ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්- අභ්‍යාසය - 8
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ ධර්මාචාර්ය,
ශාස්ත්‍රපති, පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
1 කොටස
1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න
1.දුක්ඛ යන්නෙහි දාර්ශනික අර්ථය පෙන්වා දෙන්න
2.සංස්කාරයනගේ ලක්‍ෂණ තුන ලියා දක්වන්න
3.පංචස්ඛන්ධ විභාගයෙහි ලා දැක්වෙන සඤ්ඤා, විඤ්ඤාණ යන දෙකෙහි වෙනස
පෙන්වා දෙන්න.
4.ප්‍රත්‍යායාකාර පටිච්ච සමුප්පාදය යන්න හඳුන්වා දෙන්න
5.අට වැදෑරුම් කර්ම විග්‍රහයක් ඉදිරිපත් කර ඇත්තේ පැරණි භාරතීය කවර
ආගමික ඉගැන්වීමක දැයි පෙන්වා දෙන්න.
6.සංඛාර විඤ්ඤාණ දෙක අතර පවත්නා සම්බන්ධය කෙටියෙන් පැහැදිලි කරන්න.
7.කුසල මූල හා අකුසල මූල යන දෙක කෙටියෙන් හඳුන්වා දෙන්න
8.සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා ඉවහල් වන මූලික කරුණු දෙක කෙටියෙන්
පැහැදිලි කරන්න
9.බෝධිපාක්‍ෂික ධර්ම යන්නෙහි අදහස කෙටියෙන් ලියා දක්වන්න.
10.’විමුක්ත පුද්ගලයා ‘ යන්න ධර්මානුකූලව නිර්වචනය කර දක්වන්න.
පිළිතුරු
1.පාලනය කළ නොහැකි බව, හිස් බව, අසාර බව යන අරුත්ය
2.උත්පාද, ඨිති, භංග
3.යම් යම්දේ හැඳින ගැනීම සඤ්ඤාවයි. රූප,ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අරමුණක්
ඇති බව දැන ගැනීම විඤ්ඤාණයයි.
4.හේතු,ආරම්මණ ,අධිපති ආදි වශයෙන් ප්‍රත්‍ය විස්තරයක් යටතේ පටිච්ච
සමුප්පාදය විවරණය කර ඇත.
5.ඤාණාවරණීය, දර්ශනාවරණීය, වේදනීය, මෝහනීය, ආයුෂ කර්ම, භාව කර්ම , නාම
කර්ම ගෝත්‍ර කර්ම ආදී වශයෙන් ජෛන ආගමෙහි ඉගැන්වේ.
6.කරන ලද කුසල් අකුසල්වලට අනුව රැස්වී ඇති කර්ම ශක්තිය සංඛාර නම් වේ.
එම සංඛාර රැදී පවතින්නේ විඤ්ඤාණ ප්‍රවාහයෙහිය.
7.ලෝභ,ද්වේෂ, මෝහ යන අකුසල මූලයි.අලෝභ, අදෝස, අමෝහ කුසල මූලයි
8.පරතෝඝෝෂය හා යෝනිසෝමනසිකාරය යන දෙකයි.
9.චතුරාර්ය සත්‍යාවබෝධය බෝධි නමි , ඒ සඳහා ඉවහල් වන ධර්ම සමූහය බෝධි
පාක්‍ෂික ධර්ම නමින් හැඳින්වේ.
10. රතන සූත්‍රයෙහි එන “ඛීණං පුරාණං “ආදි ගාථාවෙහි දැක්වෙන අදහස දක්වා
තිබීම අපේක්‍ෂිතයි
11 කොටස
2.1.කාම තණ්හාව ආදී තෘෂ්ණාවේ ප්‍රභේද 03 දක්වා සැකෙවින් පැහැදිළි
කරන්න.
2.උච්ඡේදවාදය සහ ශාස්වත වාදය සැකවින් පැහැදිලි කරන්න
3.චක්ඛු ආදි අටලොස් ධාතු නම් කර ඉන්ද්‍රිය ,ආරම්මණ ඉන්ද්‍රිය විඤ්ඤාණ
යන අංශ 3 වගුගත කර දක්වන්න.
