අස්ථිර වූ ලොව
ස්ථිර වූ ත්‍රි ලක්ෂණ
කොටපොළ මුගුණුමුල්ල
ශ්‍රී බෝධිමළු විහාරයේ
මැදිරිගිරියේ නාරද හිමි
ලෞකික වශයෙන් තාවකාලි සැප සම්පත් විඳිමින් ඒවායේ අන්තයටම ගිය
පුද්ගලයන්ට මෙම ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම අපහසුය. එනමුත් ලෝකයේ යථාර්ථය
එයයි. එය තේරුම් ගෙන අනේක දුක්පීඩා විඳිමින් ගෙවන මේ සසර ගමන නිමා කර
ලබන නිවන් සැපය හැර වෙනත් සැපයක් ලබාගන්නා ක්‍රමවේදයක් බුදුදහම තුළ
නොමැත. එසේනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ත්‍රිලක්ෂණය
අවබෝධ කරගත යුතුය
බෞද්ධයන් වන සියලු දෙනා විසින් වහ වහා අවබෝධ කරගත යුතු ධර්මයක් ලෙස
ත්‍රි ලක්ෂණය පෙන්වාදිය හැකිය. ඒ මන්ද අප සියලු දෙනා දැනටමත් ත්‍රි
ලක්ෂණයට අයත් වී හමාර හෙයිනි. එනමුත් වත්මන් සමාජය තුළ ත්‍රි ලක්ෂණය
කුමක්ද? යන්න අවබෝධයක් නොමැති පුද්ගලයන් සිටීම බෞද්ධ කියන නාමයට මදි
කමකි. “බෞද්ධ” යන්නෙහි සරල අදහස “බුද්ධිමත්” යන්නයි.
ලෞකික වශයෙන් තාවකාලික සැප සම්පත් විඳිමින් ඒවායේ අන්තයටම ගිය
පුද්ගලයන්ට මෙම ත්‍රිලක්ෂණ තේරුම් ගැනීම අපහසුය. එනමුත් ලෝකයේ යථාර්ථය
එයයි. එය තේරුම් ගෙන අනේක දුක්පීඩා විඳිමින් ගෙවන මේ සසර ගමන නිමා කර
ලබන නිවන් සැපය හැර වෙනත් සැපයක් ලබාගන්නා ක්‍රමවේදයක් බුදුදහම තුළ
නොමැත. එසේනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත
යුතු ය.
අනිත්‍ය යනු ත්‍රි ලක්ෂණයේ පළමුවැන්නයි. අනිත්‍ය යන්නෙහි අදහස නම් නියත
නොවන බවයි. එනම් ලොව නිත්‍යවූත්, ස්ථිරවූත් ජීවියෙක් හෝ වස්තුවක්
නොමැති බවයි. උදාහරණයක් මෙසේ දැක්විය හැකිය. “වාසය කිරීම සඳහා ස්ථිර
යැයි කියමින් සාදාගන්නා ගෘහය විවිධ පැහැයෙන් යුත් සායම්වලින් ඔබ අලංකාර
කරයි.” නමුත් ඉතා කෙටි කලකින් එය වෙනස් වී යනු ඇත. මෙලෙස වසරකට
දෙවතාවක් තුන්වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් වුවද ඔබ ගෘහය සායම් කරනු ඇත.
එනමුත් එය ස්ථිරව පවත්වාගෙන යාමට නොහැකිය. නැවත නැවත වෙනස් වනු ඇත.
අස්ථිර ස්වභාවයට පත්වනු ඇත. මෙම අස්ථිරතාවය ධර්මානුකූලව වටහාගැනීම
ත්‍රි ලක්ෂණයේ පළමු පියවර හෙවත් අනිත්‍යයයි. යම් හේතුවක් කරනකොටගෙන
ඇතිවන යම් ධර්මයක් වේද එම හේතුව නැතිවූ විට එම ධර්මයන් නැතිවනු ඇත.
එසේනම් අනිත්‍ය යනු මොහොතින් මොහොත වෙනස් වී පැවැත නැති වන බවයි.
නිදසුනක් ලෙස අප ඇසින් දකිනා රූප විවිධය. ක්ෂණයක් පාසාම වෙනස් වනු ඇත.
