අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය – තථාගතයන් වහන්සේ ගොඩනැගූ සමාජවාදී
ප්‍රජාතාන්ත්‍රික සමාජය නම් සංඝ සංස්ථාවයි. බෞද්ධ ආරාමික සංස්ථා
සියල්ලක් ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටක විමර්ශනය කිරීමෙන්
පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින්
විමසීමට ලක් කරන්න.
පිළිතුර – සංඝ යනු සාමූහිකත්වයයි, සාංඝික ක්‍රමය යනු සමූහයාට පවරන
අයිතියයි. සංඝ යන පොදු නාමයෙන් හඳුන්වන මෙහි භික්ෂූ භික්ෂුණී යනුවෙන්
කොටස් දෙකකි. සංඝ සාමාජිකත්වය ලබා ගැනීමට විශේෂිත කිහිප දෙනෙකුට හැර
ඕනෑම පුද්ගලයෙකුට වාරණ කිසිවක් නැත. විවිධ සමාජ කරුණු සැලකිල්ලට ගෙන
විශේෂිත පුද්ගලයන් තිස් නව දෙනෙකුට ඊට ඇතුළත් වීමට අවස්ථාව ලබා දී
නොමැත. එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේ. ඒ අයට ශාසන
බ්‍රහ්ම චර්යාවෙහි නිරතවීමට කායික හා මානසික වශයෙන් යහපත් තත්ත්වයක්
නොමැතිවීම නිසා ගත් පොදු තීරණයකි.
බුදුරදුන් ආරම්භ කළ ශාසනය විධිමත් සංවිධානයකි. එහි සෑම ඉරියව්වක්ම
විනයානුකූලව පැවැත්විය යුතු වේ. සාමාජිකයන් බඳවා ගැනීමෙහි දී අනුගමනය
කළ යුතු ක්‍රියා මාර්ගය හා ඔවුන්ගේ සුදුසුකම් ද, ඔවුන් ස්ථීර
සාමාජිකයන් බවට පත් කර ගැනීමෙහිදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගද විනය
පිටකයේ දක්වා ඇත.
දිනක් ආනන්ද හිමියන් වහන්සේ පිරිසක් සමඟ “සොබ්බ” නම් ස්ථානයට වඩින විට
එහි විසු “සන්දක” පිරිවැජියා සිය අතවැසියන් සමඟ කොක් හඬලමින්
සිනාසෙමින් නොයෙකුත් අවිචාරශීලි කතාවල යෙදී සිට ඉදිරියට පැමිණේ. ආනන්ද
තෙරුන් දුටු ඔහු තම පිරිසට පැවසුවේ “කෑගහන්න එපා, සිනාසෙන්න එපා.
නිශ්ශබ්ද වන්න. ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ශ්‍රාවකයන් සමඟ ආනන්ද තෙරහු
පැමිණෙති. ඒ තෙරවරු නිශ්ශබ්ද බව, ශාන්ත බවට, විනීත බවට බෙහෙවින් කැමැති
අය වෙතියි” යනුවෙනි.
සංඝ ශාසනය, සංඝයා විසින් සංඝයා සඳහා ඇති කර ගැනුණු, සංඝයාගේ ම පාලන
ක්‍රමයකි. වැරැදි කරන්නන්ට දඬුවම් දීමේ ක්‍රමද වඩාත් ප්‍රජාතාන්ත්‍රික
ලක්ෂණවලින් යුක්තය. මානුෂික ද වේ. සාධාරණීකරණයෙන් යුක්තය. දඬුවම
ඒකපුද්ගල අභිමතය මත සිදු නොවේ. චෝදනාව චෝදක සින් පැහැදිලිවම සාධක මගින්
තහවුරු කරන තුරු චුදිතයා නිදහස් පුද්ගලයෙකි.
ප්‍රශ්නය – “ඍෂීන්” විසිනුත් ලෙහෙසියෙන් නොලැබිය හැකි ඒ උතුම් තත්ත්වය
දෑඟුල් නුවණක් ඇති ගැහැණියන් විසින් කෙසේ ලැබිය හැකිද? (සං.නි. 1
භික්ෂුණිසං)
අන්ධ වනයෙහි දිවා විහාරගතව සිටි සෝමා මෙහෙණිය වෙත මහ මද්දහනෙහි පැමිණි
මාරයා කළ ප්‍රකාශයකි. ඉහත දැක්වෙන්නේ. බුද්ධ කාලය වන විට කාන්තා නිදහස,
ශක්තිය හා අයිතිය සීමා කිරීමට හේතු වු සමාජ ආකල්පය “ද්වංගුල පඤ්ඤ”
යනුවෙන් අවමානි හැඳින්වීමක් දැක්වේ. එය කාන්තාවක් උදෙසා යොදන ලද්දේ ඒ
අනුවය. බෞද්ධ භික්ෂුණී ශාසනයෙහි ආරම්භය නිසා මේ සංකල්පය වෙනස් වු අයුරු
පැහැදිලි කරන්න.
