බුදු දහමයි
ගිහි දිවියයි 06
බුදුදහම හා දාරක සංරක්ෂණය
මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනෙහි
ආචාර්ය රාජකිය පණ්ඩිත ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි
ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ – ලෝකය පෙන්වා දෙන, හඳුන්වා දෙන අය වශයෙන්
මව්පියන් මෙහි දී හඳුන්වා දී ඇත. ලෝකය හඳුන්වාදීම යනු ලෝකයේ ඉටු අනිටු
රුචි අරුචි තත්වයන් හඳුන්වා දීමයි. අංගුත්තර නිකාය අට්ඨකථාවේ මෙය අටුවා
කර ඇත්තේ මෙසේය.
“මව්පියන් දරුවා උපන් දවසේම දෙපයින් ගෙන කැලයට,ගඟට ප්‍රපාතයට දමන්නේ
නම් ලෝකයේ ඉටු අනිටු තත්ත්වයන් දැනගන්නට නොලැබෙයි. එසේ නොකර දරුවා
වර්ධනය කරමින් පෝෂණය කරමින් කටයුතු කරන නිසා මේ ලෝකයේ දුක හා සැප
තත්ත්වයන් මව්පියන්ගෙන් දැක ගනියි . දරුවාට මේ ලෝකය හඳුන්වා දෙන්නවුන්
හැටියට මව්පියන් සලකන්නේ ඒ නිසාය”
මෙ හි දී අපගේ අවධානය යොමු වන්නේ මව්පිය දූ දරු - සම්බන්ධතාවේ ස්වභාවය
පිළිබඳ බෞද්ධ සංකල්පය කෙබඳුද? යන්න සාකච්ඡා කිරීමයි. බුදුදහම ‘පවුල’
හැඳින්වීමට යොදන වචන දෙස බැලීමේදී දාරක සංරක්ෂණය අපේක්ෂා කර ඇති සැටි
පැහැදිලිව පෙනේ. බුද්ධ දේශිත සූත්‍ර බහුතරයකම පාහේ මෙම විග්‍රහයන් ඉතා
ප්‍රායෝගික ජීවිතයට උපනිශ්‍රය වන පරිදි දේශනා කොට ඇති බව මනාව වටහා ගත
හැකිය.
දැනට බොහෝ දෙනා වටහා ගෙන ඇති පරිදි එදිනෙදා ජීවිතය හා ආගමික ජීවිතය
දෙකක් ලෙස සැලකීම නිවැරදි සහගත ය. නිවන් මගට පිවිසි, නිවන් මඟෙහි
නියුක්ත පුද්ගලයාගේ දෛනික ජීවිතය ධර්මයෙන් තොර පුද්ගලයාගේ ජීවිතයට වඩා
හැම අතින්ම විධිමත් බව තේරුම් ගත යුතුය. සැණෙකින් මනුෂ්‍යයාට ලෞකිකත්වය
අමතක කළ නොහැකිය. බුදුදහම නිවන් මඟ පවසන්නේ ඒ බව දැනගෙනය. ඒ නිසා
මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ සමාජමය වූ සෑම අංශයක් පිළිබඳවම
ධර්මානුකූල පදනමක් මත පිහිටා සාකච්ඡා කර ඇත. මෙය ගෘහස්ථ ආර්ය
ශ්‍රාවකයාගේ සමාජීය ජීවන රටාවයි.
බුදුදහමේ විවිධ කුල සම්බන්ධව දක්වා තිබේ. මෙහි කුල යන්නෙන් දැක්වෙන්නේ
පවුල සම්බන්ධවයි. එවැනි කුල කිහිපයක් පහත දැක්වේ.
සබ්‍රහ්මක කුල
සබ්‍රහ්මක කුල” යනු බ්‍රහ්මයන් සහිත පවුල යනුයි. බ්‍රහ්ම නාමයෙන්
හැඳින්වෙන්නේ මව්පියවරුන්ය. (බ්‍රහ්මාති මාතා පිතරෝ) මව්පියවරුන් ඒ
නමින් හඳුන්වන්නේ දරුවන් කෙරෙහි බ්‍රහ්ම විහරණය පවත්වන නිසයි. එනම්
අව්‍යාජ ලෙස දරුවාට සතුරු නොවන මිතුරු ගති පැවැත්වීමත් මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයන්ගෙන් යුතු වීමත් ය.
