UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධගයාවේදී සැමරූ වෙසක් තෙමඟුල

බුද්ධගයාවේදී සැමරූ වෙසක් තෙමඟුල

පානදුර අළුබෝමුල්ල, හොරණ පාරේ බෙස්ට් ලයිෂ් වන්දනා ආයතනය මඟින් පසුගිය වෙසක් පුන් පොහෝ දා බුද්ධගයාවේදී දඹදිව වෙසක් තෙමඟුල සමරන ලදී.

බෞද්ධයන් විසින් දැකබලා සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් ද වේ. ස්වාමිනි, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු වැඳුම් පිදුම් කරන්නේ කාටද? කියා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහණෙනි, මාගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මාගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට දැකබලා පහන්සිත් ඇතිකරගත යුතු සිද්ධස්ථාන හතරක් මා නම් කරනවා. යම් ශ්‍රාවක ශ්‍රාවිකාවක් විසින් ශ්‍රද්ධාවෙන් පහන් සිතින් ගෞරවයෙන් වන්දනා කර ගැනීමට ලැබුණහොත් ඒ තැනැත්තා සැදැහැවත් කුල පුත්‍රයෙකු වන බවත්, නියත ලෙසම සතර අපායෙන් මිදී සුගතියේ උපතක් ලබන බවත්, දේශනා කොට වදාළ සේක.

එම සථාන හතර සතර සංවේදනීය ස්ථාන ලෙස නම් කොට වදාළා. එනම් (1) සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ලුම්බිණි සල් උයන, (2) මාර පාරාජය කොට සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව (3) සහම්පතී බ්‍රහ්මරාජයාගේ ආරාධනාවෙන් පස්වග මහණුන් උදෙසා මංගල ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය (4) අනුපදිශේෂ පරිණිර්වාණයෙන් පිරිනිවන් පා වදාළ කුසිනාරා පින්බිම යන ස්ථාන වන්දනා කිරීමය.

සියලු බුදුජාණන් වහන්සේලා විසින් අත්හොරින සියලු බුදුරදුන්ගේ පා පහස ලබන පුණ්‍ය භූමි හතරකි. එම භූමි අවිජහිත ස්ථාන වේ.

1. මාරපරාජය කොට සියලු කෙලෙසුන් නසා බුදුබව ලබන බුද්ධගයාව, මංගල ධර්ම දේශනාව පවත්වනු ලබන බරණැස ඉසිපතන මිගදාය, ගෞතම බුදුන්ගේ වස්කාල 19 ගතකළ සැවැත්නුවර ජේතවනාරාමය, මව වූ මාතෘ දිවරාජයා සෝවාන් ඵලයට පත්කොට මනු ලොවට වැඩම කළ සංකස්ස පුදබිම වන්දනා කිරීම.

මෙවර වෙසක් තෙමඟුල සමරන්නට ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පිරිසට බෙස්ට් ලයිෂ් වන්දනා ආයතනයේ මඟ පෙන්වීමෙන් දෙලොව සැප පිණිස සිදුකර ගත් විශේෂ පින්කම් අතර සැවැත්නුවර ජේතවනාරාමයේ උපෝශිත සිල් සමාදන් වීම, අටපිරිකර පූජාව, සංඝික දානය, ආනන්ද බෝධි වන්දනාව, එදා රහතන් වහන්සේ විසින් පවත්වාගෙන ආ අසිරිමත් සත්බුදු වන්දනාව, කප්රුක් පූජාව සිදු විය. එමෙන්ම බුද්ධගයාවේදීද, ලුම්බිණියේදීද විශේෂ පින්කම් මාලාවක් සිදුවිය.

අම්මාවරුන් පියවරු අත් සිරසෙ තියා
පින් රැස් කරයි නිවනෙන් සැනසෙන්න කියා
ඔබ වැනි දූ පුතුන් හින්දා සිත පිරුණු දයා
අද දින මෙත් සිතින් වැන්දා බුද්ධ ගයා

 

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]