පිළිතුර – භික්ෂුණී ශාසනය ඇරැඹීමෙන් මෙම ගතානුගතික කාන්තාව පිළිබඳ
ආකල්පය බිඳ වැටුනු අයුරු මහා ප්‍රජාපති ගෝතමීන් ගේ ප්‍රකාශයකින්
කියවෙයි. පිරිනිවන් පෑමේ පුවත ඇසීමෙන් කනස්සල්ලට පත් ආනන්ද තෙරුන් අමතා
ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ මෙසේ පවසති.
“පුතණුවනි, ඔබ වහන්සේ ගේ ආයාචනය පරිදි තථාගතයන් වහන්සේ අපට ස්ත්‍රීන්ට
පැවිද්ද අනුමත කළ සේක. පුතණුවනි දුක්වන්නට එපා. ඔබ වහන්සේ ගේ උත්සාහය
සඵලයි. පෞරාණික තීර්ථක ඇදුරන් විසිනුත් නුදුටු ඒ උතුම් තත්ත්වය සත්
හැවිරිදි සුකුමාර කුමරියන්ට ලබා දෙන ලදී.”
භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් සමාජයේ මුල් බැසගෙන පැවැති මිථ්‍යා ආකල්පය
බිඳ වැටුණු අතර ශාසනික පැවිද්ද ලබා ගත් දහස් සංඛ්‍යාත කාන්තාවෝ
පුරුෂයන් මෙන්ම මාර්ග ඵලාධිගමය කළහ. පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ
යන ත්‍රිවිධ ශාසනයෙහි සමාන අන්දමින් කොටස්කරුවෝ වූහ. අග තනතුරු ලැබූහ .
කාන්තාවන් පිළිබඳ බෞද්ධ සංකල්පය ඔවුන්ට සමාජයේ සමාන අයුරින් වරප්‍රසාද
භුක්ති විඳීමට දොර විවර වීමකි. එමගින් කාන්තා සමාජයේ ඇති වු මහත්
ප්‍රබෝධයත් ආශ්වාදයත්, සෝමා මෙහෙණිය විසින් මාරයාට පළ කරන ලද්දේ මෙසේය.
“සිත සමාහිත වු විට, යථාර්ථ ඥානය පහළ වු කල, ධර්මය මැනවින් දන්නා
තැනැත්තාට ස්ත්‍රීභාවය කුමක් කරයිද ? මාරය මම ස්ත්‍රියක් වෙමි.
පුරුෂයෙකු වෙමි. කවරකු හෝ වෙමි යන අහංකාරය ඇත්තවුනට ම ඔබේ ඔය කතාව
කියන්න.
ප්‍රශ්නය – ධර්මයෙන් හා චරණයෙන් සමන්නාගත තථාගතයන් වහන්සේට අනුගාමික
ශ්‍රාවකයන්ගෙන් ලැබුණේ අපමණ සාදර ගෞරවයකි.
මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ
මහත්මා ශක්තිය උන්වහන්සේට ලැබුණේ යහපත් චර්යාව, උත්තරීතර ආත්ම ශක්තිය
හේතු කොට ගෙනය. බුදු සිරිතේ අවස්ථා පදනම් කොට ගෙන සාකච්ඡා කරන්න.
පිළිතුර – කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ දැකීම ඇසුරු කිරීම
අනිවාර්යංගයක් කොට ගත්තේය. හෙතෙම දින කීපයක් රාජකාරි කටයුතු නිසා
බුදුරදුන් දැකීමට අවස්ථාව නොලැබ මාලිගයට පැමිණි විගසින් මධ්‍යාහ්නයෙහි
ම විහාරයට ගියේය. ඔහු ඇතුළු ගඳ කිළියෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ ළඟ
වැඳ වැටී දෙපතුල සිඹ දෑතින් පිරිමදිමින් “ස්වාමීනි මම කොසොල් රජු වෙමි.
ස්වාමීනි මම කොසොල් රජු වෙමි”යි තමන් පැමිණි බව දැන්වීය.