3.1 පටිච්ච සමුප්පාදයේ ද්වාදසංගං ප්‍රතිලෝම වශයෙන් දක්වන්න
2.පටිච්ච සමුප්පාද ධර්මයේ විශිෂ්ටත්වය නිදසුන් දක්වමින් සාකච්ඡා කරන්න
3.ආසන්න කර්මය හා ආචින්න කර්මය සැකවින් පැහැදිලි කරන්න
පිළිතුර
2.1 තෘෂ්ණාවේ ප්‍රභේද 03 නම්
1.කාම තණ්හා
2.භව තණ්හා
3.විභව තණ්හා යනුයි
1.කාම තණ්හා :- පංච කාම වස්තූන් කෙරෙහි ඇලීම්බැඳීම් වශයෙන් ඇති වන
ආශාවයි.
2 භව තණ්හා :- භවය පැතීම වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටිය සමග පැවැති රූප
අරූප භවයන්හි ඇල්ම හා ධ්‍යාන සැප පිළිබඳ සියුම් ඇලීමයි.
3.විභව තණහා :- සත්වයා මරණින් මතු යළි ඉපදීමක් නොවන්නේය. මේ ජීවිතයෙන්
අවැතක් වන්නේය යන උච්ඡේද දෘෂ්ටිය සමඟ ඇතිවන තණ්හාවයි
2.උච්ඡේද වාදය යනු ආත්මයක් තිබී මරණින් එය විනාශ වේ යැයි පැවසීම සත්වයා
මේ තත්ත්වයෙන්ම වැනසේ.මින් මතු ඉපදීමක් නැත.
ශාස්වත වාදය යනු ආත්මය මරණින් මතු ද නිත්‍ය වශයෙන් පවති යයි පැවසීමයි.
නොසැලෙන, නොවන ආත්මයක් ගැන කියවෙන ආත්මවාදය ද ශාස්වත දෘෂ්ටියයි.
3.ඉන්ද්‍රිය ආරම්මණ ඉන්ද්‍රිය විඤ්ඤාණය
චක්ඛු ධාතු රූප ධාතු චක්ඛු විඤ්ඤාණ ධාතු
සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු
ඝාණ ධාතු ගන්ධ ධාතු ඝාණ විඤ්ඤාණ ධාතු
ජිව්හා ධාතු රස ධාතු ජිව්හා විඤ්ඤාණ ධාතු
කාය ධාතු පොට්ඨබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු
මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු
3.1 අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ
සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ
විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ
නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ
සලායතන නිරෝධා ඵස්ස නිරෝධෝ
ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ
වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ
උපාදාන නිරෝධා භව නිරෝධෝ
භව නිරෝධා ජාති නිරෝධෝ
ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සා නිරුද්ධන්ති
2.පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීම සම්බෝධියයි. පටිච්ච සමුප්පාදය බුද්ධ
ධර්මයේ මූලික ප්‍රතිෂ්ඨාවයි. යේ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං
පස්සති යන්න එය තහවුරු කරයි. පටිච්ච සමුප්පාදය ගැඹුරු දහමකි. එම නිසා
බුදුහු දහම් නොදෙසා සිටීමටද අදහස් කළහ. පටිච්ච සමුප්පාදය තථාගතයන්
වහන්සේගේම අමුතු නිර්මාණයක් නොව ලොව පවතින නියාම ධර්මයකි. එය ලොවට හෙළි
කර දෙන්නේ තථාගත බුදුවරුය.
3.ආසන්න කර්ම යනු මරණයට ආසන්න අවස්ථාවේදී සිදු කළා වූ හෝ මරණයට ආසන්න
අවස්ථාවේ සිතට පැන නැගෙන කුසල – අකුසල චේතනා ආසන්න කර්ම නම් වේ.
මට්ටකුණ්ඩලී මරණ මංචකයේ බුදුරදුන් කෙරෙහි පැහැදී දෙව්ලොව උපත ලැබීම
නිදසුන් ලෙස දැක්විය හැක.
ආචිණ්ණ කර්ම යනු කලක් මුළුල්ලේ පුරුදු කරන ලද හෝ නිරන්තරයෙන් සිහි කරන
ලද කුසල අකුසල කර්මයි. ධම්මික උපාසක දෙව්ලොව ඉපදීම හා චුන්ද සූකරික
අපාගත වීම නිදසුනකි.
|