කල්ලංචිය ශෛලබිම්බාරාමයේදී සද්කාරක සේවාවක්
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ප්‍රධාන පැවිදි අනුශාසක
මහා විහාර වංශික සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී
බුද්ධරක්ඛිත මහා නාහිමියන් සහ කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහ විහාරයේ
විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි ඉංගී‍්‍රසි
දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ සහ
සම්බෝධි දායක සභාවේත්, බෞද්ධයා මාධ්‍ය ජාලයේත් උපදෙස් පරිදි පින්කම්
රාශියක් සංවිධානය කොට ඇත.
ඉතිරිය»
ශාසනික ආගමික සාමාජික අධ්‍යාපනික වශයෙන් නොනිමි මෙහෙවරක් පිහිට විය
යුතු තැන නිර්ලෝභීව පිහිට වන පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි
රටක අගනාම සම්පතකි. අධ්‍යාපනය ලබන දරු පරපුර, අද දරුපරපුර හෙට වැඩිහිටි
පරපුර වෙයි. එබැවින් හෙට දින වෙනුවෙන් හැදෙන වැඩෙන දරු පරපුර දැනුමෙන්
පෝෂණය කිරීමෙහි ලා යම් මෙහෙවරක් සිදු කළ හැකි නම් එය මහ මෙහෙවරකි.
ඓතිහාසික යුග මෙහෙවරකි. පාසල් අධ්‍යාපනය ලබන දරුවා ගුණ නැණ බෙලෙන්
පෝෂණය කිරීමේ උදාර අරමුණෙන් අත්තනගල්ල රජ මහා විහාරාධිපති, මහා
විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදි
සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය ධුරන්දර ආචාර්ය පන්නිල ශ්‍රී
ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිගුකලක සිට ශාසනික, ආගමික, සාමාජික
හා අධ්‍යාපනික ආදී වශයෙන් උදාර මෙහෙවරක නිතරවන ආදර්ශවත් සංඝ පීතෘන්
වහන්සේ නමකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දාන පාරමිතාව
මානව ධර්මයන් සමාජගත සිද්ධාන්ත සමඟ ගැළපීමේදි පුද්ගලයාට අත්‍යවශ්‍ය
ක්‍රියාකාරිත්වය වන්නේ දානයයි. මේ නිසා පුද්ගලයා යහපත් තැනැත්තෙකු බවට
පත්වන්නට පරිත්‍යාගය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වූ අයුරු මානව
ඉතිහාසයේ සෑම කාර්යකදීම සනිටුහන් වී ඇත. පරිත්‍යාගය නිසාම මානව පරපුර
යුගයෙන් යුගයට නොනැවති අඛණ්ඩව පියවර තබන්නේය.
ඉතිරිය»
රැස්වෙහෙර හෙවත් සැසේරුව බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි පුද බිම
මෙම පුදබිම පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ
නැඟෙනහිර හතළිස් පහේ කෝරළේ ගල් වැවට ඊසාන දෙසිනි. ගල්ගමුව නිකවැව
මාර්ගයේ සැතපුම් අටක් පමණ හැරී ගොස් එයින් ඊසාන දෙසට තවත් සැතපුම් අටක්
පමණ ගිය පසුව මෙම පුදබිම හමුවේ. කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක
දෙකේ මායිම් ප්‍රදේශයේ මෙම පුදබිම පිහිටා ඇත. මෙහි දක්නට ඇති ප්‍රධානතම
පූජනීය වස්තුව වන්නේ පිහිටිගලෙහි මතු කර අව්කන මහ බුදු පිළිමය මෙන් වූ)
හිටි බුදුපිළිමය වේ. මෙම බුදුපිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ
ප්‍රදේශයේ ජනතාව අතර පවතී. එයින් එකක්වන්නේ මෙම බුදුපිළිමය අව්කන බුදු
පිළිමයට පෙර සාදන ලද බවයි. මෙහි හිටි බුදු පිළිමය නිර්මාණය කිරීමේ දී
මෙම පර්වතය ඒ සඳහා සුදුසු නැති නිසා අව්කන බුදුපිළිමය නෙළිමට එම
ගල්පර්වතය තෝරාගත් බවද එම ජනප්‍රවාද වලින් එකකි. කෙසේ වුවද අව්කන හිටි
බුදුපිළිමය නෙළා ඇති පර්වතය මෙන් මෙම රැස්වෙහෙර බුදුපිළිමය
සම්පූර්ණයෙන්ම නෙළා නැතිවා පමණක් ද නොව මෙම ශිලා පර්වතය තරමක් දිරන්නට
හැරී ඇති බවද දක්නට ලැබේ.
ඉතිරිය»
|