සපුබ්බාචරියක කුල
මෙයින් අදහස් වනුයේ පූර්ව ආචර්යවරුන් සහිත පවුලයි. “පූර්ව ආචාර්ය” යනු
මව්පියන්ට (පූර්ව) නමකි. (පුබ්බාචරියාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං
අධිවචනං) ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යවහාර කුශලතාව ලබා දෙන
බැවින් පුබ්බාචරිය යනු ව්‍යවහාරය කෙරේ. සිඳිය යුතු සැටි, සිටිය යුතු
සැටි, යායුතු සැටි, නිදිය යුතු සැටි,ආදිය හඳුන්වා දීමේ මූලික කාර්ය
පැවරෙන්නේ මව්පියන්ට ය. ළදරුවා මුළින්ම කරන්නේ විවිධ අත්දැකීම් ග්‍රහණය
කර ගැනීම මඟින් වටපිටාව තේරුම් ගැනීමය. ඒ නිසා සුදුසු පරිදි අත්දැකීම්
ග්‍රහණය කරවීම (ගහාපෙන්ති)අවශ්‍යය. කරුණු තේරෙන්නට පටන් ගත් කල් හි
ශික්ෂණයට පත් කළ යුතුය. (සික්ඛාපෙන්ති) මේ කරුණින් ද පෙනෙන්නේ බුදුදහම
පවුල දෙස අවධානය යොමු කරන්නේ ළමා කේන්ද්‍රිය ආකල්පයකින් බවය.
සපුබ්බදේව කුල
මෙහි අර්ථය පූර්ව දේවතාවුන් සහිත පවුල යන්නයි. දේවතාවරුන් නම් ආරක්ෂාව
සලසන්නෝය. දරුවාගේ ජීවිතය මූලික වශයෙන් රැක දෙන්නෝ මව්පියවරුය. එබැවින්
ඔවුන් පූර්ව දේවතා නම් වේ.
මව්පිය කාර්යභාරය
සමාජය සම්බන්ධ කොට කරුණු ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ එක් එක් දිසාව
හා බැඳෙන පුද්ගලයන් යුගල වශයෙන් දැක්වූහ. නැගෙනහිර දිසාව වූ
මව්පියවරුන් දූ දරුවන් හා සම්බන්ධ කරමින් සමාජ සම්බන්ධතා ක්‍රියාවලියක්
ඒ අනුව ඉදිරිපත් කෙරේ. දෙමාපියන් තම දරුවන් පාපයෙන් වළකා ඇති දැඩි කළ
යුතුය. (පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදෙවිය යුතු ය. (කල්‍යාණේ/
නිවෙසෙන්ති) ජීවන වෘත්තියකට අවශ්‍ය පුහුණුව ලබාදිය යුතුය. (සිප්පං
සික්ඛාපෙන්ති) යහපත් විවාහයක් කරදිය යුතුය. (පතිරූපෙන දාරෙන
සංයොජෙන්ති) සුදුසු අවස්ථාවන්හි ධනය හා දේපළ (වස්තුව) පවරා දිය යුතුය.
(සමයේ දායජ්ජං නීයදෙන්ති) මේ අනුව සදාචාරය අධ්‍යාපනය, විවාහය, ආර්ථික
සුරක්ෂිත බව දරුවා සම්බන්ධයෙන් සලසා ලීම් බුදුරදුන් විශේෂයෙන් අනුමත
කරන ලද බව දත යුතුය.
“බහුකාරා භික්ඛවෙ මාතා පිතරෝ පුත්තානං ආපාදකා,පොසකා, ඉමස්ස ලෝකස්ස
දස්සේතාරෝ” (මහණෙනි,මව්පියවරු දරුවන්ට බොහෝ උපකාරශීලිහු වෙති.
මෙහෙයවන්නෝ වෙති. පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති)
සුප්පතිකාර සූත්‍රයේ එන මේ කරුණුවලින් පෙනෙන්නේ දරුවා සමාජයට යෝග්‍ය
එහි ක්‍රියාත්මක වීමට හැකි පුද්ගලයකු ලෙස සැකසීම මව්පිය කාර්ය භාරයක්
වන බවය.
