ශී‍්‍ර දළදා මාලිගාවේ
කාර්තික මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික
මංගල්‍යය මේ මස 6 වෙනිදාට යෙදෙන පසළොස්වක පෝදා
චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින රාත්‍රි කාර්තික මංගල්‍යය
පෙරහර පැවැත්වෙන අතර පහන් පුජාවට අවශ්‍ය තෙල් මහනුවර නාථ
දේවාල භූමියේදි බෙදාදීම පෝයට පෙරදින සවස සිදු කෙරේ.
ඉතිරිය»
මෙත් බෝසත් විවරණය සිදු වු ඉල් පොහොය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන
ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ
දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිතේ ප්‍රබලත්වය
‘චිත්තං කීවේ සිතටයි. සිත ගැන බුදු පියාණන් වහන්සේ හැර ලෝකයේ
කිසිකෙනෙක් තාම අත ගැහුවේ නෑ. අත ගහලා බේරෙන්නත් බෑ. ඒ සිත ඒ තරම්
ගැඹුරුයි. ඒ තරම් සියුම්. ඒතරම් ප්‍රණීතයි. එතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ
ලෝක ධාතුවේ නැහැ. මගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ තමයි සිත
පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම ධර්මයෙහි හරියට විග්‍රහ කළේ.එනිසා
පින්වතුනි, බෞද්ධ ශ්‍රාවකයන් වූ ශ්‍රාවිකාවන් වූ මේ අප හැම දෙනාම ඒ
මාගේ ධර්මස්වාමි වූ අමාමෑණියන් වහන්සේ මෙන්න මේ සිත ගැන විග්‍රහ කරන
විදිය ඉහත ගාථාවෙන් පෙන්වා වදාළා.
ඉතිරිය»
ධාතු නිධානෝත්සවය 23 වන දා සිදුකෙරෙන අනුරාධපුර සඳහිරු සෑය
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමේ දී ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව
සිදුකෙරේ. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික වශයෙන් එම ත්‍රිවිධ චෛත්‍ය
නම් කරනු ලැබේ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදීම
උන්වහන්සේගෙන් ලබාගත් කේශධාතුන් වහන්සේ තැන්පත් කර ධාතු ස්ථූප කරවා
වන්දනා කළ අයුරු පැහැදිලි වේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආදාහනය
සිදු කළ අවස්ථාවේදී ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා ලබාගෙන චෛත්‍ය කරවා
පූජෝපහාර දැක්වූහ. එසේ උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා
තැන්පත් කර ඉදි කරවන ලද චෛත්‍යය ශාරීරික චෛත්‍යය වේ.
ඉතිරිය»
|