කනට ඇසෙන ශබ්දයන් ද එසේමය. විවිධය. එකිනෙකට වෙනස්ය. මෙය අප ජීවිත වලටද
එලෙසම බලපානු ඇත. මේ වෙනස ධර්මානුකූලව අවබෝධ කර ගැනිම තුළින් ත්‍රි
ලක්ෂණයේ පළමුවැන්න හෙවත් “අනිත්‍ය” තේරුම් ගත හැකිය. ත්‍රිලක්ෂණයේ
දෙවැන්න “දුක්ඛ” යන්නයි. දුක පිළිබඳ නිර්වචන අවශ්‍ය නැත. ලෞකික ජීවිතයේ
දී සැපයැයි සිතා විඳිනුයේ දුකය. පෙර සඳහන් කළ අනිත්‍යතාවයට ලක්වන සියලු
සංස්කාර ධර්මයන් දුක්ඛ සහගතය. මෙම දුක පිළිබඳව නිවැරැදිව නිදසුන් අප
සම්මා සම්බුදු රදුන්ගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රයේ
සඳහන් කර ඇත. එය මෙසේ ය. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි
දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියේහි සමිපයෝගෝ දුක්ඛො, පියේහි විප්පයෝගෝ
දුක්ඛෝ යනාදී වශයෙන් දක්වනුයේ ජාතිය ජරාව ව්‍යාධිය අපි‍්‍රයයන් හා
එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම යන මේ කරුණු සියල්ල දුක් බවයි. එනමුත්
වර්තමානයේ මේ දුක පිළිබඳව ඇතැම් පුද්ගලයන්ට වැටහෙනුයේ එම තත්ත්වයට
පත්වීමෙන් පසුවය. “කෙනෙකු මියගිය පසු දුවා දරුවන් සහෝදර සහෝදරියන් ඥාති
හිත මිත්‍රාදීන් හඬාවැළපීම සෝකවීම එයට නිදසුනකි” එම දුක තම තමන්ට උරුම
වන බව පෙර අවබෝධකරගෙන නොතිබීම එයට හේතුවක් වශයෙන් දැක්විය හැකිය. ලාභ,
අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, දුක්, සැප යන අෂ්ඨලෝක ධර්මයෙන් කම්පා
නොවී සිටීමද දුක්ඛ යන්න අවබෝධකරගැනීම වශයෙන් දැක්විය හැකිය.
“අනාත්ම” යනු ත්‍රිලක්ෂණයේ තෙවැන්නයි, අනාත්ම යන්නෙන් අදහස් කරනුයේ
මාගේ යැයි කිවහැකි කෙනෙකු හෝ දෙයක් නොමැති බවයි. බුදුදහම තුළදී අනාත්මය
පිළිබඳ සඳහන් වන්නේ මෙලෙසයි. “ලොව පවතින සජීවී අජීවී ජීවීන් හා වස්තූන්
ඇතිවී නැතිවී යන බවයි.” මෙම ක්‍රියාවලියම දුකට හේතුවන බව බුදු දහම
පෙන්වාදී ඇත. තමාට අයත් නොවන දෙයක් හෝ කෙනෙක් තමාගේ යැයි යන වැරැදි
ආත්ම දෘෂ්ටිය නිසා මෙය ඇති වන්නකි. ශරීරය ඒකාකාරීව පවත්වාගෙන යාම සඳහා
විවිධ රූපලාවන්‍ය කටයුතු කළද සම රැළි වැටීම, හිසකෙස් පැසීම, දත් වැටීම,
නැවැත්වීමට නොහැකිය.එසේ කරනුයේ ශරීරය මාගේ යැයි සිතන නිසාය. ඒ තුළින්
ලබනුයේ තාවකාලික සුවයකි. පරම සුවය ලබාගත හැක්කේ මමය මාගේය යන හැඟීම
ප්‍රහීණය කළ විටයි. මෙලෙස මමය මගේයැයි දෙයක් හෝ පුද්ගලයෙකු නොමැති බව
තේරුම් ගැනීම අනාත්මය වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙලෙස ත්‍රිලක්ෂණය
තුළින් සිදුකරනුයේ නිත්‍යවූත් ස්ථිරවූත් කිසිවක් ලොව නොමැති බව හා
එවැනි අස්ථිරත්වයක් බලාපොරොත්තුවෙන් නොසිටින තැනැත්තා දුකට පත්වන බවත්
එසේම එම අනිත්‍ය හා දුක ඇති තැනක මමය, මගේය පැවසිය නොහැකි (අනාත්ම)
බවය. බෞද්ධයන් වන සියලු දෙනා විසින් මෙම ධර්මය අවබෝධකරගත යුතු ය. ඒ
තුළින් පරම සුවය හෙවත් නිවන ලබාගත හැකිය.
“ආරෝග්‍ය පරමා ලාභා
සංතුට්ඨි පරමං ධනං
විස්වාසා පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං”
“පරම ලාභය නිරෝගී කමයි.
පරම ධනය සතුටයි
පරම ඥාතියා විශ්වාසයයි.
පරම සුවය නිවනයි” |