ආපාදකා – මෙයින් අදහස් වනුයේ දරුවාගේ කායික මානසික කුසලතා වර්ධනය කිරීම
ය. දරුවෙකුගේ මිනිස්කම පිබිදෙන ආකාරයට දරුවා පිළිබඳව සංරක්ෂණශීලි
සම්බන්ධතාවක් ඇති කරගැනීම මෙයින් අදහස් කෙරේ. අපගේ අටුවාචාර්යයන්
වහන්සේලා “ආපදාකාති අනුපාලකා” යනුවෙන් විගහ්‍රයක් දක්වමින් දරුවන් නිසි
මඟ මෙහෙයවීම,” “ආපාදකා” යනුවෙන් ගැනෙන බව ප්‍රකාශ කර ඇත. දිවි පැවැත්ම
සඳහා අවශ්‍ය වැටහීම ලබා දීම මෙයින් අපේක්ෂා කෙරේ. මව්පියවරුන් පූර්ව
ආචාර්යවරුන් වන්නේද එබැවිණි.
දරුවා විධිමත් අධ්‍යාපනයකට යොමු කිරීමට පෙර ලැබිය යුතු ව්‍යවහාරික
කුශලතාව මෙයින් අපේක්ෂා කරනු ලැබේ. ළදරු අවස්ථාවේ දරුවා අනතුරු විපත්
නොහඳුනයි. එබැවින් තමාම තමා රැකෙන්නට දැනගන්නා තෙක් දරුවා ආරක්ෂා කළ
යුතු බව අංගුත්තර නිකායේ කාමේසු පළාලිත සූත්‍රයෙහි දක්වා තිබේ. “යතො ච
ඛො සො භික්ඛවේ චුද්ධෝ හෝති අලං පඤ්ඤෝ අනපෙක්ඛෝ පන භික්ඛවේ ධාති තස්මිං
කුමාරෝ හෝති, අත්තගුත්තෝදානි කුමාරෝ නාලං පමාදාය” (මහණෙනි, යම්
අවස්ථාවක සිට ඒ දරුවා අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නේද, එකල්හි ඒ දරුවා
කෙරෙහි දැන් කුමරා තමාම රැකෙයි. ප්‍රමාදයට යෝග්‍ය නොවෙයි යනුවෙන් දැන
තව දුරටත් ආරක්ෂා කරන්නට අවශ්‍ය නොවෙයි) දරවාගේ ජීවිතය නිසි ලෙස මෙහෙය
වීම යනු මෙයයි.
පෝසකා – මෙයින් අදහස් වන්නේ පෝෂණයයි. එහෙත් ශරීර පෝෂණය පමණක් මෙහිදී
අදහස් නො කෙරේ. මානසික අත්දැකීම්වලින් පෝෂණය කිරීමද මෙයට ඇතුළත් වේ.
ඉමස්ස ලෝ්කස්ස දස්සේතාරෝ – ලෝකය පෙන්වා දෙන හඳුන්වා දෙන අය වශයෙන්
මව්පියන් මෙහි දී හඳුන්වා දී ඇත. ලෝකය හඳුන්වාදීම යනු ලෝකයේ ඉටු අනිටු
රුචි අරුචි තත්වයන් හඳුන්වා දීමයි. අංගුත්තර නිකාය අට්ඨකථාවේ මෙය අටුවා
කර ඇත්තේ මෙසේය.
“මව්පියන් දරුවා උපන් දවසේම දෙපයින් ගෙන කැලයට,ගඟට ප්‍රපාතයට දමන්නේ
නම් ලෝකයේ ඉටු අනිටු තත්ත්වයන් දැනගන්නට නොලැබෙයි. එසේ නොකර දරුවා
වර්ධනය කරමින් පෝෂණය කරමින් කටයුතු කරන නිසා මේ ලෝකයේ දුක හා සැප
තත්ත්වයන් මව්පියන්ගෙන් දැක ගනියි . දරුවාට මේ ලෝකය හඳුන්වා දෙන්නවුන්
හැටියට මව්පියන් සලකන්නේ ඒ නිසාය”.
මතු සම්බන්ධයි.
බුදු දහමයි ගිහි දිවියයි 05 මෙලොව පරලොව දිනන කරුණු සතරක් |