සදහම් දැනුම
අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
සකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව “සබ්බේ
සත්තා” සංකල්පය පෙළ දහමෙහි අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය
පැහැදිලි කරන්න.
පිළිතුර
කරණීයමෙත්ත සූත්‍ර දේශනාවට අනුව මවක් තම එකම පුතු යම් සේ රකින්නේද එසේම
සව් සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත වැඩිය යුතුය. (අං :නි:) මෙත්ත
සූත්‍රයෙහි සඳහන් වන්නේ අපා – දෙපා, සිව්පා, බහුපා සව් සතුන් වෙත මාගේ
මෛත්‍රිය වේවා.
අපාදකෙහි මෙ මෙත්තං
මෙත්තං දිපාදකෙහි මෙ
චතුප්පදෙහි මෙ මෙත්තං
මෙත්තං බහුප්පදෙහි මෙ
සබ්බේ සත්තා සබ්බේ පාණා
සබ්බේ භූතා ච කෙවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු
මා කංචි පාප මාගමා
සියලු සත්වයෝ සියලු ප්‍රාණියෝ සියලු භූතයෝ යන හැමදෙන හිතකාමී දේවල්
දකිත්වා. කිසිවෙකු කරා අහිත දැයක් නො එළඹෙ”වා යනුයි. සංසාරික
ප්‍රවෘත්තියෙහිදී (ගමනෙහි දී ) මිනිසාට නොනෑවූ කිසිවෙකුත් මිනිසුන් අතර
තබා තිරිසන් සතුන් අතරද නොවේමය.
ප්‍රශ්නය
සිය සැමියාට තම චරිතයෙහි උසස් ගුණ සිහිකරමින් සත්‍ය ක්‍රියාකොට සිය
සැමියා සුවපත් කළ උත්තම කාන්තාවගේ නම කුමක්ද?
ප්‍රශ්නය
කායික (කයින් කෙරෙන) අකුසල් වලින් අදත්තාදානය (සොරකම ) එකකි. නුදුන්
දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක්
එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග
සියල්ලක්ම සම්පූර්ණ විය යුතුය. සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග
මොනවාද?
පිළිතුර
අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතුවන අංග පහකි.
01) අන්සතු භාණ්ඩයක් වීම
02) අන්සතු බව දැනීම
03. සොරා ගැනීමේ චේතනාව
04. සොරා ගැනීමට කරන උපක්‍රමය
05. එයින් පැහැර ගැනීම
ප්‍රශ්නය – සිල්වතෙක් වීම දෙලොව යහපතට හේතුවන බව පෙල දහමෙහි සඳහන්
වෙයි. සීලයෙහි විපාක වශයෙන් ලැබෙන ඵලයන් පැහැදිලි කරන්න.
පිළිතුර
සීලයෙහි (ආනිසංස) ඵලයන් මෙසේය.
01. උපභෝග පරිභෝග සම්පත් ලැබීම
02. දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරීම
03. අභීතව නොපැකිළිව විශාරදව සභාගත වීම
04. (අසම්මුළ්හෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු දෙව්ලොව උපත ද
සීලයෙහි විපාක වශයෙන් හේතු වන්නේය.
ප්‍රශ්නය
බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර
රාග, දෝස, මෝහ ආදී සිත කිලුටු කරන සිතිවිලි පහළ නොවන සේ සිත එක අරමුණක
පිහිටුවා නැවත නැවතත් එම අරමුණ සිහි නැංවීම භාවනාවයි. (භාවෙතීති භාවනා)
ප්‍රශ්නය
ඉපැරැණි බෞද්ධ පොතපතෙහි ලද පස්මල් මෙන්ම පස්ගෝරසයද බෙහෙවින් භාවිතා වූ
බවද අටුවා ග්‍රන්ථවල සඳහන් වේ.
මෙම ඖෂධ පිළිබඳ දතයුතුය. පැහැදිලි කරන්න.
පිළිතුර
01 මුදවන ලද කිරි– දධි
02. වෙඬරු – නවනීත
03. මෝරු – තක්ක
04. කිරි – ඛීරං
05. ගිතෙල් – සප්පි
ප්‍රශ්නය
පරිත්‍රාණ ධර්මදේශනාවන්හි දී පැරැණි සිරිත් අතරට ලදපස්මල් එකතුවෙයි.
අටුවා ග්‍රන්ථවල එන පරිදි (නීලුප්පල චන්දන මණ්ඩපං කාරෙත්වා) ආදි තැන්
හි ලදපස්මල් ඉසින බව සඳහන් වෙයි. ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේද
ලදපස්මල් එක් අංගයකි. පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර
“ලාජ පඤ්චම පුප්ඵානි” විළඳ පස්වෙනි කොට ඇති
01. සුදු අබ සාසප
02. ඊතණ කුසතණ
03. සමන්පිච්ච සුමන පුප්ඵ
04. හාල් සාලී
05. විළඳ ලාජ
ප්‍රශ්නය
සමාජය යන වචනයෙන් බුදු දහම අවධාරණය කරන්නේ කුමක් ද ? “මානසංභාවයෙ
අපරිමානං “ අප්‍රමාණ වූ සෙනෙහස ආදරය දක්වා සිටින්නේ කවුරුන් උදෙසාද
යන්න පැහැදිලි කරන්න.
