නරපතියෝ ඉටු කළහ. ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ දී වෝහාරික තිස්ස
රජතුමා (ක්‍රි. ව. 209 - 231) මෙම දාගැබට ඡත්‍රයක් කරවූ බව සඳහන්
වීමෙන් ඉතා වැදගත් කරුණක් දාගැබේ නිර්මාණය කිරීම පිළිබඳ පැහැදිලි
වෙයි.එනම් පුරාණ ස්තූප නිර්මාණයේදී කොත්කැරැල්ල සැදීමට පෙර ඡත්‍රයක්
නිර්මාණය කර තිබුණු බවට සාක්ෂියක් ලෙසින් සැලකිය හැකිවීමය. තවත් රජවරු
රැසක්ම මහියංගණ දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කළ බව වංසකතාවල
සඳහන් වෙයි. ඒ රජවරු අතර දෙවැනි සේන සහ සතරවැනි කසුප් යන රජවරු (ක්‍රි.
ව. නවවන සියවසේදී) මහියංගණ විහාරයට ප්‍රදානය කර ඇති බව වංසකතාවල සඳහන්
වේ. (මහාවංසය පරි 51, ගාථා 74 හා 14) සතරවැනි උදය රජු (ක්‍රි. ව. 946 -
954) මියුගුණ (මහියංගණ) මහ විහාරයට පැමිණි බව බදුලු ටැම්ලිපියේ සඳහන්
වෙයි.
පොළොන්නරු රාජධානි සමයේදීද මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ
බවට වංසකතාවේ සඳහන් වී ඇත. ඒ රජුන් අතරේ මහවිජයබාහු රජු විශේෂයෙන්
සඳහන් කළයුතුව ඇත.
පුරාවිද්‍යා කැණීමක් මෙම මහියංගණ දාගැබෙහි සිදු කරන ලද්දේ ආචාර්ය
සෙනරත් පරණවිතාන මහතාගේ අනුග්‍රහයෙන් 1951 දීය. එහිදී ප්‍රථමවරට ලංකාවේ
පැරණි දාගැබ්වල ධාතු ගර්භයෙහි බිතුසිතුවම් ඇදීමේ සම්ප්‍රදාය පැවැති බව
අනාවරණය වූයේය. මේ ගැන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කරයි.
අවුරුදු දහසක් පමණ කාලයකින් පසුව මේ ධාතු ගර්භයෙහි ප්‍රථමයෙන් ඉවත් කළ
එක ගල් කැබැල්ලකින් පමණක් හටගත් විවරයෙන් ඉර එළිය ගැබ තුළට වැදීමේ
හේතුවෙන් එහි පැමිණි දහස් ගණන් ජන සමූහයට පැරණි ධාතු ගර්භයක නිධන්වස්තු
නිධන් කළ ආකාරය ඇති සැටියේම දර්ශනය විය.ධාතු ගර්භ බිත්තිවල සිතුවම්
තිබීම මවිතයට කාරණයක් විය. පැරැණි ධාතු ගර්භ බිතුසිතුවමින් හෙබවූයේ
යැයි පොතපතින් අසා තිබුණේ වී නමුත් මේ තාක් එවැන්නක් ඇස් ඉදිරියේ හමුවූ
ප්‍රථම අවස්ථාව මෙය වෙයි.බදාම කැබලිවල වූ චිත්‍රයන්ද ආරක්ෂා කොට ඒ
සුන්බුන් මතු කර ගැනීම ඉතා පරිස්සමින් කළයුතු විය.
බදාම කැබලි බවට පත්වීමේ දර්ශනය පිළිබිඹු කරයි. බෝමැඩ අසුන් වැඩසිටිනා
බුදුරදුන්ගේ දකුණු පස රැවුල් ඇති සිල්වත් අයෙකුගේ රුවක් වෙයි. බුදු
රදුන්ට පූජා සත්කාර පිණිස පැමිණි දෙවිබඹුන් අතර විෂ්ණු දෙවියන් දෑතකින්
මල්බඳුන් දරා සිටිනා අයුරින්ද ශිව දෙවියන් ත්‍රිශූලය ආදියෙන් සමන්විතව
සිටිනා අයුරු සිත්තම් කර තිබීම ආශ්චර්යමත් වෙයි. මුඩුහිස් සහිත සිවුරු
පොරවන ලද භික්ෂූන්ගේ වැනි රූප ද එහි දැක්වේ. මෙය බුද්ධත්වයට පත්වීමේ
බිතුසිතුවම් දර්ශනයක් වුවහොත් ඒ රූප බුද්ධ පුත්‍රයින්ගේ වෙන්නට පුළුවන.
ඒ ඉහළ බ්‍රහ්මලෝකවල ශුද්ධාවාසයන්හි වෙසෙන දෙවිවරුන්ගේ රූ යැයි සිතිය
හැකිය. මේ රූප චිත්‍ර අතර දැක්වෙන කඩුවක් හා පළිහක්ද දෑතකින් දරා සිටින
රුව මාර දිව්‍ය පුත්‍රයාගේ විය යුතුය.
(1951 වැන්නේ පුරාවිදු පුවත - ආචාර්ය සෙනරත් පරණවිතාන - පි. 9 - 11)
(මහවිජයබාහු රජතුමා සිරිසමන් විජේතුංග පි. 109 (2013)මහියංගණ දාගැබ
සංරක්ෂණ කටයුතු පළමුවැනි විජයබාහු (ක්‍රි. ව. 1055 - 1110) රජු විසින්
කරවන ලද බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ඉහත සඳහන් පුරා විද්‍යා
පාලන වාර්තාවේ සඳහන් කර ඇත. මේ රජු මහියංගණ විහාරයට ගම්බිම්
ප්‍රදානයක්ද සිදුකර ඇත. චෝලයින්ගෙන් රට බේරා ගැනීම සඳහා ගෙන ගිය සටනේදී
විජයබාහු රජතුමා ප්‍රථමයෙන්ම ගියේ මහියංගණයටය. පොළොන්නරුව යටත් කර
ගැනීමේ අවසන් සටන සැලසුම් කළේද එහිදීය. |