ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය
ශී‍්‍ර දළදා මාලිගාවේ
කාර්තික මංගල්‍යය
කේ.බණ්ඩාරනායක
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය මේ මස 6 වෙනිදාට යෙදෙන
පසළොස්වක පෝදා චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින රාත්‍රි කාර්තික
මංගල්‍යය පෙරහර පැවැත්වෙන අතර පහන් පුජාවට අවශ්‍ය තෙල් මහනුවර නාථ
දේවාල භූමියේදි බෙදාදීම පෝයට පෙරදින සවස සිදු කෙරේ. කීර්ති ශ්‍රී
නරේන්ද්‍රසිංහ රජතුමා කළ පටන් පවත්වාගෙන එනු ලබන මෙම මංගල්‍යය ශ්‍රී
දළදා මාලිගාවේ වසරේ සිදුකරන සතර මංගල්‍යයයෙන් එකකි. රටේ සෞභාග්‍ය
ප්‍රාර්ථනා කරමින් පවත්වන කාර්තික මංගල්‍යය දින දල්වන පහන් තෙල් ශී‍්‍ර
දළදා මාලිගාවෙන් සපයනු ලබන්නේය. කාර්තික මංගල්‍යය පෙරහර ඉල් පෝදා ශ්‍රී
දළදා මාලිගාව අභියසයෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ සංචාරය කරනු ඇත. පහන්
දැල්වීමට අවශ්‍ය තෙල් මහනුවර සතර දේවාල ප්‍රධාන විහාරස්ථානවලට සැපයීම
සිදුකෙරෙන්නේ ශ්‍රී නාථ දේවාල භූමියේදීය. |
|
|
ඉල් පසළොස්වක පෝය
ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා
බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|