සංකල්ප විහාරයේ දින සියයක පින්කම්
පිළියන්දල, මාකන්දන, ශ්‍රී සංකල්ප මහා විහාරස්ථානයේ දී ජූලි 02 වන දින
සිට පින්කම් මාලාවක් පැවැත්වේ. ජූලි 02 රාත්‍රී 7 ට අටවිසි ගිලන් පස
බුද්ධ පූජා පින්කම සමඟින් දින සියයක පින්කම් මාලාවක් ඇරඹිණි. මෙදින සිට
දින සියයක් පුරාම රාත්‍රී 7ට එම පින්කම් මාලාව පැවැත්වේ.
ඇසළ පුර පසළොස්වක පෝදා දහසක අධික පිරිසක් සහභාගිවන සීල භාවනා වැඩසටහන
පෙරවරු 6ට ආරම්භ වේ. මෙම සිල් වැඩසටහනට කිරම පේ‍්‍රමරතන, මිරිස්වත්තේ
ඉන්ද්‍රසිරි, කහපල නන්දරතන, කිංචිගුනේ චන්දවිමල සහ මහවත්තේ කල්‍යාණ
ධම්ම යන හිමිවරුන්ගේ ධර්ම දේශනා සහ ශ්‍රී නිමල් පද්ම කුමාරගේ ගිහි
දේශනය ඇතුළත් ය.
මෙදින රාත්‍රී 7 ට වස් ආරාධනා පින්කම පැවැත්වෙන අතර විහාරාධිපති උග්ගොඩ
ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම් සංවිධානය කෙරේ. |