|
|
මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතර සනත්
ජයසූරිය ක්‍රීඩාංගණයේදී මෙවර පැවති ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා
සමාරම්භක මහෝත්සවයේදී දකුණු පළාත්
ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය, ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් පිරිනමන ලද
“ශාසන සේවා කීර්ති ශ්‍රී දේශාභිමානී”
සම්මානයෙන් පිදුම් ලැබුවාය. ආණ්ඩුකාරතුමිය
විසින් ඊට අදාළ සන්නස ශී‍්‍ර ලංකා රාමඤ්ඤ
මහා නිකායේ මහානායක නාපාන පේමසිරි
මාහිමිපාණන් වෙතින් ලබා ගත් අයුරු |
|
|
කෝට්ටේ රජමහා විහාරයේ
පෙරහර මහෝත්සවය
කෝට්ටේ රජමහා විහාරය ජනතාවගේ මහත්
ගෞරවයට පාත්‍ර වන ඓතිහාසික සිද්ධස්ථානයකි. එම කෝට්ටේ රජමහා
විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මහ පෙරහර
මහෝත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02
වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|