”මහරජ ඔබ කුමක් නිසා මෙවැනි පරම ගෞරවයක්, මෛති‍්‍ර උපහාරයක් කරන්නේදැ”
යි විමසූ භාග්‍යවතුන් වහන්සේට රජතුමා මෙසේ පිළිතුරු දෙයි.
ස්වාමීනි, මම කෘතඥතාව කෘතවේදී බව වටහාගෙන මෙසේ කරමි. භාග්‍යවතුන්
වහන්සේ කල්‍යාණ ධර්මතාවයෙන් බහු ජනතාවගේ හිත සැප පිණිස ක්‍රියා කරන
සේක. ආර්ය මාර්ගයෙහි පිහිටුවන සේක. භාග්‍යවතුන් වහන්සේ ආර්ය ශීල
සම්පන්න සේක. විවේක සේනාසන භජනය කරන සේක. ලද පමණින් සිවුපසයෙන් සතුටුවන
සේක. ලොවට පින්කෙත වන සේක, අර්හත් වන සේක. එබැවින් මෙවැනි උපහාර
දක්වමි.
(දාතිය කොසල සුනු අනි) තථාගතයන් වහන්සේ වෙත ජනතාව ඇදී යෑමට හේතු වු
කරුණු මෙබඳුය.
ඒවා තේරුම් ගත් සමාජයේ ඉහළ පහළ සෑම තලයකටම අයත් ජනතාව මහත් ප්‍රසාදයක්
දැක්වූහ. ඉසිදත්ත, පුරාණ යනු වඩුවෝ දෙදෙනෙකි. තථාගත ගුණ දැකීමෙන් වටහා
ගැනීමෙන් උපාසකත්වය ලබා සිටි ඔවුහු දිනක් බුදුරජාණන් වහන්සේ හමුවෙහි
මෙසේ කීහ. “ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් රටට
වඩින සේකයි කියා අසන්නට ලැබුණු විගසම භාග්‍යවතුන් අපෙන් ඈත්වෙතැයි අපට
මහ දුකක් දොම්නසක් නොසතුටක් ඇති වෙයි. වැඩි සේකැයි කියා අසන්නට ලැබුණු
විගසම අපෙන් ඈත් වු සේකැයි කියා අපට මහ දුකක් දොම්නසක් නොසතුටක් ඇති
වෙයි. භාග්‍යවතුන් වහන්සේ මගධයෙන් කොසොල් රටින් සැවැතට චාරිකාවේ වඩින
සේක. කියා අසන්නට ලැබුණු විගසම භාග්‍යවතුන් වහන්සේ අපට ළංවන සේක කියා
මහා සොම්නසක් සතුටක් පී‍්‍රතියක් ඇති වෙයි. සැවතට වැඩින සේකැයි අසන්නට
ලැබුණු විගසම භාග්‍යවතුන් වහන්සේ අපට ළංවූ සේකැයි කියා මහා සොම්නසක් –
සතුටක් පී‍්‍රතියක් ඇති වෙයි.
මේ අන්දමින් පොදු ජනතාව තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරව,දරණීය හැඟීම්
බහුල වන සේ නික්ලේශී ශාස්තෘත්වය නිසාය.
ප්‍රශ්නය – නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්මය ප්‍රචාරය කිරීම,
බෞද්ධයන්ගේ සදාතනික ප්‍රතිපත්තියයි. බුද්ධ චරිතයෙහි සිදුවීම් පසුබිම්
කොට ගෙන මෙම බෞද්ධ පිළිවෙත අගය කරන්න.
පිළිතුර – සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂු තම බුදුරජාණන් වහන්සේ තමන්ට
ඉද්ශ ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත්, ලොකෝත්පත්තිය නොදක්වන නිසාත්,
නොසතුටට පත්ව බුදුරදුන්
අතහැර දමා යන බව ප්‍රකාශය කළහ. ඒ අවස්ථාවේ දී තථාගතයන් වහනසේ සුනක්ඛත්ත
කැඳවා මෙසේ පැවසූහ.
”සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කීවෙමිද?
නැත, ස්වාමීනි
සුනක්ඛත්ත – මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි කියා ඔබ මට කියෙහිද?
නැත. ස්වාමීනි
සුනක්ඛත්ත – මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම
භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කොතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?