පිළිතුර
බුද්ධ ධර්මයට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ මිනිස් ප්‍රජාවම පමණක් නොවේ.
කවර මොහොතක හෝ මෙලොව වසන “භුතාවා සම්භවේසිවා” සියලුම පණැතියන් සමාජය
හැටියට ගැනෙන බව සඳහන් වේ. මානව භක්තිය මානව හිතවාදය වැනි සංකල්පනාවන්
මෑතදී කතාබහට ලක් වූයේ මිනිසුන් විනා සතුන් පිළිබඳව එතරම්ම සැලකිලිමත්
නොවූ ආගම් දහම් නිසාය. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” සංකල්පය පෙළ
දහමෙහි අවධාරණය කිරීමෙන් ගම්‍ය වන්නේ සකල සත්ව වර්ගයා කෙරෙහිම
හිතානුකම්පාව දැක්විය යුතු බවයි. කරණීයමෙත්ත සූත්‍ර දේශනාවට අනුව මවක්
තම එකම පුතු යම්සේ රකින්නේද එසෙයින්ම සව් සතුන් කෙරෙහි අප්‍රමාණ වූ
මෙත් සිතිවිලි වැඩිය යුතුය. සමාජය මෙසේ පුළුල් අරුතින් තේරුම් ගැනීමට
කර්මය සංසාරය යන සංකල්ප මෙන්ම ප්‍රතිත්‍යසමුප්පාද ධර්මතාවය ද පදනම්
වෙයි. සසර පැවැත්මෙහිදී මිනිසාට නොනෑ වූ කිසිවෙකුත් මිනිසුන් අතර තබා
තිරිසන් සතුන් අතර ද නොවේමය. පන්සිය පනස් ජාතක කථා හොඳම නිදසුනකි.
එපමණක් නොව බුදුදහමට අනුවම විශ්වයේ අනෙක් ජීවින් වන දෙව් බඹුන් පේ‍්‍රත
පිශාච යක්ෂභූතාදින් හා තිරිසනුන් අතරද නොනෑවූවන් සොයා ගැනීම දුෂ්කර වනු
ඇත. එතරම්ම දුරට එක් පුද්ගලයෙක් අනෙක් සියලුම ජීවීන් හා බැඳී සිටී. ඒ
සියල්ලන්ගේම එකතුව සමාජයයි.
ප්‍රශ්නය
ධර්ම දේශනා කිරීමෙහි දී ශ්‍රාවකයා තුළ පැවතිය හැකි දුබලතා පිළිබඳව
වැටහීමක් දේශකයාණන්ට තිබිය යුතු ය. ධර්ම ග්‍රන්ථවල ඒ පිළිබඳ සටහන් වී
ඇත. අං. නි. ආවරණ සූත්‍රගත තොරතුරු අනුව පැහැදිලි කරන්න.
පිළිතුර
එම සූත්‍රයට අනුව කරුණු හයකින් ශ්‍රාවක දුබලතා සඳහන් වෙයි. එනම්,
1. කම්මාවරණ අතරක් නොතබා විපාක දෙන පංච ආනන්තරිය පාපකර්ම කළ පුද්ගලයා
සදහම් මඟට බැසීමට අභව වෙයි.
2. කිලේසාවරණ – නියත මිසදිටු ගැනීම වැනි ක්ෂේත්‍රයන්ගෙන් ආවරණය වූ සිත්
ඇත්තා දහම් ඇසුව ද පිළිවෙතට බැසීමම අභව්‍ය වේ.
3. විපාකාවරණ – ප්‍රබල ප්‍රතිසන්ධි විපාක ශක්තියක් නිසා සිදුවන
බාධාවන්.
4. අස්සද්ධො ධර්ය - ශාස්තෘවරයා දේශකයා පිළිබඳ පිළිගැනීමක් නොමැතිකම.
5. අච්ඡන්දරිතා - දහම් මඟ බැසගන්නට රුචියක් නොමැතිකම
6. දුප්පඤ්ඤෙ – මන්ද බුද්ධිකභාවයෙන් යුතු බව මෙයට අමතරව ශ්‍රාවක
දුර්වලතා සයක් “සුසසූසත” සූත්‍රයෙහි දක්වා තිබේ.
1. නසුසසූසති – ධර්ම දේශනය පවත්වන කල්හි ඇසීමට නොපෙළඹීම.
2. න සොතං ඔදහති – ඇසුවද මැනවින් සවන් යොමු නොකිරීම
3. න අඤ්ඤ චිත්තං උපට්ඨපෙති - දහම් දැන්මට සිත යොමු නොකිරීම
4.අනන්ථං රිඤ්චති - සැබෑ අර්ථය බැහැර කිරීම.
5. අත්ථං රිඤ්චති - සැබෑ අර්ථය බැහැර කිරීම
6. අනන්ද ලොම්කාය මත්තියාය සමන්නාගතොහොති - සසුන් මඟට අනුලෝමික
රුචිකත්වයක් නොමැතිකම
|