ශ්‍රී දළදා සමිඳු
තේවාවට පත්වෙති
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මෙවර මහනුවර
අස්ගිරි මහා විහාරයට බාර ගැනීම පසුගිය ඇසළ පෝය දිනයෙන් පැරැණි
චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. පසුගිය වසරේ ඇසළ පුර පෝයදින සිට මෙම වසරේ
ඉකුත් ජූලි 12 වෙනිදාට යෙදී තිබුණ ඇසළ පුර පෝයදින තෙක් ශ්‍රී දළදා
සමිඳු තේවාවබාරව මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය වැඩ සිටියහ.
ඉතිරිය»
මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම
මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගීතා
පදනම මඟින් ගෙවීගිය වසර කිහිපය පුරා ආදර්ශවත් උදාර සමාජ මෙහෙවරක් ඉතා
අප්‍රකටව සිදුකර ඇත.
ඉතිරිය»
තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතා දීර්ඝ කාල පරාසයකිනි. ලොව
දුර්ලභ කරුණු පිළිබඳ සඳහන් කරන තැන ‘බුද්ධුප්පාදොච දුල්ලභෝ යනුවෙන්
සඳහන් කරන්නේ එම විශේෂත්වය නිසාමය.බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කිරීමෙන්
බුදුබවට පත්වෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් සත්තිස්බෝධි පාක්ෂික ධර්ම පිරිය
යුතුය. විශේෂයෙන් පාරමිතා ධර්ම පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන
ත්‍රිවිධ ආකාරයට සම්පූර්ණ කිරීම බුද්ධත්ත්වය ප්‍රාර්ථනා කරන
බුද්ධාංකුරයන් වහන්සේගේ කාර්යය වෙයි. බුදුබව පතනා බෝධිසත්වරු වීර්යාධික
ශ්‍රද්ධාධික ප්‍රඥාධික යනුවෙන් ත්‍රිවිධ ආකාර වෙති. වීර්යාධික බවින්
යුත් බෝසත්වරයකු සොළොසාංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන්ම
බුද්ධත්වයට පත් වෙති. අටසාංඛ්‍ය කල්ප පෙරුම් දම් පිරීමෙන් ශ්‍රද්ධාධික
බෝසත්වරු බුද්ධත්වයට පත් වෙති. ප්‍රඥාධික බුද්ධාංකුරයකු සාරාසංඛ්‍ය
කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් බුද්ධත්වයට පත්වෙති.
ඉතිරිය»
දැල්වෙන පහන් සිළ
සිරි පැරකුම්බා පිරිවෙන
කෝට්ටේ-යන නාමය පරම්පරා ගණනාවක් රැගෙන
ආ-එතැනින් නොනැවතී ඇතුල් කෝට්ටේ පිටකෝට්ටේ වශයෙන් මායිම්
වෙන් කළ ඒ ඓතිහාසික සුවිශේෂී මහා පවුරේ අංශු මාත්‍රයක් හෝ
අද දැක ගැනීමට ඉතිරිව ඇති භූමිය ඇතුළත්ව ඇත්තේ ඇතුල්
කෝට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථාන භූමිය තුළ ය.
ඉතිරිය»
|