ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014
ථෙරවාදී බුද්ධ ධර්මයේ
මූලික ඉගැන්වීම්- අභ්‍යාසය -10
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ධර්මාචාර්ය,
ශාස්ත්‍රපති, පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
1 කොටස
1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න
1.වරහන් තුළ දී ඇති පදවලින් ඒ ඒ ආර්ය සත්‍යයට ගැළපෙන පදය තෝරා හිස්තැන්
පුරවන්න
(ප්‍රහාණය කළ යුතුය, සාක්‍ෂාත් කළ යුතුය, පිරිසිඳ දත යුතුය. වැඩිය
යුතුය)
(අ) දු:ඛාර්ය සත්‍ය
(................................................................)
දු.ඛ සමුදයාර්ය සත්‍යය
(........................................................)
2.හිස්තැන් පුරවන්න
“නිවන
යනු..........................................................යි
3.භාව රූප දෙක නම් කරන්න
4.යේ ධම්මා හේතුප්පභවා...මෙම ගාථාව සම්පූර්ණ කර ලියන්න
5.පටිච්ච සමුප්පාදයට අයත් අංග දොළහෙන් ඔබ කැමැති හතරක් ලියන්න
6.ලොව නියාම ධර්ම පහක් ක්‍රියාත්මක වේ. ඉන් තුනක් ලියන්න
7.කරුණු තුනක් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය එම නම ලබයි. ඒ කරුණු තුන
ලියන්න
8.පඨවි ආදි දස කසිණ අතුරින් හතරක් නම් කරන්න
9.ශීල විශුද්ධිය ආදී විශුද්ධි ධර්ම හතකි. ඉන් හතරක් ලියන්න
10.සති ආදි බොජ්ඣංග ධර්ම හතෙන් හතරක කාර්යන් දක්වන්න
පිළිතුරු
1. අ.දු.ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතුය
ආ.දු.ඛ. සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළයුතුය
2. නිවන යනු රාග, දෝස, මෝහ ක්ෂය වීමයි
3.1.ඉත්ථි භාව 2. පුරිස භාව
4.යෙ ධම්මා හේතු ප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ
තෙසංසඤ්ච යෝ නිරෝධො - එවං වාදි මහා සමණෙ
5.අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ ,නාමරූප, සළායතන, ඵස්ස , වේදනා, තණ්හා,
උපාදාන, භව, ජාති, ජරා, මරණ
6.උතු නියාම ,
බීජ නියාම
කම්ම නියාම
ධම්ම නියාම
චිත්ත නියාම
7.සෝවාන් ආදි සතර ආර්ය ඵලය ලබා දෙන නිසාත්
ආර්ය නම් වූ ගුණාංග අටකින් යුක්ත වූ නිසාත්
නිවන් අරමුණු කරගත්තවුන් විසින් සේවනය කළ යුතු පිළිවෙත නිසාත් ආර්ය
අෂ්ටාංගික මාර්ගය නම් වේ.
8.පඨවි, ආපෝ, තේජෝ, වායෝ , නීල, පීත ,ලෝහිත, ඕදාත, ආකාස,,ආලෝක
9. සීල විසුද්ධි , චිත්ත විසුද්ධි, - දිට්ඨි විසුද්ධි, කංඛා විතරණ
විසුද්ධි – මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි,
ඤාණ දස්සන විසුද්ධි
10. සති සම්බොජ්ඣංගය – කමටහනෙන් සිත බැහැරව යන්නට නොදී පාලනය කිරීමයි
ධම්මච්චය සම්බොජ්ඣංගය – කමටහන ප්‍රකට කර දෙයි
වීර්ය සම්බොජ්ඣංගය –අත්නොහැර භාවනාව දිගටම කරගෙන යාමට සිතට රුකුල් දේ
පීති සම්බොජ්ඣංගය – භාවනා කාය පිළිබඳව සිත පිනවයි
පස්සද්ධි සම්බොජ්ඣංගය – කාය චිත්ත පීඩාවන් සන්සිඳවයි.
සමාධි සම්බොජ්ඣංගය –භාවනා අරමුණෙහි සිත නොසැලෙන ලෙස පිහිටුවයි
උපේක්ඛා සම්බොජ්ඣංගය - සියලු බොජ්ඣංගයන් සමතාවයෙන් පවත්වා ගැනීමයි
2 කොටස
2.1 සංස්කාරයන්ගේ ලක්‍ෂණ 03 ලියා දක්වන්න
2.පංචස්ඛන්ධ විභාගයෙහි ලා දැක්වෙන සඤ්ඤා, විඤ්ඤාණ යන දෙකෙහි වෙනස
පෙන්වා දෙන්න.
3. අට වැදෑරුම් කර්ම විග්‍රහයක් ඉදිරිපත් කර ඇත්තේ පැරැණි භාරතයේ කවර
ආගමික ඉගැන්වීමක් දැයි පෙන්වා දෙන්න
3.1 සතර සම්‍යක් ප්‍රධාන කවරේ’දැයි කෙටියෙන් හඳුන්වන්න
2.සමථ භාවනාව කෙටියෙන් හඳුන්වන්න
3.චතුරාර්ය සත්‍යය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යයන් හතර ලියා
දක්වන්න
පිළිතුරු
2.1 උත්පාද
ඨිති
භංග යනුයි
2.යම් යම්දේ හැඳින ගැනීම සංඥාවයි. රූප,ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අරමුණක්
ඇති බව දැන ගැනීම විඤ්ඤාණයයි.
3.ඤාණාවරණීය , දර්ශනාවරණීය, වේදනීය, මෝහනීය ,ආයුෂ කර්ම, භව කර්ම, නාම
කර්ම, ගෝත්‍ර කර්ම ආදි වශයෙන් නිගණ්ඨ නාථපුත්ත ශාස්තෘවරයා කර්මය
අටවැදෑරුම් කොට උගන්වයි.
3.1නූපන් අකුසල් නොඉපදීම පිණිස ගන්නා උත්සාහය
උපන් අකුසල් ප්‍රහීණ කිරීමට ගන්නා උත්සාහය
නූපන් කුසල් ඉපදීම පිණිස ගන්නා උත්සාහය
උපන් කුසල් පැවැත්ම පිණිස නොවිසිරීම පිණිස ගන්නා උත්සාහය
2.සමථ භාවනාව හා චිත්ත භාවනාව යනු එකම භාවනා ක්‍රමයයි. සමථ භාවනාව
පංචනීවරණ නමින් හැඳින්වෙන අකුසල ධර්ම සමනය කර ගැනීමට ඉවහල් වන
භාවනාවකි. එම නීවරණ සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කර
ලීම මෙම භාවනාවෙන් සිදු වේ.
3.දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ දැන යුතුය (පරිඤ්ඤෙයපං)
දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාරණය කළ යුතුය (පහාතබ්බ)
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුය
(සච්චිකාතබ්බ)
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යයට වැඩිය යුතුය
(භාවේ තබ්බ) |