මෙයින් පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිඥා දීමෙන් (වර්තමානයේ ඇතැම්
අන්තවාදීන් මෙන්) ධර්ම සමාදානයට පුද්ගලයන් පොළඹවා ගැනීමක් බුදු දහමෙහි
නොමැති බවයි. මිනිසාගේ (උපසමාය) ව්‍යපසමය– (අභිඥය) අවබෝධය – (සම්බෝධාය)
සම්බුද්ධත්වය (නිබ්බාණය) නිර්වාණය සඳහා (අක්ඛාතාරෝ තථාගතා) මග දැක්වීම,
තථාගතයන්ගේ කාර්යයි. එම නිදහස් චින්තන මාර්ගය සුරක්ෂිත වන සේ ධර්ම
ප්‍රචාරය කිරීම බෞද්ධයන්ගේ සදාතනික පිළිවෙත වී තිබේ.
ප්‍රශ්නය – සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වු ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමා සමග මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය
සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට
සංචාරය කළේය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට
පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද ?
පිළිතුර – වලිසිංහ හරිස්චන්ද්‍රතුමා. ඔහුට ජාතියේ උපහාරය පිණිස
අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය නම් කොට ඇත.
ප්‍රශ්නය –ක්‍රි. පූ. තුන් වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ
සංකේත භාවිතා කරමිනි. ඒ සඳහා කලාකරුවන් යොදා ගත් සංකේත කවරේදැයි
පැහැදිලි කරන්න.
පිළිතුර – සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් ශ්‍රාවක
පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා
සංකේත භාවිතා විය.
දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍ය බෝධින් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන
සංකේත වශයෙන් භාවිතා කළහ.
ප්‍රශ්නය – යුරෝපීයයන් තමන් උරුමකරගත් ආගම තම වැඩිහිටි වියෙහිදි අතහැර
දමා බුදු සමය වෙත ඇදී ඒමට ඔවුනට අතිශය ආකර්ෂණීය වු තාර්කික වු හේතු
තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත ආකර්ෂණීය වු සමහර ඉහළ අතිශය
ප්‍රසිද්ධියට පත් වු අයයි. ශී‍්‍ර ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ
විශ්වාස වාසයකින් තොරව ඔවුන් බුදුසමය වෙත ආකර්ෂණීය වීමට හේතු පැහැදිලි
කරන්න.
පිළිතුර – ලන්ඩන් විහාරාධිපති මැදගම ශී‍්‍ර වජිරඥාන නාහිමි අභිනන්දන
ග්‍රන්ථයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා මෙම ප්‍රශ්නයට ලියූ
පිළිතුරකි මේ.
බටහිර විද්වතුන් තුළ බුදු සමය ජන විශ්වාසයන් අධිවාසනයෙන් සැළකීම හෙවත්
සහනසීලිත්වය බටහිර ලෝකයේ ඊශ්වරවාදී හෙවත් සර්වබලධාරි දෙවිකෙනෙකු ගේ
සර්වාධිපත්‍ය පූර්ණ විශ්වාසය තැබූ ආගම් ගැන පමණක් දැන සිටි ඔවුනට
බුදුසමයේ වන සහනසීලි දර්ශනය අමුතුම අත්දැකීමක් වූ බව පෙනේ.
තවද යුරෝපීය ජනයා දාහත්වන දහ අටවන සියවස්හි අති දරුණුම මනුෂ්‍ය ඝාතක
යුද්ධ කිහිපයක් තම තමන් අතර යෙදුනාහ. එසේම පසළොස්වන සියවසින් පසුව
ස්පාඤ්ඤය , පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල යටත්
විජිතයන් පිහිටුවාගෙන ඒ ඒ රටවල පැවති ආගම් වෙනුවට තමන් අදහන අන්‍ය
ආගමික ධර්ම ස්වරූපය එම පෙදෙස්හි පතුරුවා හැරිමට මහත් උත්සාහයක යෙදී
සිටියහ. එම ප්‍රයත්නයන්හි දී වධ හිංසා හා මනුෂ්‍ය ඝාතන නිරන්තරව සිදුවු
ආකාරය ඉතිහාසයෙන් පෙනේ.
මින් කනස්සල්ලට පත් වු යුරෝපියෝ බුදු සමයෙහි එන මානව හිතවාදී සහනසීලි
ආකල්පය මහත්සේ ආකර්ෂණීය විය.සුප්‍රකට දාර්ශනිකයෙකු වු බර්ටර්න්ඩ් රසල්
(1872 – 1970) විසින් මෙසේ කියා තිබේ.
ඉතිහාසයෙහි දක්නා ලැබෙන ශ්‍රේෂ්ඨ ආගම් අතුරෙන් මගේ කැමැත්ත බුදු සමය
වෙතටය. කුමක් හෙයින් ද? එහි මුල් ස්වරූපයෙහිදී අන්‍යම පීඩනය අඩුවෙන්
දැක්ක හැකි බැවිනි. |