ගල්කන්ද සිරි නිකේත පිරිවෙන
උඩුගම්පොළ
බර්ටි ලයනල්
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රභූ බෞද්ධ
ජනතාවගෙන් පිරුණු සාරවත් බිම් ප්‍රදේශයක විශාල ශෛලමය පර්වතයන්ගෙන් හා
ජල පොකුණු වලින් අලංකෘත වූ ගල්කන්දේ මුල මහා විහාරස්ථ සිරි නිකේත මහ
පිරිවෙන ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පායි.
සිංහල රාජ වංශ කථාවෙහි වළගම්බා රජු (ක්‍රි.ව. 103 – 102) සිය සේනාව
සංවිධානය කරන අතර මෙම ස්ථානයේ විවේකීව රැඳී සිටි බව ජනප්‍රවාදයේ එන
මතයකි. එනිසාම මෙම ස්ථානය සිරි නිකේත යන නාමයෙන් හඳුන්වා ඇති බව
ව්‍යවහාරගතව පවතී.
ඈත අතීතයේ සිටම ආරණ්‍යවාසී භික්ෂූන් මෙහි සමාධි සුවයෙන් වැඩ සිට බවුන්
වැඩි බවද පරිසරයේ දක්නට ලැබෙන කටාරම් සහිත ගල්ලෙන් දිය පොකුණු මනාව
සනාථ කරත්.
ආදි කාලීන තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානය රැක ගනිමින්
ප්‍රදේශවාසීන්ගේ ආගමික මෙන්ම සාමාජයික අවශ්‍යතා ඉටුකර දී ඇතිබවටද සාධක
හමුවේ.
ඉංගී‍්‍රසි පාලන කාලයේදී (ක්‍රි.ව. 1800 ) මෙම ස්ථානය සිද්ධස්ථානයක්
ලෙසින් මෙන්ම දේවාලයක ස්වරූපයෙන් පැවැති බව ජනප්‍රවාදයේ එන කෝවිල්වත්ත
දේවාලකැලේ යන ප්‍රදේශ නාමයන්ගෙන් තවදුරටත් පැහැදිලි වෙයි. මෙම විහාර
කර්මාන්තය කෙරෙන අවධියේ ඉංගී‍්‍රසි ආධිපත්‍යයට යටත්ව තිබූ බවට සාධකයක්
ලෙස විහාරයට පිවිසුම් දොරටුව ඉංගී‍්‍රසි ධජය හා රාජ්‍ය ලාංඡනය සහිතව
නිර්මාණය කර තිබීම ගෙනහැර දැක්විය හැකිය.
1840 දී මෙම ස්ථානයට වැඩම කළ දීවෙල ශ්‍රී සීලවිමල ස්වාමින් වහන්සේ මහගම
ගුණසිරි තිස්ස, දීවෙල සුමනසිරි, දෙවනගල විමල බුද්ධි, මාන්ගමුවේ
පඤ්ඤාජෝති යන පැවිදි නාමයෙන් දරුවන් සතර දෙනෙක් සසුන්ගත කරවමින් මෙම
ස්ථානය බෞද්ධ ආරාමයක් බවට පත් කර ඇත.
මේ අතරින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වූ මහගම ගුණසිරි තිස්ස හිමි වේයන්ගොඩ
ප්‍රදේශයේ වැඩ වාසය කරමින් සිටියදී දීවෙල ශී‍්‍ර සීලවිමල ස්වාමින්
වහන්සේගේ අපවත් වීමෙන් පසු දීවෙල සුමනසිරි ස්වාමින් වහන්සේට මෙම
ස්ථානයේ ආධිපත්‍යය හිමිවිය. උන් වහන්සේ තම සහෝදර දෙනම කොළඹ මාළිගාකන්දේ
විද්‍යෝදය පිරිවෙනට යොමුකර ශාසනාරක්ෂක කටයුතු මෙන්ම වතාවත් මනාව හුරු
පුරුදු කරවා නැවත මෙම ස්ථානයට වැඩම කිරීමෙන් පසු කරන ලද ශාසනික සේවාවන්
ඉමහත්ය.
චෛත්‍ය රාජයාණන් වහන්සේ |
1924 දී ප්‍රාදේශීය නාහිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මහා සංඝ
සමුළුවේදී මතුවන යෝජනාවක් අනුව සිරිනිකේත පිරිවෙන ස්ථාපිත කරවා
පරිවේනාධිපති ධූරය දෙවනගල විමලබුද්ධි හිමි වෙත හා එහි කෘත්‍යාධිකාරි
ධූරය මාන්ගමුවේ පඤ්ඤාජෝති ස්වාමින් වහන්සේ වෙත පිරිනැමූහ.
මේ යුගය ගල්කන්ද පිරිවෙනේ ආගමික ජාතික හා අධ්‍යාපනික යන සියලු අංගයන්
මනාව පරිපූර්ණ වූ ස්වර්ණමය යුගය වශයෙන් හැඳින්විය හැකිය .
1983 වසරේදී තොරණාගොඩ සුමනසිරි ස්වාමින් වහන්සේ මෙහි වැඩම කිරීමෙන්
අනතුරුව ක්‍රියාකාරි දායක සභාවක් ආරම්භ කර ගොදුරු ගම්වාසීන්ගේ මූල්‍ය
හා ශ්‍රම දායකත්වයක් ජලනළ පද්ධතිය සවිකිරීමෙන් විහාරය, තොරණ චෛත්‍ය
ප්‍රාකාරය දෙමහල් සංඝාවාසය, දාන ශාලාව යනාදී විහාරාංග ඉදිකරමින් මෙම
ස්ථානයට නව ජීවයක් ලබා දුන්හ.
අතීතයේ සිටම මෙම පිරිවෙනෙන් උගත් බුද්ධිමත් වියතුන් ලොවට දායාද කළ අතර
දැනට උපාධිධාරින් 26 දෙනෙකු උසස් සමාජ තලයක වැජඹේ. එවන් වටිනා කාර්යකට
ඇප කැප වී උරදුන් ඇහැලියගොඩ සෝරත, අස්සැන්නවත්තේ රතනජෝති කිතුල්වල
පඤ්ඤාසිරි යන ස්වාමින් වහන්සේලාද ගෞරව පූර්වක සිතින් සිහිපත් කළ
යුතුමය. 1995.05.02 දින රජයේ ලියාපදිංචි පිරිවෙනක් වූ මෙම පිරිවෙනෙහි
ප්‍රගති සමාලෝචනය කළ පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට පඤ්ඤාරාම හිමිපාණන්
වහන්සේ 2003 වසරේ සිට මෙය මහ පිරිවෙනක් තත්වයට උසස් කරනලදී.
මෙම පිරිවෙනෙහි අභිනවයෙන් ඉදිකරන ලද පිරිවෙන් ශාලාව ඉකුත් මස 28වන දින
විවෘත කිරීමට නියමිතව තිබිණි.
|